අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කරනු ලැබූ අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වී දිනක් වැනි කෙටි කාලයකදී එය මිලියන 30ක රසික පිරිසක් නැරඹූ බවට තොරතුරු වාර්තා වේ.
වාර්තා වන අන්දමට මෙම ප්‍රචාරක පටය නිකුත් කර ඇත්තේ විනෝදාස්වාදය සඳහා වෙන්වුණ 'ස්ටාර් ප්ලස්' නාළිකාව තුළින් පළමු වරට විකාශය කර තිබුණු අතර, එම ප්‍රචාරක පටය නිකුත් කළ අවස්ථාවේදීම විශාල ප්‍රේක්ෂක පිරිසක් එය නරඹන්නට වූ බව මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර ඇත.
මෙම චිත්‍රපටයේ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට නවක නිළි පූජා හෙඩ්ජ් රංගනයෙන් දායක වී වනු ඇත. මේ වනවිට මෙරට EAP චිත්‍රපට ශාලාවලද මෙය තිරගත වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අති විශිෂ්ඨ ගණයේසිනමා නිර්මාණයක් වෙයි, (හේ)