අනුරාධපුර මැදි මහ විදුහල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් විය. මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති අවසන් මහ තරගයේදී අනුරාධපුර මැදි විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 3 කින් දෙහිවල ශාස්ත‍්‍රාලන්ද විදුහල පරාජය කිරීමට සමත් වූහ.
අවසන් මහ තරගයට සහභාගි වූ මෙම විදුහල් දෙක වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසට උසස්වීම් ලැබීය.
ශාස්ත‍්‍රානන්ද විදුහල ඕවර 43 කදී කඩුලූ 8 ට 170 (රවිඳු සංජීව 67, රවිඳු දුෂ්මන්ත 36, අමිල ප‍්‍රනාන්දු 32, සංදීප් නිසංසල 24/2, කසුන් වේරංග 37/2)
අනුරාධපුර මැදි මහ විදුහල ඕවර 41.4 කදී කඩුලූ 7 ට 171 (සංදීප් නිසංසල 38, ප‍්‍රභාත් ධර්මසේන 34, අජිත් සඳරුවන් 22, රන්දිම ඉන්ද්‍රරත්න 21)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම් . ක්‍රීඩා උපදේශක කීර්ති මහතාට අපේ කෘතඥ තාවය .(නදී)
අනුරපුර ටීම් එකට හැමෝටම යන්න බැහැයි කියන්නේ?? (නි)
මෙන්න අපේ සෙන්ට්‍රල් කොල්ලෝ. (නි)