හොලිවුඩ් සිනමාවට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තුවෙන් සිටි සුපිරි චිත්‍රපටයක් වූ 'බැට්මෑන් වොස් සුපර් මෑන් - ඩවුන් ඔෆ් ජොයිස්ටික්' හෙට දිනයේදී හොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතය. සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය බෙන් ඇෆ්ලොක් 'බැට්මෑන්' ලෙසත්, හෙන්රි කැවිල් 'සුපර් මෑන්' ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරති. මොවුන් දෙදෙනාට අමතරව මෙහි එන 'ඩයනා ප්‍රින්සස්' හෙවත් 'වෝන්ඩර් වුමන්' ලෙස ගාල් ගාඩොට් රංගනයේ යෙදේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 257ක වියදමකින් තැනුණු මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළ හොලිවුඩ් චිත්‍රපටය ලෙසද සිනමා ඉතිහාසයට එක්වේ. එමෙන්ම මෙම චිත්‍රපටය 2009 වසරේ තිරගත වූ ජේම්ස් කැමරන්ගේ 'ඇවටර්' චිත්‍රපටයට පමණක් දෙවැනි වන අතර, 'ඇවටර්' චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක වියදමකින් නිර්මාණය වී ඇත. 'සුපර් හීරෝ' චරිත කිහිපයක්ම මෙම චිත්‍රපටයට ඇතුළත්ව තිබෙන අතර, සිනමා විචාරකයන් පවසන්නේ ඒ නිසාම මෙම චිත්‍රපටය ඉතා ඉහළ ආදායමක් උපයා ගනු ඇති බවයි. කෙසේ වෙතත්, 'බැට්මෑන්' චරිතයට බෙන් ඇෆ්ලොක් පළමු වතාවට පෙනී සිටින අතර, හෙන්රි කැවිල් 'සුපර් මෑන්' ලෙස දෙවැනි වතාවට ප්‍රේක්ෂක හමුවට පැමිණේ. පහත දැක්වෙන්නේ මෙම චිත්‍රපටය සඳහා නිර්මාණය වූ අවසන් ප්‍රචාරක පටයයි.
දිවයිනේ ඊ.ඒ.පි මණ්ඩලයේ සැවෝයි වැල්ලවත්ත ඇතුලු කොළඹ Excel සිනමාහලේ දී මෙය තිරගතවේ.
2025 දෙසැම්බර් මස 18
669
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Batman v Superman: Dawn of Justice