(කටුනායක ටී.කේ .ජී.කපිල )
ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත A - 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ - 449 දරණ ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා යන අතරතුර ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.
මෙහි ගුවන් මගීන් 400 ක් හා ගුවන්යානා කාර්යය මණ්ඩලය 30ක් ගමන් ගෙන ඇත.
ගුවන් යානය යළිත් අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් ඔය වගේම සිද්ධියක් උනා නේද ? අපිට මතකයි .
මේවා මේ පත්තර වල යන්ද තරන් නෙව්ස් නෙමේ. සාමාන්‍ය දේවල්. අපිට magic කියලා පෙන්නන්ඩ හැදුවට .
අනේ පත්තරේ ඉඩ වෙන් කරලා උවමනාවෙන් දාන්න, මේ ගුවන් යානාව ලෝකේ පලවෙනි ගුවන් යානාවද? මේවගේ පුවත් පිටරට වල මිනිස්සු දැක්කම හිතයි, ලංකාවේ ඉන්නෙත් පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේම අය කියලා.
මේක වැදගත් වෙන්නේ මත්තල හැදුවේ මේකේ ඒව බාන්න බැහැ කියල. එත් දැනටම කීයක් කටුනායක අවාද.
එමිරේට්ස් සමාගම සේෂෙල්ස් වලටත් ඒ 380 යවනවා. ලංකාවටත් එවීමට විශාල අවශ්‍යතාවක් ඇතත් කටුනායක ධාවන පථය නිත්‍ය ගොඩ බැසීම් වලට රක්ෂණ සමාගම් එම ගුවන්යානා වලට අනුමත නොකර ඇති තත්වයක් මත ලංකාවට හදිසි අවස්තාවකදී හැරෙන්නට ඒ 380 පැමිණෙන්නේ නැත. අහෝ ලංකා..!
මත්තල හුලන් තොටුපොල විවෘත කරපු දිනයේදී බයිලා කිවුවේ නම් ඒකට ලෝකේ තිබෙන විශාලතම ගුවන් යානය වන "එයා බස් A 380" කිසිම අපහසුවකින් තොරව ගොඩ බැස්සවීම සඳහා එය නිර්මාණය කර තිබෙන බවයි ! දැන් බලාගෙන යනකොට ඒකවත් කර ගන්න බැරි තරමට ඒක නිකම්ම නිකම් බෝඩ් ලෑලි වලට පමණක් සීමාවූ ගුවන් තොටුපොළක් වෙලා ...නැත්නම් එමිරේට්ස් යානය කටුනායක යාවිද ?
ලෝකයේ තිබෙන විශාලතම ගුවන් යානයට මෙතරම් දුරක් පියාසර කිරීමට තරම් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් පුරවා ගැනීමට තරම්වත් හැකියාවක් ගුවන් යානයේ කපිතාන් වරයාට තිබුනේ නැද්ද ? මෙහෙම කපිතාන් වරයෙකුගේ පාලනය යටතේ පියාසර කරන යානයක ගමන් කිරීමට මම කැමති නැත !
ලෝකයේ තිබෙන විශාලතම ගුවන් යානයට මෙතරම් දුරක් පියාසර කිරීමට තරම් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් පුරවා ගැනීමට තරම්වත් හැකියාවක් ගුවන් යානයේ කපිතාන් වරයාට තිබුනේ නැද්ද ? මෙහෙම කපිතාන් වරයෙකුගේ පාලනය යටතේ පියාසර කරන යානයක ගමන් කිරීමට මම කැමති නැත !
නන්දලාල් ලොකුවට FRANCE කියල දල තිබුනට බුද්ධිය නම් වර්දනය වෙලා නැහැ කියල තමයි අදහස දැක්කම හිතෙන්නේ. ඕක හදිසි ගොඩ බෑමක් නොවෙයි. දුරගමන් යන ගුවන් යනා කොහොමත් තම ගමනට අවශ්‍ය ඉන්දන ලබාගැනීමට ගමන් ගන්න මාර්ගයේ ඇති ගුවන් තොටුපළවල් වලට එනවා. ඕක සාමාන්‍ය දෙයක්.