ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත්‘හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට එයාර්ටෙල් අනුග‍්‍රහය දක්වයි. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වන්ගෙන් සමන්විත තරගාවලියට වයස 45 ට, 55 ට සහ 65 ට සහ වැඩි වයස් කාණ්ඩ වලින් ප‍්‍රවීන පිරිමි කේවළ ඉසව්වෙන් තරග පැවැත්වේ. වයස 40 ට වැඩි මිශ‍්‍ර යුගල ඉසව්වක් සහ වයස 70 ට වැඩි යුගල (පිරිමි) ඉසව්වක්ද තරගාවලියට ඇතුළත්වේ. මීට සමගාමීව ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලිය ද කේවළ හා යුගල ඉසව්ව දෙකෙන් පැවැත්වීමට නියමිතය. අගෝස්තු මස 10 වැනිදා අයැඳුම්පත් බාර ගැනීම අවසන්වන අතර ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය, නො: 45, මාකස් ප‍්‍රනාන්දු මාවත, කොළඹ 7 යන ලිපිනයෙන් අයැඳුම්පත් ලබාගත හැකිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd