ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට දිනේෂ්කාන්තන් තන්ගරාජ් සමත්විය. අම්රිතා මුත්තයියා කාන්තා කේවළ ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට සමත්වුවාය. තරගාවලියේ විවෘත කේවළ ඉසව්වල අවසන් තරග පසුගියදා කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්විණ.
මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන දිනේෂ්කාන්තන් තන්ගරාජ් ජාතික ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ. තන්ගරාජ් මෙම වසර ඇතුළුව දෙවරක් ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට ද වරම් ලද ක‍්‍රීඩකයාය.
අවසන් මහා තරගයේදී පාකිස්තාන් ක‍්‍රීඩක තන්වීර් ආශික් පරදවා 6/2, 6/4, 6/2 ක් ලෙස තන්ගරාජ් ජය ලැබීය.අවසන් පුර්ව වටයේදී තන්ගරාජ් විසින් ෂාමල් දිසානායක ද, තන්වීර් ආශික් විසින් නිසන්ගන් නඩරාජ් ද පරාජය කරන ලදහ.
අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගය තරග වට 2/0 කින් අම්රිතා ජය ගත්තාය. එහිදී 6/0, 6/3 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන්විය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ
රියාස් Wednesday, 29 August 2012 05:26 PM
ජාතික ටෙනිස් තරගාවලියේ කොහොමද පාකිස්තාන් ක‍්‍රීඩක තන්වීර් ආශික් සෙල්ලන් කරන්නේ? (නි)
දිනේෂ් Thursday, 30 August 2012 12:39 PM
රියාස්, මේක විවෘත තරගාවලියක්. ලෝකයේ ඕනෑම කෙනෙකුට සෙල්ලම් කරන්න පුලුවන්. (නි)