
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපොස උසස් පෙළ 2025 විභාගය සමත් සිසුන්ගෙන් 42937ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 281810ක් පෙනී සිටි අතර ඉන් 176538ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි අග්‍රාමාත්‍යවරිය කීවාය.
විෂය ධාරා ජීව විද්‍යාවෙන් 32935ක්, භෞතික විද්‍යාව 23012ක්, වාණිජ 39608ක්, කලා 58269ක්, පොදු විෂය ධාරාව 4199ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 12472ක් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය 6043ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
2025/2026 අධ්‍යයන වර්ෂයේ සිට රුහුණ විශ්ව විද්‍යාලයට ‘භූගෝලීය තොරතුරු පද්ධති’ පාඨමාලාව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ‘ඉලෙක්ට්‍රෝනික හා බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව’ පාඨමාලාව අලුතින් හඳුන්වා දී තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය මෙම නව පාඨමාලා දෙක සඳහා සිසුන් 50 බැගින් බඳවා ගැනීමට නියමිත යැයිද කඩඉම් ලකුණු නිකුත් කර ලියාපදිංචි නාමලේඛන විශ්ව විද්‍යාල වෙත යැවීමට දැනටමත් පියවර ගෙන තිබෙන්නේ යැයිද කීවාය.
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඒ වෙනුවෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව පසුගිය මාස හයක කාලය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම විද්වත් කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම බඳවා ගැනීම් කරන්නේ පහු ගිය 76 වසරක සාපය කියන කාලේ හදපු විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා. මේ ආණ්ඩුව ට්‍රිලියන ගානක් බදු උපයල රට බංකොලොත් භාවයෙන් මුදවල ඒ සල්ලි වලින් විශ්වවිද්‍යාල කීයක් හැදුවද? අඩුම ගානේ ඔවුන් විපක්ෂයේ ඉන්න කාලේ එවකට ආණ්ඩු වලින් ඉල්ලපු 6% අධ්‍යාපනයට වෙන් කලාද?