(මනෝප‍්‍රිය ගුණසේකර)
රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු තුනක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයකුට වසර 3 1/2ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරයස් මහතා රුපියල් 10,000/-ක දඩයක්ද ඔහුට පැනවීය.
ලිහිල් දඬුවමක් ලබා ගැනීමේ අරමුණින් විත්තිකරු මෙම චෝදනාවට වරද පිළිගනු ලැබුවද විත්තිකරු හොර සල්ලි ළඟ තබාගැනීමේ සිද්ධීන් ගණනාවකටම මීට පෙර සිටම සම්බන්ධ වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ගණනාවකම නඩු ඇති බවත් කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නලීන් හේවාවසම් මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අනිවාර්ය සිරදඬුවම් නියම කළේය. චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඬුවම් නියම වුයේ සාවුල් හමීඞ් ජෙස්මින් නමැත්තාටය.
2009 දෙසැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුලියාපිටියේදී රුපියල් දහසේ (1,000/-) ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් ළඟ තබාගෙන සිටීමේ චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටීමේ චෝදනා මත විත්තිකරුට එරෙහිව හලාවත, හෙට්ටිපොළ ආදී ප‍්‍රදේශවල අධිකරණයන් හීදීත් විත්තිකරුට එරෙහිව නඩු ඇති බව හෙළි විය.
ඉදිරිපත් වු සියළු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඩ සහ සිරදඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අපේ සීයා නම් කියන්නේ මෙහෙව් රටේ පනමට පොල් හැටේ.. කියලයි.
කට්ටිය දැන් ඒ බිස්නස් එකත් පටන් අරන් වගේ.