(මනෝප්රිය ගුණසේකර)
බේකරි හිමියකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 40,000ක දඩයක්ද නියම කළේය.
බේකරියේ සේවකයින්ට අර්ථ සාථක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සීටීම සඳහා මීට වසර අටකට ඉහතදී අල්ලස් ඉල්ලා ලබා ගත් බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එම දඬුවම් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරියකු ලෙස සේවය කළ සරත් පේ්රමචන්ද්ර නමැත්තාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
25,000 ක අල්ලසකට වසර 10ක් හිරේනම් කෝටිගනන් හෙරකඒ කල අයෙකුට වසර කියක්ද? දඩුවමත් සාධාරන සහ පක්ෂපාති නොවිය යුතුයි නේද?
අල්ලසට දඩුවම් දිය යුතුය. රුපියල් 25000 ට මෙවැනි දඩුවමක් නම් රටේ මහජන මුදල් අවභාවිත කළ දේශපාලඥයින්ට දෙන දඩුවම් කොහොමද බලමු?
දෙසපලකයින්ට නීතිය නැමෙනවා. ඔය වගේ පොඩි අයට තමයි කෙලින් .
විනිසුරුවරයාට වැරදීමක් වෙලා වගේ ...දඩුවම තව ලිහිල් විය යුතුය අසාධාරණක් වී ඇත
අල්ලස වැරදි දෙයක් නමුත් මේ දඬුවම නම් පවුකාරයි.
මේකට වසර අටක් නඩු කියලා. ඕක අභියාචනය කරොත් තවත් කල් යනවා. එතකොට කෝටි ගණන් අල්ලස් ගත්තා කියන නඩු වලට කොච්චර කල් යාවිද?
මේ මහත්මයා මම පුද්ගලිකව දන්නා මනුස්සකම උපරිමෙන්ම තියන කෙනෙක්.මට මේ සිද්ධිය ගැන ඔහු කියලා තියනවා.මේ රටේ පවතින කම්කරු නීතිය කිසි විටකත් ප්රායෝගික නැති බැවින් සමහර අවස්ථා වලදී කම්කරු නිලධාරීන් පවා අසරණ වන බව ඔහු කියා තිබෙනවා.මොකක් උනත් පහුගිය කාලෙ දරු පවුල රකින්න ඔහු වින්ද දුක් මතක් වෙනකොට මගෙ ඇස් දෙකටත් කදුලු ආවා.මනුස්සකම වෙනුවෙන් උඩ ඉන්න දෙවියො පවා ඔයා දිහා බලයි සරත් අය්යා...