
(අංජුල මහික වීරරත්න)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අද(22) රාත්‍රී පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයක් කළහ.
ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය මෙම උද්ඝෝෂණය සංවිධාන කළේය.
ලිප්ටන් වට රවුමට රැස්වූ ඔවුහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දැල්වූ පන්දම් ඔසවාගෙන විරෝධය පළ කළහ.
" අධිකරණයේ ස්වාධීනත්වය බේරා ගනිමු,"ජනතා පරමාධිපත්‍ය සුරකිමු"22 ජන බලයෙන් පරදවමු" ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක් පමණ එහි උද්ඝෝෂණය කළ ඔවුහු විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුදු වචන හරුපයක් මිස, 22 නිසා මහජනතාවට සිදුවන කිසිදු අකටයුත්තක් පැහැදිලි කිරීමට මෙම විරුද්ධවාදීන් කිසිවකු මෙතෙක් සමත් වී නොමැත.
මේ බංකොළොත් මිනිස්සුන්ට තමන්ගෙම කියල අලුතෙන් උද්ඝෝෂණයක් කරන්න දන්නෙ නෑ. කලින් කොල්ලො කරපුවා කොපි කරනවා විතරයි. උපරිම බංකොළොත්!
ඉහලම අධිකරණයේ තීන්දුවකට විරුද්ධව මේ කරන්නේ අපහාසයක්. දඬුවම් ලැබෙන වැරැද්දක්. මේ ආණ්ඩුව යටතේ කොඳු නැතිවෙලා හිටපු අයට කොන්දක් ලැබිලා. දැන් රඟපානවා.
ගෙවල් වලට ගිහිල්ල නිදාගනිල්ල පව් දෙන්නෙ නැතිව , ජනතාව උඹලට හිනාවෙනව
තීන්දුව දුන්නෙ අධිකරණයෙන්. ඔයගොල්ලො උද්ගෝශනය කරන්න ඔනෙ අධිකරණයට විරුද්ධවනෙ ?
නිකන් පැට්රල් පුච්්චන්නෙ නැතිව පලයල්ලා