ඉන්දියාවේ උපත ලබා එහි හැදී වැඩුණු සුබෙයිදා අබ්දුල් තරුණිය 1948 දී පවුලේ අය සමග ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එවකට විදේශ ඇමැතිව සිටි ඩී.එස්.සේනානායක මහතාගේ අත්සනින් යුත් මෙරට පුරවැසි භාවය සහිත ගුවන් බලපත්‍රයද ලබාගත්තාය.
1954 ජූලි 24 වැනිදා මෙරට පැවැති කොළඹ නගර සභා මැතිවරණයේදී ඇය ඡන්දය භාවිතා කිරීමට පිටකොටුව, මිහිඳු මාවතේ ප්‍රාථමික විද්‍යාලයට ගියේය. ඇය ඡන්දය දමන අයුරු 1954 ජූලි 25 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.
එදා ඇයට අවුරුදු 21කි. අද ඇය 83 වැනි වියේ පසුවන්නීය. අද පැවැත්වෙන මහ මැතිවරණයේදී සිය ශාරීරික අපහසුතාද නොතකා තම පුත්‍රයා සමග පිටකොටුව ශාන්ත සෙබස්තියන් මාවතේ, අල් හිත්මා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඇය ඡන්දය භාවිතා කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි වියයුත්තේ.... දීර්ග ආයුෂ ප්‍රර්ථනා කරනවා ඇයට.(නදී)
සමාන මගේ අදහස නම් හරි.වෙන්න පුළුවන් (අ)
මේ ප්‍රවෘත්තියට මම නම් කැමතියි "වීඅයිපී නිවුස් " නැත්නම් " නිවුස් ස්පේෂල් " කියල කියන්න. (අ)
නිශාන් ඔයාගේ ඇස් සුපිරියි (නදී)
දීර්ඝායුෂ ලැබේවා ඔබට! බුදු සරණයි! (නි)
ඕහ් මේ මගේ ආච්චි (නදී)
අම්මේ, ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.දැක්කහම එදා සහ අද වෙනස මට දුක හිතුනා. (නි)
එදා සහ අද දවස අතර කෙතරම් වෙනස්කම් පවතිනවද. (අ)
කාලය කළ වෙනසක අරුමේ (නදී)
ඇස් වහක් වඳින්න හොඳ නැහැ තාම හොඳට ඉන්නවා නේද ? (නදී)
කළගුණ සලකන්නත් එක්ක ගිහිල්ල බෙලි කපන අයට කතිරේ ගැහුවද දන්නේ නැහැ!(නදී)
එදා පත්‍රය සතපහලවයි කියන්නේ ලොකු ගානක්. අද අපි නිකන් බලනවා. (නදී)
මේ කථාව බැලුවම කොළඹ ජන අනුපාතය වෙනස් වුනු හැටි හිතාගන්න පුළුවන්. (නදී)