(අංජුල මහික වීරරත්න)
2023 වසර වන විට රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දී ආණ්ඩුවට පල්ලම් බසින්නට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
දැන් පොහොට්ටුව වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ උදවියට බව කී රංගේ බණ්ඩාර මහතා 69 ලක්ෂය දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති හමුවකට සහභාගී වෙමින් රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ උදවිය සමග පොර බදන්නට කිසිදු උවමනාවක් නැති බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කාටවත් අනාගතයක් තිබුණේ නැති බව ද සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල්ද
මෙහෙමත් අනාවැකි
හීන දකින එක හොඳයි. හැබැයි ජනතාවගේ හීනය විය යුත්තේ රටක ප්‍රතිපත්ති සෑදීමට තරම් බුද්ධිමත් දේශපාලකයින්ගෙන් සැදුම්ලත් ඒ හා සමාන යැපෙන මානසිකත්වයෙන් බැහැර වූ ආධාරකරුවන්ගෙන් සැදුම්ලත් නව සංවිධානයක්... මොකද දැනට ඉන්න හැමෝම ස්ව සංවර්ධනය සලසනු විනා රටකට ඉදිරි දැක්මක් නැහැනේ. මින් බොහෝ දෙනෙක් දේශපාලනය නැත්නම් කම්කරු රැකියාවට යන්න තිබ්බ අය. ජනතා ආශිර්වාදය තවත් කොන්ත්‍රාත්කාරයින් සෙට් එකකට නම් අනිත් අය ඇස් පියාගෙන තියන දෙයක් කාලා මේ රට ඉතියෝපියාව කියලා හිතලා ඉමු...
දවල් හීනයක් දැකලා... මේවා මාධ්‍යවල දාන්න තරම් දේවල් නොවේ. අපි දකින ඒවත් කොයිතරම් තියෙනවද? අපි නම් කිටවත් කියන්න ගියේ නෑ...
වොඩ්කා බෝතලයේ උණුකර නිවාගත් තැඹිලි වතුර අරගෙන ගොස් රිය අනතුරක් කළ පුතාගේ පුත්තලම ප්‍රදේශයට අදාළ කෙනාගේ ගතිගුණවලින් හෙබි තාත්තාට අප මෙසේකීමට කැමැත්තෙමු. 2023 වනවිට ඉර නැගෙනහිරෙන් නොව බටහිරින් පායනු නියත බවයි.
මුළුරටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවලදී කොහොමද "මන්දමානසික රෝගීන් එළි බැහැලා මෙසේ කියවමින් සිටින්නේ" යන්න බරපතල ගැටලුවකි...
මොනවද මේ අනාවැකි
"2023 ආණ්ඩු පෙරළියක්"....මෙ මොන විහිලු කතාද??? බැඩුම්කරෙන් UNP ය නැත්තට නැති කරල දැනුත් UNPය සජිත්ට නොඩි මෙයාගෙ බූඩලේ වගේ තියාගෙන ඉන්නෙ.
මේවට මොනවා නම් කියනනද
නිදිමතේ ද මේ
ඔලුවේ කොණ්ඩෙ අඩුවෙලා තියෙන්නේ මොලේ කචල් හින්දා වෙන්න ඇති...!!
ආණුඩුව පෙරලුණත් බලයට ඒන්න 3% ඡන්ද ප්‍රතිශතයක් මදි බව දනනේ නැදද
කරුණාකරලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. කොරෝනා හැදිලා විකාරෙන් කියවනවද දන්නේ නැහැ. නැතිනම් මේ වගේ මොංගල් කතා කියාවිද?
එ.ජා.ප. ත් තවත් දේශපාලන පක්ෂයකි. ඔවුන් පුලුල්ව සිතිය යුතුය. වංගු වෙට්ටු දම දමා පාර්ලිමේන්තු ආව පලියට රටට සෙතක් නොවේ නම් කිසිවෙකුත් ඔවුනට ඡන්දය නොදෙනු ඇත. අපට වටින්නේ පක්ෂ නොව රටය. හරි දැක්මකින් රටට ආදරය කරන , හෙළ කමට ලැදි ධාර්මික නායකයෙකු පත්කරගෙන ආ දිනට ඹවුනුත් දිනණු ඇත. රටටත් යහපතක් වනු ඇත.
විස්කි වතුර වලට හැරවීම වැනි හාස්කම් කල හැකි මොහු කියන දේ සත්‍යයක් විය යුතුයි.
මේවා තමයි අනාවැකි... සුමනදාස පරාදයි...