(ටී.කේ .ජී.කපිල )
පසුගිය 2017 වසරේ 1/01 සිට 11/30 දක්වා වූ කාළය තුළ ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ වැටලීම් වලදී රුපියල් 10,89,434,768 ක මුදලක් ශ්‍රි ලංකා රජයට අය කර දී තිබෙන බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා නිකුත් කළ වාර්තාවකින් පැවසේ.
එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ මෙන්ම , මෙරටින් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කළ භාණ්ඩ රාජසන්තක කිරීමෙන් රුපියල් 10,38,675,103 ක මුදලක් මෙන්ම , ඒ පිළිබඳව පැවති රේගු පරීක්ෂණ වලින් අනතුරුව නියම කළ දඩ මුදල් වලින් රුපියල් 50,759,665 ක මුදලක් ද ශ්‍රි ලංකා රජයට උපයා දී ඇතැයි පැවසේ.
රත්තරන් , විදේශ මුදල් , මැණික් , දුම්වැටි , ශ්‍රි ලංකාවට ආවේනික ශාක සහ සත්ව කොටස් , විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද මේ ආකාරයට නීතිවිරෝධීව ශ්‍රි ලංකාවෙන් පිට කිරීමට සහ මෙරටට ගෙන ඒමේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම වැටලීම් විශේෂයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ තුළ මෙන්ම , කොළඹ, ගාල්ල ,ත්‍රිකුණාමලය ආදී වරාය වල රාජකාරියේ නියැලී සිටි රේගු නිලධාරීන් ක්රියාත්මක කරනු ලැබ තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම් අතුරින් මුල් තැන විදේශ මුදල් ජාවාරම් වලට එරෙහිව සිදු කරනු ලැබූ මෙහෙයුම් වලදී සිදු වී තිබෙන අතර , දෙවැන්න රත්තරන් අත්අඩංගුවට ගැනීම් වල දී සිදු වී තිබේ .
එහිදී රුපියල් 503,443,106 ක් වටිනා විදේශ මුදල් තොගයක් අත් අඩංගුවට ගෙන ඇති රේගුව , ඒ සඳහා රුපියල් 14,735,000 ක දඩ මුදලක් අය කරගෙන තිබේ .රුපියල් 257,596,449 රත්තරන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති රේගු නිලධාරීන් , ඒ සදහා රුපියල් 14,168,465 ක දඩ මුදලක් ද නියම කර තිබේ .
විවිධ වර්ගයේ මැණික් රුපියල් 92,312,829 ක තොගයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර , ඒ සඳහා රුපියල් 10,95,000 ක මුදලක් ද රේගුව අය කරගෙන තිබේ .
ශ්‍රි ලංකාවට නීතිවිරෝධීව රැගෙන ආ රුපියල් 56,754,008 ක් වටිනා දුම්වැටි අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා රේගුව , ඒ සදහා රුපියල් 63,85,000 ක දඩ මුදලක් ද ශ්‍රි ලංකා රජයට අය කර දී තිබේ .
ශ්‍රි ලංකාවට ආවේනික ශාක සහ සත්ව කොටස් මෙන්ම විදේශයන්ගෙන් එවැනි දෑ නීතිවිරෝධී ලෙස ගෙන්වීමේ දී රුපියල් 39,747,808 ක් වටිනා ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති රේගු නිලධාරීන් , ඒ සදහා රුපියල් 43,86,200 ක දඩ මුදල් නියම කර තිබේ .
මීට අමතරව රුපියල් 86,354,600 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේදී අත් අඩංගුවට ගෙන ඇති අතර , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් 2,466,303 ක් වටිනා ඖෂධ තොගයක් අත්අඩංගුවට ගෙන , ඒ සදහා රුපියල් 135,000 ක දඩ මුදලක් ද ශ්‍රි ලංකා රජයට අය කර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ලැබුන ආදායම ගැන සිතා මුවගට සිනහවක් නැගුනත් ඒ ආදායම ලැබීමට පාදක වූ හොර ජාවාරම් ප්‍රමාණය ද ආදායමට සමාන්තරව ප්‍රසාරණය වී ඇති අන්දම දුටු විට නෙතගට කඳුළු ද උනනවා.
කීයක් රේගුවේ නිලධාරීන්ගේ පවුලේ ගිණුමට කියා හොයල බැලුවනම් ඒක ඊට වැඩිය වැඩි වෙන්න පුළුවන් .
මෙච්චර විශාල මුදල් රජයට උපයා දීලත් වැඩක් නැහැ. මේ හරහා රටේ ණය බර අඩු වෙන්නැත්නම්
කොළපාටින් අපව ගුණාත්මකව අගය කළ (8) පිරිස අපව රතු වර්ණයෙන් ප්‍රමාණාත්මකව හෙළා දැකි (142) පිරිසට වඩා රටට අවශ්‍යය වනවා. කොහොමටත් කිසිදාක හොඳ - නරක අතර සමතුලිතයක් ඇති වන්නේ නැහැ. බහුතරය නරක් වූ විට රටක් පිරිහෙනවා වගේම බහුතරය ගුණාත්මකව යහපත් වුනහමත් රට දියුණුව කරා ගමන් කරනවා. අපි එවැනි ලෝකයක් පතමු!