වසර 2017ට නියමිත තෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකවේ හම්බන්තොට නගරයේදී පැවැත්වීමට ශ්රී ලංකාව උත්සාහ ගනිමින් සිටී. රටවල් 44ක් සහභාගී වන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය දැරීමට වියට්නාමය හා මලයාසියාවද උනන්දුවක් දක්වන බව වාර්තා වන නමුත් එහි සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි. හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ෂි ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කිරීමට නියමිත සක්‍යතා අධ්‍යයන වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා සිංගප්පූරුවේ පිහිටි ආසියානු ඔලිම්පික් කමිටු මූලස්ථානය වෙත ගොස් සිටිති. එහිදි ඒ සම්බන්ධයෙන් සිංගප්පූරු ජාතික ඔලිම්පික් සභාව හා එහි ජාතික කී‍්‍රඩා අධිකාරියේ ප‍්‍රධානීන් සමගද ඊයේ (2) සාකච්ඡා කළ බවත් එහි සිට ”ලංකාදීප”යට අදහස් දැක්වූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය. ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ නම් ඊට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඔලිම්පික් කමිටුවට මේ වන විට දැනුම්දී තිබේ. ඒ අනුව සත්කාරය හිමි වුවහොත් වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව සූදානම් කරමින් පැවැති කී‍්‍රඩා ගම්මානය නිමා කර එහිදී කී‍්‍රඩා උළෙල පැවැත්වීමට ශ්රී ලංකාව අවධානය යොමු කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය සම්බන්ධීකාරක බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරය හම්බන්තොට නගරයට අහිමි කරමින් ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නගරය ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එයද සැලකිල්ලට ගනිමින් මෙරටදී ප‍්‍රධාන පෙළේ අන්තර්ජාතික කී‍්‍රඩා උළෙලක් ශ්‍රී ලංකාවේදී ඉදිරිවසර කීපය තුළදී සංවිධානය කළ යුතු බවට එහිදී ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මෙම කී‍්‍රඩා උළෙල අවසන් වරට 2010 දී සිංගප්පූරුවේදී පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල හම්බන්තොටදී?