එක්සත් ජාතික පක්ෂයට නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි නම් ඔවුන් තම ආණ්ඩු බලය අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආණ්ඩු බලය ලබා ගැනීමට ඉඩ දිය යුතු යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
විස්ස සම්මත කර ගැනීම කඩා කප්පල් කිරීමට හවුල්කාර පාර්ශ්ව සමඟ එක්ව දෙබෙඩි ප්‍රතිපත්තියක් අනුව කකුලෙන් අදින බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂය ප්‍රායෝගික ක්‍රමෝපායන් හරහා එය සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද සිරිපාල මහතා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට ලබන බ්‍රහස්පතින්දා (25) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී දිනයක් ලබා ගන්නා බවත්, ජූලි තුන් වැනිදාට පෙර එය විවාදයට ගත යුතු බවත් විපක්ෂ නායක කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නිමල් මම ඉස්සුවා ගන්න. ගන්න අඩුවක් නැතිව ගන්න. (ස)
ඔන්න තමන්ගේ ආසනය පරදවුණු කෙනා විපක්ෂ නායක වෙලා .නිදාගෙන ඉඳල නැගිටලා හීනෙන් දොඩවනවා. අපි ඔබලාව පරාජයට පත් කළා. කරුණාකර ඡන්දයකට ගිහින් දිනලා එන්න .අනිවාර්යෙන්ම මෙයා පරාද වෙනවා .(ම)
මෙයින් එක දෙයක් ගම්‍යවෙනවා.මේ කොයි කවුරුත් බලයට කෑදරකමකින් කතාකරනවා මිසක් රටට සෙතක් වෙන වැඩපිළිවෙලක් ගැන මොන තැනකවත් කතාකරන්නේ නැත. (නි)
හා හොඳයි. කියන නිසාම අපි දෙන්නම් (නි)
ජනතාව දන්නවා කවුද හොරු, කාවද ගෙදර යවන්න ඕන. කාටද රට ස්ටාවරව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. බය නැතුව ඡන්දෙකට යන්න. (ර)
දෙනවා නම් ඉතින් නිකම්ම දෙන්න එපා. රිදී බන්දේසියක තියලම හොඳ නැද්ද? මෙහෙම හදිස්සියක් !!! (නි)
කෙනෙක් පන්සල් ගානේ ගිහින් දඟලනවා බලය අල්ලන්න, තව කෙනෙක් දඟලනවා අගමැති වෙන්න, තව කට්ටියක් දඟලනවා හොරු සමඟ හොරු රැකගන්න. හැමෝටම ඕනෑ රට කන්න මිසක් රට ගැන හිතලා ප්‍රතිපත්ති දේශපාලනය කරන්න නම් නෙමෙයි (නි)
මේගොල්ලෝ විස්සක් ගැන කතාව. නමුත් මීළඟ ඡන්දය විස්සට අනුව තියන්නෙත් නැහැ.අපිට ඡන්දයක් දෙන්න හොරුන්ව ස්ත්‍රී දුෂකයන්ව,මිනීමරුවන්ව කුණු බක්කියට දාන්න. අලුත් පාර්ලිමේන්තුවෙන් පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න.අලුත් ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම දැන් තියෙන ගොලුබෙලි නීතිය නැතුව අද ලෝකයට ගැළපෙන නීති ,හොරුන්ට වංචාකාරයන්ට පැනයාමට නොහැකි ලෙස සාදා ගත යුතුයි.අධිකරණය ,පොලිසිය ,මැතිවරණ කොමසාරිස් ඇතුළු මහ ජනතාවට සේවය කරන ආයතන ස්වාධීන වියයුතුයි. (නි)
බැරිකමක් නෙමෙයි. බහුතරයක් විරුද්ධ වන නිසයි. සන්ධානය මේක කඩාකප්පල් කරන්න හැමදේම කරනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අාසන වැඩිකරලා හෝ 20 සම්මත කර රටට වාසියක් වෙන්න වැඩකරනවා. මෙය මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අවාසි වූවත් රට ගැන හිතා ඔවුන් අාසන වැඩිකර හෝ 20 දිනවා රට දිනවන්න හදනවා. ස්තූතියි. (නි)