අමල් වික්‍රමරත්න
ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළයුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.
ත්‍රීරෝද රථ සේවාව වඩා ගුණාත්මක කිරීමේ අරමුණින් මෙම නීතිය ගෙන ආ නමුත් වෙළද පලේ අදාළ බිල්පත් ලබාදිය හැකි මීටර සුලබ වනතුරු මාස 6 යක කාලයක් නීතිය ක්‍රියාත්මක නොකර සහන කාලයක් ලබාදුන් බවත් එයද අප්‍රේල් මස 01 දින අවසන් වූ බව පැවසු සභාපති වරයා අප්‍රේල් 20 වන දින සිට නීතිය බලාත්මක කරන බව පැවසීය.
ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ පැමිණිලි සලකා බලා මෙම තීන්දුව ගත්බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් පත් කොහොම වෙතත් මීටර් සවිකරන්න නීති දමන්න. ඒ සමගම පාරේ තදබදය නිසා වෙන පමාව මගීන්ගෙන් අයකිරීම තහනම් කරන්න. පාරේ වෙන පමාව මගියා නිසා වෙන පමාවක් නොවෙයි.
2007 ජනවාරි පළමුවෙනිදා සිටම සෑම පෞද්ගලික බස් රථයකම මුද්‍රිත ටිකට් පතක් අනිවාර්ය කළ නමුත් දැන් වසර එකොළහක් වෙනවා. පෞද්ගලික බස්වලින් සියයට දහයක්වත් ටිකට් නිකුත් කරන්නේ නැහැ. ත්‍රිරෝද වලත් තත්වය මෙයට වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ පොඩි දෙයක්වත් සාර්ථක කර ගන්න බැරි ආණ්ඩු කොහොමද මීට වඩා බරපතල ප්‍රශ්ණවලට සාර්ථකව මුහුණ දෙන්නේ?
ත්‍රීරෝද රථයකට නඟින්න බයයි ගමන අවසානයේ කීයක් ඉල්ලයිද නොදන්නා නිසා. ගාන අහලා නඟින එකත් ලැජ්ජාවට කරුණක්. කොහොම වුනත් හැම දේකටම ක්‍රමයක් තිබීම අත්‍යාවශ්‍යය වේ. සාධාරණව අය කරන රියදුරන්ද නැතුවා නොවේ. ඒ වුනාට වැඩි පිරිසක් මංකොල්ලකරුවන්ය. දේශපාලකයන්ගේ මංකොල්ලකෑම බලන විට නම් මේක සැළකිය යුතු නැති තරම්ය. සැප විඳීම සඳහා නොව ජීවත්වීමටනේ කියා සිතන්නට පුළුවනි.
බහුතරයක් ත්‍රී වීල් රියදුරන්ට ඕනේ Easy Money. කිහිප දෙනෙක් තමයි මගියාට සාධාරණයක් වෙන අයුරින් කටයුතු කරන්නේ. දවසේ වැඩි හරියක් පත්තර කියවමින්, කයිවාරු ගසමින් පාක් එකේ ඉඳලා ලැබෙන කුඩා හයර් වලිනුත් 100 / 200 කඩාගන්න තමයි මොවුන් බලාගෙන ඉන්නේ. ඇතැම් අය මීටර් සවි කර තිබෙන ත්‍රී වීල් වලට විරුද්ධයි. මෙම නීතිය නාගරික ප්‍රදේශ වල සාර්ථක විය හැකි නමුත් ග්‍රාමීය පෙදෙස් වල අසීරු වනු ඇත. ත්‍රී රෝද රථ රුයදුරන් යනු නූගත් පිරිසකි. ඔවුන්ට නීතිය කියාදීම අපහසු වේවි.
එය කල යුතු දෙයක් ! මන්ද ඔව්න් උපයන්නේ අපේ මුදලින්.
හොඳ වැඩක්... ලෝයර්ස්ලා වගේ අයට නම් රිසිට් එකක් නිකුත් කරන්නම ඕනේ...
මේක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? අපි ශ්‍රමයත්, කාලයත්, සම්පතුත් වැය කළ යුත්තේ කළ හැකි දේවල් කිරීමටයි.
2015 ඉන්ධන මිල අඩුකිරීමට පෙර අපේ ප්‍රදේශයේ කි.මී.එකට රුපියල් 60 ක් අයකලා ඉන් පසුව එය රුපි.70 ක් වුනා 2018 සිට රුපියල් 80 ක් අයකරනවා මේ ගැන බලන්න.
බිල්පතක් නැති වුනත් මීටරේ අනිවාර්ය කරන්න. කෙලින් තීරණ ගන්න.
සත්‍ය වශයෙන්ම අගය කලයුතු ක්‍රියාවක්. පොදු ප්‍රවාහනයේදී බස්රථ වලදී ටිකට් පතක් ලබා දීමෙන් මගියාට තම අයිතිය සහ ආරක්ෂාව ලැබෙනවා. මින් ඉදිරියට ත්‍රීරෝද රථ වලින්ද එසේ ලැබීමෙන් පසු එය වඩාත් යහපත් දෙයක් වේවි. මගියා ගසාගෙන කන, හිතූ හිතූ ගණන් අය කරනා සමහර දෙනා මෙයට විරුද්ධ වේවි. ඒත් පොදු ජනතාවගේ යහපත උදෙසා මෙය ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම වැදගත්...
මෙය ඉතාම හොඳ වැඩක්. ගොඩක් අය මීටර් ටැක්සි කියලා තිබුණට මීටර් එකට යන්නේ නැහැ. පොඩි දුරක් ගිහින් ලොකු ගානක් ඉල්ලන්වා. රාගම ස්ටේෂන් එක ලඟ ත්‍රීවීල් පාර්ක් එකේ කට්ටිය එතන මීටර් ටැක්සිවලට නවත්වන්න දෙන්නේ නැහැ. තර්ජනය කරනවා. එයාලගේ ගානට යන්න ඕනෑ. ත්‍රීවීල් වලට මෙවැනි දෙයක් අවශ්‍යයි.
මේක බාරව ඉන්න ඇමැතිතුමා කව්ද දන්නේ නේද?
ත්‍රී රෝද රථවලට මීටර් සවිකිරීම අනිවාර්ය කරන්න. සම්මත ගාස්තු ක්රමයක්ද නියම කරන්න. පිටපළාත්වල මගීන් ගසාකන ප්‍රධාන පිරිසක් තමයි මේ... මහනුවර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ කිලෝමීටර් 3 ක් යාමට රුපියල් 250-350 අතර මුදලක් අය කරනවා. කොළඹ මේ දුර යාමට වැයවන්නේ රුපියල් 120...
ත්‍රිරෝද රථ පාරෙන් ඉවත් කරනවා නම් එය පාරේ යන අනික් වාහනවලට විශාල සෙතක් ...
කාලෝචිත පියවරක්. මීට අමතරව, පිටුපස අසුන්ගෙන සිටින කාන්තාවන්ගේ නිරුවත බැලීමට යටින් සවිකොට තිබෙන දර්පන ආදියත් ගලවා දමන්නේ නම් මැනවි...
මට නම් පෙන්නන්න බැරි කට්ටියක්