නව මැතිවරණ ක්‍රමයක් සහිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතර නොකර පාර්ලිමේන්තුව විසිරැවීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (27) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ජන හමුවක දී කීහ.
කැබිනට් මණ්ඩලයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කර ගන්නා තුරු රට පුරා අරගල කරන බව ද ඒ හිමියෝ පැවසූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද 20 සම්මත කරනවාට අකමැති.? මැතිවරණය ඉක්මනින් තියන්න ඕන කියන එජාපය නේද.? එහෙම නම් තවත් අත්වැල් බැඳගෙන මේ යන ගමනේ තේරුමක් තියෙනවද.? (නදී)
අනේ මෙයාලගේ කන් කෙඳිරිය තම ඉවර නැ වගේ.(ම)
දැන් සනීපද,? , රොටිද වළදන්නේ, ඔන්න කල පව් පඩිසන් දෙන්න හදනවා (නදී)
චානක ලොස් ඇන්ජලිස්, මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් දිනෙක එතුමාගේ කතාවෙන් පැහැදිලි කලේ ඔයගොල්ලෝ වගේ වහල්ලු ගැන තමයි (නදී)
බලන විදියට තව වෙනසක් අත ලඟ. අනේ හොඳයි (නදී)
මේ ඉන්න සේරම පිස්සු පුසෝ ටිකක් ...කියන්නේ එකක් කරන්නේ තව එකක් (නදී)
අපුරු දෙයක් මේ දවස් වල දේශපාලන කරලියේ සිදු වන්නේ. ලක්ෂ 62ක් ජනතාව මෛත්‍රිපාල මහත්මයට චන්දය දීල බලාපොරොත්තු වු දෙය නොවෙයි ජනතාවගේ ඡන්දටෙයන් පත් වෙච්ච ඊනියා මන්ත්‍රීකාරක වරු බලාපොරොත්තුවෙන්නේ. ඒ.ජා.පය එහෙන් කොන්දේසි දානවා. හෙළ උරුමය මෙහෙන් කෑගහනවා. ජ.වී.පෙ තව එකක් කියනවා. අලුත් ජනාධිපතිත් අන්දුන් කුන්දුන් වෙලා. පාර්ලිමේන්තුවේදී මේ ගොල්ලෝ ගාව සමගිය නැති උනාට සාද වලදී හා වරප්‍රසාද බෙදා ගැනීමේදී පුදුම සහෝදරත්වය කින් වැඩ කරන්නේ. යහපාලනය ක් වෙන්න නම් මේ ආත්මාර්ථකාමියෝ සියල්ලෝම ගෙදර යවන්න ඕනේ. (නදී)
චානක එතකොට බොදුබලේට මේවා කැපද?(නදී)
චානක මහත්තයෝ, මහා මැතිවරණයක් අපිටත් ඉක්මනින් අවශ්‍යයි. අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුනානම් කාට මොන දේ අවශ්‍ය වුනත් මැතිවරණයකට යන්න වෙනවා පාර්ලිමේන්තුව විසුරවල අනිවාර්යයෙන්. කියන්නකෝ අගමැති තුමා ඔය එක එක කතා අහන්නේ නැතුව ගෞරවනියව ඉල්ලා අස්වෙලා මහමැතිවරණයක් ඉල්ලන්න. (නදී)
මේ විසිවෙනි සංසෝධනයෙන් බැරිද මේ මහණ ශ්‍රමනයන් දේශපාලනෙන් අයින් කරන නීති ගෙන්න? දේශපාලනේ අයිති පෘතග්ජන පුද්ගලයන්ට පමණි. බුද්ධාගමේ හිමිවරු පමණයි අපේ ආගමට නිගා කරන්නේ, වෙනත් ආගමික හිමිවරු දේශපාලනේ නැහැ. (නදී)
මගේ මතය අනුව ප්‍රශ්නය ඇත්තේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුල නොව ඒ ඒ පක්ෂ වලින් අපේක්ෂකයින්ට නාම යෝජනා බාර දීමේ ක්‍රියාවලිය තුලය. එසේ නම් අවශ්‍යව ඇත්තේ සියලුම පක්ෂ පිළිගත් නාම යෝජනා බාර දීමේ ක්‍රමයකි. දේශපාලන දැනුමක් නැතුව විවිධ හේතුන් නිසා සමාජයේ ජනප්‍රිය වුනු සහ මොන ක්‍රමයකින් හෝ මුදල් උපයපු අයට නාම යෝජනා දෙන තාක් කල් ඔය මොන මැතිවරණ ක්‍රමය ගෙනාවත් වැඩක් නැත.(නදී)
දැන්නම් මොන ක්‍රමය ආවත් මේ ජරා ජීරණ ක්‍රමය වෙනස් වේවිද (බ)
. ඈත අතීතයේ සිටම මේ සිංහල බෞද්ධ රටට විනයක හෙනයක් පහත් වෙනවිට මාරයා පෙනී පෙනී පෙරෙමුණ ගත්තේ බෞද්ධ භික්ෂුන් වහසේලා. නමුත් අද වෙනසක් සිදුවෙලා තියෙනවා, අද භික්ෂුන් වහන්සේලා ටිකක් දේශපාලන ගැතී වෙලා. කොටින්ම සිවුරේ ශක්තිය නොදැන දේශපාලකයන්ට ගැති කම කරනවා.ටික දෙනෙක් රට රැක ගන්න උත්සාහ කරනවා.සියලුම බෞද්ධ භිකෂුන් වහන්සේලා එකම මතයක සිටියා නම් මේ බලපෙරේත දේශපාලකයන් ටික නියම මහජන සේවකයන් බවට පත් කරන එක අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් ආගම්වල හිමිවරු වැඩි දෙනෙකු මේ රටේ සිංහල අයිතිය,බොදු අයිතිය නැති කරන්න උත්සාහ කරනවා.මේ සිංහල බෞද්ධ රට කියන එක මොන මළ යකාටවත් මගේ සිතින් ඉවත් කරන්න බැහැ.මැරෙනකොට සිතන්නෙත් සිංහලයට වින කරන එවුන්ගෙන් පළිගත හැකි ආත්මයක් ලැබේවා කියල. (බ)
රකිත් මහත්මය ඔබේ මතය හරි. අද සිටින දේශපාලන නායකයන්ට වඩාත්ම අවශ්‍යව ඇත්තේ රට වැඩ කිරීම නොව දේශපාලන බලය රැක ගැනීම. වෙනසක් කිරීමට අවශ්‍යව ඇත්තේ තමා ලද , විධායක බලය සියතින්ම සිද ගත් ගරු ජනාධිපති තුමාට පමණි. අනිත් අය සියලු දෙනාම කරනුයේ කෙසේ හෝ බලය ලබා ගැනීමට තැත් කිරම සහ ලබාගත් බලය රැක ගැනීමට උත්සාහ කිරීමයි. කිසිම චරිත සහතිකයක් නැතිව ඉදිරිපත්විය හැකි එකම රැකියාව දේශපාලනයි. (බ)
නිමල් ලාලිත, මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන කිසිදු විවාදයක් නැත. නමුත්, අර "වින කරන එවුන්ගෙන් පළිගත හැකි ආත්මයක් ලැබේවා" කියන ප්‍රාර්ථනාව කොහොමද ඔබේ බෞද්ධකමත් එක්ක ගලපන්නේ? පොඩි විස්තරයක් කළොත්? (බ)
සත්‍ය මහත්තයට දැන් ඔක්කොම නරක් වෙලා මෛත්‍රී මහත්තය විතරක් බෝධිසත්වයෙක් වෙලා වගේ..ඔබ තුමා හිතනවද මේ ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නේ මෛත්‍රී මහත්තය ජනාධිපතිකරවන්න කියල..ඔබ තුමාට වැරදිලා මහත්තයෝ..මේ එකිනෙකට නොපැහෙන කැඳ හැලියේ සියල්ලන් එකතුවෙලා එතුමාව නම් කළේ වෙස්සන්තර කෙනෙක් වෙන්න එතුමා දුන් පොරොන්දුව මත ..මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒ පොරොන්දුවට මිසක් මෛත්‍රී මහත්තයාගේ තියෙන හොදකට විශේෂයකට නෙමෙයි.අද වෙස්සන්තර අනුන්ගේ පක්ෂත් මංකොල්ල කාල තමන්ගේ කාලසීමාවේ තමන් පඹයෙක් නොවී ඉන්න දන්නා දහන් ගැට සේරම ගහනවා..සත්‍ය මහත්තය දකින හීනෙ හොදයි..ඔය හිනෙම ඉන්න..(බ)
හොඳට තිබුන රට විනාශ කළා බොරු අවලාද නගලා,කුමන්ත්‍රණ කරලා ,හොර ගිවිසුම ගහලා,ඩොලර් කන්දරාවක් ඒ වෙනුවෙන් අරගෙන ජනවාරි 8දා එය ඉටු කරගෙන මේ රටත් සැබෑ දේශප්‍රේමී රටට ආදරය කරන නායකයන් දඩයම් කරන හවුලේ නිවටයෝ පිරිසක් තමයි ඔය ඉන්නේ.එනිසා ජනතාව මේ අය ගැන කල්පනාවෙන් සිටිය යුතුයි. (බ)
රඛිත් 2015-05-28 02:36:08 ගේ කොමෙන්ට් එක ඉතාම වැදගත් සහ රටට අවශ්‍යම කරන ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ යුතු අවශ්‍යතාවයකි. (බ)
අනේ මේ යහපාලනය කියාගත්තු පික්පොකට් නඩේ මේ මොනවාද රටට කරන්නේ කන්කරච්චලේ කවදාද ඉවර වෙන්නේ. ජනවාරි 8සිට මේ දක්වාම පළිගැනීම් සීමාවක් නෑ මිනිසුන්ට රස්සා නෑ කොළඹ පාර පුරා හැමතැනම කුණු පිරිලා ඒ මදිවාට අසරණ ලෙඩ්ඩු බෙහෙත් නැතුව දුක් විඳිනවා මුන්ට මේ අසරණ මිනිස්සු ඡන්දය දුන්නේ මේවා විඳින්නද?මේ අපරාධ බලා ඉන්නද? අර අසරණ ලෙඩ්ඩු ඉන්න ආකාරය පෙනෙන්නේ නැත්ද?මුන්ගේ ඇස්වලට හෙන වැදිලාද? (බ)
තනිකරම හොරු ටිකක්නේ මේ පින්තුරවල ඉන්නේ. කලින් ආණ්ඩුව පෙරලන්න දඟලපු පාප කර්මයෝ. අර දමිලයාත් එතන රිංගලා. (ම)
මම නම් හිතන්නේ වරද තියෙන්නේ මනාප ක්‍රමය නෙමෙයි එයට ඉදිරිපත් වෙන පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයයි අපේ රටේ දෙසපලනයට ඉදිරිපත් වෙන මිනිසුන්ට ඔය මොන පාලන ක්‍රමය ගෙනාවත් සල්ලි තියෙනවනම් තමන්ගේ වාසියට (ම)
චතුරි නෝනා හරි . මහින්ද කරන්නේ ඕනේ දේවල් නොකළේ නිසා අද එතුමත් දුක් විදිනවා රටත් අයාලේ යනවා. බලන්න අර අසාද් සාලි හා මනෝ ගනේෂන් ලා කියන දේවල් ? (බ)
පෙරේරා මහතා ලක්ෂ 62 ඇතුලේ 52 මාරක් තමා ඔයාලට තියෙන්නේ . ඉතිරිය අනෙක් රටේ අයගේ (බ)
මොනවා සම්මත කළත් වැඩක් නෑ මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂට මඩ ගහලා බලය රැකගන්න විතරයි උත්සහා කරන්නේ. ජනතාවට හොදක් වෙන්නේ නෑ ඒකෙන්. යහපාලනයට බලය දීලා අපි කරගත්තේ ලොකු වැරද්දක්. (ම)
චතුරි කියන විදිහට මහින්දට කියල කරගන්න බැරි හින්ද තමයි මේ අය මහින්දගේ ආණ්ඩුවෙන් අයින් වෙලා ඡන්දෙන් ලක්ෂ 62ක් අරගෙන මෛත්‍රී ජනාධිපති කළේ, (ම)
අනේ අපොයි.(හේ)
අන්තෝ ජටඃ බහී ජටා.(හේ)
සිංහලයෝ හෙළ උරුමෙට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒත් එයාලගෙන් සිංහලය ආරක්ශා වීම විතරක් බලාපොරොත්තු වෙනව. ප්‍රධාන පක්ශ 2 මෙතෙක් කල් සිංහලය වත් බුදු දහම වත් රකින්න බලාගෙන වැඩ කළේ නෑ. (බ)
අනේ රටකට ගිය කළ. සිවුරු සහිත හාමුදුරුවරු මුළු සංඝ සංස්ථාවටම නිගා දෙන විදියට කටයුතු කරන හැටි. (ම)
මේවා මෙහෙම සිදුවෙන්න ඕනෙනම් ......ඔබ වහන්සේලාට විනය පිටකයෙන් බුදුන් පනවා තිබෙන පිණ්ඩපාතයෙන් යැපිය යුතුය කියාත් අපි යෝජනා කර සිටිනවා .....(බ)
හාමුදුරුවන් රට පෙරලුවත් කමක් නැහැ අපේ දරුවන්, පියවරුන් සහබාගි කරගන්න එපා. අසරණ මිනිසුන් තමයි මේවට වන්දි. ගෙවන්නේ. මහින්දට කියල. ලේසියෙන් කරගන්න තිබුන දේවල්. දැන්. බොරුවට කෑගහනවා (නදී)