ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද (8) සවස 6ට පටන් ගන්නා ඇමැති මණ්ඩල සාකච්ඡාවේදී අනුමත කර දෙන බවත් ඉන්පසු එය සම්මත කර ගැනීම පාර්ලිමේන්තුවේ වගකීම හා යුතුකම බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ විහාර මහා දේවි පිටියේ පැවති රැස්වීමකදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ ශාඛාව විසින් කැඳවූ මේ රැස්වීමට සාධාරණක් හෙටක් සඳහා වූ ජාතික සන්ධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමි වැඩ සිටියහ.
මනාප ක්‍රමය අහෝසි කරනු - 20 සම්මත කරනු යන තේමාව යටතේ රැස්වීම සංවිධානය කර තිබුණි.
දිවයින පුරා පවත්වන රැස්වීම් මාලාවක පළමුවැන්න මෙයයි.
20 සම්මත කර ගැනීමට උදව් නොදෙන කල් දමන හරස් කපන සියලු දෙනාම ජනතා ද්‍රෝහියෝ. මේ යෝජනාවට තමන් දරන මතය තම පක්ෂය කැමතිද නැද්ද යන්න ඉදිරි දෙසතියේ ජනතාවට කියන ලෙස මම පක්ෂවලින් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ මුස්ලිම් කිසිවකුටත් මේ පනතින් අසාධාරණයක් වෙන්නේ නෑ. මේ පනත සම්මත කිරීම යුගයේ කාර්ය භාරයයි. අද ඇමැති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙන්නේ මේ ගැන පමණයි.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ 20 ට සහය දෙන ඔක්කොම ජනතා දොහියෝ නෙමෙයි. මේ මොන කතාවක්ද? (ර)
මේක රග පෑමක් ..කවදාවත් ඔය කියන 20 ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ සුළු ජාතික පක්ෂ තියෙනකම්..ඔවුන් විසින් යටපත් කරගෙන ඔවුන්ගේ පදයට නටවන රජයකින් හෝ ජනාධිපතිවරයෙක්ගෙන් ලැබිය හැකි උපරිමය මේ රගපෑම පමණයි.සියලු රගපෑම් අවසන් කිරීමට දැන් කාලය එලබිලා තියෙනවා..(ම)
මේක රග පෑමක් ..කවදාවත් ඔය කියන 20 ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ සුළු ජාතික පක්ෂ තියෙනකම්.සියලු රගපෑම් අවසන් කිරීමට දැන් කාලය එලබිලා තියෙනවා..දැන් මේ නළුවන්ගේ රගපෑම් බැලුව ඇති..අපි අද හෙට ටි වී එක වහනවා ආයේ තුට්ටු දෙකේ නාට්‍ය නොපෙනෙන්නම.. (කේ)
නියම වීරයෝ සෙට් එක. නියමයි..! (නි)