විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන්  බොරු  මුනිච්චාවට  කකුල් මාට්ටු දමන බව විපක්ෂ නායක නිමල්  සිරිපාල ද සිල්වා මහතා  පැවසිය.

සමහර දේහපාලන පක්ෂ විසි වැනි සංශෝධනය කඩාකප්පල් වනතුරු  බලා සිටින බව කී  විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ  අද සිටින්නේ  එවැනි  පටු  මානසිකත්වකැයි ද ප්‍රකාශ කළේය.

“අපි බලය ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවකට යන්න නොවේ.මන්ත්‍රී ආසන 113 ක්  ලබාගෙන අපිට අපේම ආණ්ඩුවක්  පිහිටුවා ගැනිමටයි ඒ හැකියාව අපට තිබෙනවා . ජාතික ආණ්ඩු ඕනෑය කියන්නේ  එවැනි හැකියාවක් නැති  උදවිය යැයිද ඔහු කීය.”