මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතය විමසීමට පෙර විපක්ෂයේ මතය කුමක්දැයි යන්න විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වහා රටට හෙළි කළ යුතු යැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතරයක් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පිරිස් විවිධ මත ප්‍රකාශ කරන හෙයින් මෙම සංශෝධන සම්බන්ධයෙන් විපක්ෂනායක මතය දැන ගැනීම වැදගත් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට නව දැක්මක් ඇති දේශපාලනයක් පුර්ණ වෙනසක් අවශ්‍යයි , මේ දෙගොල්ලගේම බොරුව (කේ)
විපක්ෂය ලෙස පෙනීසිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටික දෙනෙක් ඉන්නවා කල්ඉකුත් වුණ අය.ඒ අයව ඉවත් කරන්න කාලය හරි.නැත්නම් හැමදාම කකුලෙන් ඇද ඇද ඉඳියි. (නි)
ශාන්ත මහත්මා , මේ රටේ සිටින ඡන්දදායකයන්ගෙන් වැඩිම දෙනෙක් සහ හාමුදුරුවරුන්ගෙන් වැඩිම දෙනෙක් ඔබ ලෙස සිතනවා නම් මේ රට කෙතරම් වාසනාවන්තද? (නි)
ලාල් ඔබ හරි.ආණ්ඩුවේත් විපක්ෂයේත් දෙකේම බහුතරයක් පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගත යුතුයි .නව බුද්ධිමත් චින්තනයක් ඇති නායකත්වයක් මේ රටේ ඇති විය යුතුයි (අ)
ගරු ජනාධිපතිතුමා එතුමාගේ විධායක බලතල අඩුකර ගත්තට අනිත් අය සැවොම බලන්නේ කෙසේ හෝ තමන්ගේ බඩ රැකෙන ලෙස පනත් සම්මත කරගන්න. (නි)
මේ රටට උවමනා ශ්‍රී.ල.නි.ප.වත්, ඒ.ජා.පෙ. වත් නෙවෙයි. මේ රටට උවමනා උගත් බුද්ධිමත් හොඳ දැක්මක් ඇති නායකයෝ රට ගොඩ නඟන්න. මෙයාලාගේ කන්කරච්චල් අහලා එපාවෙලා. සමහර මිනිස්සු මෙයාලට රැවටිලා එකම වරද නැවත නැවත කරමින් අගාධයට ප්‍රපාතයට යනවා. බහුතරයක් ජනතාවගේ සිතුම් පැතුම් මෙයාලට තේරෙන්නේ නැහැ. ජනවාරි 8 වෙනිදා ගෙදර යවලා කළේ සිග්නල් එකක් දීමයි. ඒ දේ මෙයාලා තේරුම්ගත යුතුයි. (නි)