වත්මන් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නිර්මාණය වන ‘නමෝ නමෝ මාතා’ ගීතයේ දමිළ පරිවර්තන ගීතය 1949 කොළඹ ටොරින්ටන් චත්රරශ්රයේ පැවැති දෙවැනි නිදහස් උත්සවයේදී ගායනා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ කෘතිය සඳහන් කරයි.
ආනන්ද සමරකෝන් මහතා රචනා කරන ලද ‘නමෝ නමෝ මාතා’ ගීතය ජාතික ගීය වශයෙන් ගායනා කර ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සිසුවියන් පිරිසකි. එම සිසුවියන් පිරිස පුහුණ කරනු ලැබ ඇත්තේ මර්සලින් ජයකොඩි පියතුමන් විසිනි.
‘නමෝ නමෝ මාතා’ ගීතයේ දමිළ පරිවර්තනය කර ඇත්තේ පණ්ඩිත් එම්. නල්ලතම්බිය.
ජාතික ගීය සිංහල සහ දමිළ භාෂාවලින් ගායනා කළ බව එවකට පැවැති පුවත්පත් මෙන්ම ලංකා රජයේ මුද්රායතනය ද එය වාර්තා කර ඇතැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සිය කෘතියේ සඳහන් කර ඇත.
එවකට පටන් ජාතික ගීය සිංහල සහ දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ගායනා කළ බව සඳහන් කරන මහැදුරු සුනිල් ආරියරත්න මහතා ඒ සඳහා ඓතිහාසික සාක්ෂිද තම කෘතිය ඔස්සේ සපයයි. එමෙන්ම රජය මුද්‍රණය කරන පෙළපොත්වලට දමිළ ජාතික ගීය ඇතුළත් වූ බවත් එම සම්ප්රදාය ස්වභාවික මරණයට පත්වීම කනගාටුවට කරුණක් බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් මොන පොතේද එහෙම තිබෙන්නේ. නිදහසේ හිතල බලනකොට පෙනෙනවා සිංහල දෙමල මුස්ලිම් කියන්නේ ජාති 3 ඔවුන් ශ්‍රී ලාංකිකයින් හැටියට ජීවත් වෙන්න කැමති නැත. එතනයි රෝග නිදානය. 3 ගොල්ලෝ තුන් පැත්තකට අදිනවා. (බ)
ලාල් මිලානෝ මහත්තයෝ , අරාබි කතා කරන මිනිස්සු කව්රුත් ලංකාවේ නැහැ ඒ නිසා අරාබියෙන් ජාතික ගීය ගායනා කරන්න ඕනේ නැහැ. (බ)
ලංකාවේ ඉතිහාසය පටන්ගන්නේ 1948 ඉඳන්ද? මේවා බල බලා තරහ සිත් ඇතිකරගන්න අපි කැමති නැහැ. සිංහල දන්නා හින්දා අපිත් මේවා බලලා අහ අහා ඉන්නවා. අපිටත් පොඩි කාලේ ඉඳන්ම දෙමළ විතරක් උගන්වන්න තිබුනනේ. අපිත් මිනිස්සු එක්ක යහතින් ජිවත්වෙන්න කැමතියි. මට තේරෙන්නේ නැත්තේ පොඩිකාලේ ඉඳන්ම අපිට මොනවද උගන්වන්නේ කියලා (නි)
නුවන්ලා වගේ අය 1949දීත් උන්නු නිසයි අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ. සිංහල නම් වලින් අදහස් දාන සමහර අයගේ පැටිකිරිය මේ වගේ පුවත් වලින් හෙළි වෙනවා. (බ)
කාලක් තිස්සේ පොඩි පොඩි ඇණ හෙමින් හෙමින් එකින් එක ගළවලා දැන් එන්ජිම කඩාවැටිලා තියෙන්නේ. මේවට මෙතෙක් රට පාලනය කළ පාලකයින් වගකිව යුතුයි. (නි)
ලංකාවෙ ජාතික ගීය සිංහලෙන් විතරක් ගයන්න ඕන කිව්වට අනිත් වැඩ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි කරන්නේ (ම)
ගූගල් ඔස්සේ “ceylon independence day 1949“ යනුවෙන් ඇතුළත් කර 1949 නිදහස් දින ආරාධනා පත බලන්න. එහිදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගයන බව පැහැදිලිව සඳහන් කර ඇත (නි)
මේ සිංහල අපගේ රටයි නම් ..ඉංගිරිසියෙන් ඉන්ටර්විවූ තියන්නේ ඇයි? (බ)
1949 කළ වැරදීම යළි යළිත් කරන්න ඕනෑ නැහැ. ලෝකයේ එකම රට තමන්ගේ ජාතික ගීතය භාෂා දෙකකින් ගායනා කරන! මෙම විදියට බැලුවොත් ඉන්දියාවට භාෂා හතළිස් ගණනක් අනුව ගයන්න වෙනවා. නමුත් දැඩිව තීන්දු තීරණ ගන්න හොඳ පාලකයන් ඉන්න නිසා එහෙම වෙන්නෙ නැහැ (නි)
මොන බසකින් කීවත් තේරුම එක නම් එච්චරයිනේ (නි)
මොන භාෂාවෙන් ගැයුවත් තේරුම එක නම් ප්‍රශ්නයක් නැත. සිංහල බැරි දෙමළමිනිස්සු ජාතික ගීය ගයන්නේ කොහොමද? දැන් ප්රශ්නය ජාතික ගීය නොව විග්නේශ්වරන් මාසෙන් මාසෙට අලුතින් පටන්ගන්නා විගඩම්ය. (නි)
ඉන්දියාවේ භාෂා 42 කින් ජාතික ගීය කියන නිසා ලංකාවේ අරාබියෙනුත් කිවුවට කමක් නැහැ. (නි)
අපේ විරුද්ධත්වය සිංහල ජාතික ගීය වෙනත් භාෂාවකින් ගැයීම රජය අනුමත කිරීමයි. දමිළයින් මේ දෙන්නේ නුඹලාගේ භාෂාව අපි බාර ගන්නේ නැහැ කියන පණිවිඩයයි. එය තේරුම් ගන්න බැරිද. (නි)
අපේ ඉතිහාසයත් කණපිට ගැහිල්ලත් පටන් අරන් වගේ කියලා හිතෙනවා (නි)
ජාතික ගීය මොන භාෂාවෙන් ගැයුවත් කමක් නැහැ කියමුකෝ. එතකොට ඔය ඉල්ලන අනිත් ඒවා උතුරු පැත්තේ ඒවාට මොකද කියන්නේ. එතකොට ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට ජාතික ගී 100ක් විතර හදන්න වෙයි නේද. එතකොට කෝ අපේ වැදි පරපුරට ජාතික ගීයක්? මුස්ලිම් අයට? විහිළු සපයන්න එපා... (නි)
මේ පිළිබඳව රජය සතු චිත්‍රපටි හෝ වෙනත් ලියකියවිලි කරුණාකර මහජන දැනගැනීම පිණිස ඉදිරිපත් කළොත් ජාතීන් අතර සංහිඳියාවට රුකුලක් වෙයි. දේශපාලුවෝ මහජනයාව ගොනාට අන්දලා දැන් ඇතිවෙලා තියෙන්නේ. ඒ හින්දා මහාචාර්යතුමාගේ පරීක්ෂණ ප්‍රතිඵල සාක්කි පොදුජන දැනගැනීම සඳහා ඉදිරිපත් කළොත් තමා හොඳ. (නි)
මේ සිංහලයාගේ මව්රට බවත්, 1956 පෙරළියෙන් පසු සිංහල මේ රටේ රජ බස වූ බවත් මහා ලොකු හිංගල උගතුන්ට අමතක වෙලා (නි)
හුසේන් මොහමඩ් බෙදා ගන්නවානම් අපිදෙන විදිහට මිස ඔබලාට ඕනේ විදිහට වෙනස් කර නොවෙයි (බ)
දර්ශන එදා ප්‍රසිද්ධියේ රටින් කැල්ලක් ඉල්ලුවේ නැත. අද එක කොරන්න දෙන්න බැරිය. ඒකාලේ සිංහලයින්ට ඕවට විරුද්ධව කතා කොරන්නට ඉඩ තිබුනේ නැත. අපට අපේ ශක්තිය පෙන්වන්න ඉඩ ලැබුනේ 1956 පසුවය (බ)
රුවනි, නොදැන කතා කරන්න එපා. අනුකම්පා හිතෙනවා ඔබේ දැනුම ගැන. ටිකක් හොයා බලන්න! (බ)
අපි මේ මෝඩයෝ වගේ ජාතික ගීයේ භාෂාවට කෙස් පලන තර්ක දානවා. දෙමලෙන් ගායනා කලොත් සිද්ධ වෙන අඩු පාඩුව මොකද්ද? ඕවා නෙමෙයි මේ රටේ ප්‍රශ්න. ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම තහනම් කෙරුවොත් හාල් මිල අඩු වෙනවද? පරිසර දූෂණය, වනාන්තර එලි කිරීම, වැලි ගොඩ දැමිල්ල, කොමිස් ගැහිල්ල නතර වෙනවද? නිකාන් මේ කිසිම වැඩකට නැති දේවල් ගැන කචල් අදින්නේ නැතුව පලක් ඇති දෙයක් ගැන කතා කරන්න. (ර)
ඉංගිරිසියෙන් ඉන්ටර්විවූ තියන්නේ ඇයි? දෙවෙනි භාෂාව හැටියට ඉංගිරිසිත් දැනගෙන සිටිය යුතුනිසා. (ර)
නිමල් ලලිත, දෙමළ රාජ්‍ය භාෂාවක් වුණේ මීට වසර 25ට කලින් කියලා ඔයා දන්නෙ නැද්ද? (නි)
මොනවා කීවත් කලත් ජාතික ගීය එක බාසාවකින් පමණයි වෙනත් භාෂාවලට හැරවීමේදී වෙනස් වෙනවා. (ර)
රෙයාන්, බැරිවෙලාවත් කීවොත් අරාබියෙන් කියන්න ඕනේ කියලා. (ර)
රුවනි, නොදන්නා දෙයක් කතා නොකර ඉන්න. මා ජීවත්වෙන නවසීලන්තයේ ජාතික ගීය භාෂා 2 කෙන්ම ගායනා කරනවා. ශ්‍රි ලංකාවේ වගේ ගෝත්‍රික අදහස් මෙහෙ අය ළඟ නැහැ (නි)
බොරුවට රාමු වලට කොටුවෙන්න එපා. නිදහසේ හිතන්න බලන්න දැන්වත්, සිංහල දෙමල මුස්ලිම් කොයි කවුරුත් එකම මිනිස්සු. (ර)
ලෝකේ මිනිස්සු දියුණුවේ හිනිපෙත්තටම යන්න උත්සාහ කරද්දී, අපි මෙහෙ ගෝත්‍රිකයෝ වගේ රටේ ජාතික ගීයේ අයිතිය ගැන තර්ක කරනවා. රටේ ජාතික ගීය පවා සුළුජාතීන් එක්ක බෙදාගන්න තරම්වත් මේ උදවියගේ මනස පුළුල් නැහැ. (ම)
මා දන්නා විදියට ඉන්දියාවේ ජාතික ගීය ගායනා කරන්නේ බෙංගාලි භාෂාවෙන් බෙංගාලි කියන්නේ ඉන්දියාවේ සුළු ජන කොටසක් එත් එහෙ අපේ වගේ කැ ගහන්නේ නැහැ ඉන්දියාවේ භාෂා ගොඩක් තිබුණාට සුළු ජන භාෂාවකින් කිව්වට එයාලට නම් අවුලක් නැහැ (ම)