වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ මුවර්ස් ක‍්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල විසින් කොටහේන ශාන්ත බෙනඩික් විදුහල කඩුලූ 5 කින් පාරජය කරන ලදි.
ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ චෙමිල ඔබේසේකර කඩුලූ ත‍්‍රිත්වයක් ද සමගින් ලකුණු 26 කට කඩුලූ 5 ක් දවා ගනිමින් ශාන්ත බෙනඩික් ඉනිම ලකුණු 59 කට සීමා කිරීමට සමත් විය. චෙමිල ඔබේසේකර තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 30.2 කදී සියලූ දෙනා දැවී 59
(ශිරාන් රත්නායක 15, චෙමිල ඔබේසේකර 26/5, සහන් නානායක්කාර 6/2, ජනිත් ලියනගේ 11/2)
ශාන්ත පීතර විදුහල ඕවර 13 කදී කඩුලූ 5 ට 62
(ළහිරු මිලන්ත නොදැවී 16, යොහාන් සොයිසා 28/3)
ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල් කණ්ඩායම
ශාන්ත බෙනඩික් විදුහලේ විදුහල්පති පියතුමන් විසින් ශාන්ත පීතර විදුහල් නායක දුෂාන් හේමන්තට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි!(නදී)
ඇත්තෙන්ම සතුටුයි අපේ ඉස්කෝලේ මෙහෙම ජයග්‍රහණයන් පිට පිටම ලබනකොට. ක්‍රීඩාව අතින් වගේම අධ්‍යාපනය අතින්ද දක්ෂයින් බිහිකිරීමට හැකිවේවායි පතමි..!(නදී)