‘මීළඟ ජනාධිපති, අගමැති වෙන්නේ කවුදැයි හිතා ව්‍යවස්ථා සංශෝධන හදන්න බැහැ. එජාප නායකයා ක්‍රියා කළේ මීළඟ අගමැති තමන් කියා හතලයි. ශ්‍රීලනිප මෛත්‍රී පිල හා මහින්ද පිල තම තමන්ගේ බලය තහවුරු කර ගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගත්තා. ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ සමුළුවේ විධායක සභාවේ බල පොරයක් තිබෙනවා. එම නිසා 19 මීට වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගන්න බැරි වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘ මෛත්‍රීපාල හිතුවා තමන්ට තිබෙන විධායක බලයෙන් කොටසක් හරි ඉතිරි කරගෙන මහින්ද පිල පරද්දන්න පුළුවන් කියලා. නිමල්, සුසිල්, අනුර යාපා ඒ වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද පිළ හිතුවා මේ පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව ආරාජිකයි කියා පෙන්වන්න. එනිසා ඔවුන් පාර්ලිමේන්තුවේ නොනිඳා හෝ නිදාගෙන උපවාස කළා. පාර්ලිමේන්තුව අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද ඕනෑ කියා මතයක් හදන්න උත්සාහ කළා. මේ බල පොරය නිසා 19 මීට වඩා යහපත් කරන්න තිබූ අවස්ථාව අහිමි වූණා.‘
‘රනිල්ගේ, මෛත්‍රීගේ, මහින්දගේ බල අරගලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාව, ඊර්ෂ්‍යාව,කෑදරකම රටටම විපතක් (නි)
මහින්ද අගමැති කළ යුතුයි රටේ ආරක්ෂාවට (බ)
ජේ ආර් ගේ ව්‍යවස්ථාව හැමදාම බලයේ ඉන්න හැදුවේ .එ්කෙන් එජාපෙ ඉල්ලන් කෑවා. අදත් හැමදාම බලේ ඉන්න හැදුවොත් වෙන්නේ එ්ක තමා. මහින්දත් බලය දාල යන්න බැරුව 18 හදල බැලුවා. එතනත් කොන්ද පන තියන කෙනෙක් හිටියේ නැහැ .කොන්ද කෙලින් තියන පාලකයෝ ටිකක් කවදා ලැබෙයි ද? ජවිපෙ නම් කාලයක් ඇමතිකම් කළා ජරාව කෑවෙ නැහැ ,සරත් මහත්තයත් හමුදාවේ හම්බ කළේ නැති හැඩයි .එ් අය ගැන හිතුවොත් නරකද? (බ)
අපි දන්නවා ජේ වී පි එකේ ඉතිහාසයත් (නි)
මහින්ද කියන්නේ රට රැකපු, රට හදපු එඩිතර නායකයෙක්.අපි කැමතියි ඔහු නැවත බලයට එනවට. (නි)
මේ කතාව නම් හරියට හරි. මහින්ද දැන් කරන දේවල් වලින් රට අවුල් වෙනවා. (නි)
වින්ස්ටන්ට්, ලංකාවෙ බහුතරයකට තියෙන්නේ “මෙමත්‍රීට ඡන්දෙ දුන්නාම, රනිල් අගමැතිවුණේ කොහොමද“ කියන එකයි. (නි)
මහානාම, කියන දෙය තේරුම් ගත්තා නම් නේද හොද? (නි)
ප්‍රතිපත්තියකුත් නෑ, හැමදේටම විරුද්ධයි, විසදුමකුත් නැති සෙට් එකේ ලොක්කා (බ)
හරියට හරි මේවා අපි වගේ පිටරට ඉන්න සාමාන්‍ය අයටත් හොඳින් තේරුණා පසුගිය සති කීපය තුළ පළවූ පුවත් කියවනකොට. මෙතරම් හෝ වෙනසක් කරගැනීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක්. (බ)
ඔයාට මේවා කතා කතා කරන්න බැහැ.ඔයා ලක්ෂ 350 මුදල් වංචාවට උත්තර දෙන්න.(බ)
ජේවීපිය අඩුපාඩු හොයන්න දක්ෂයි. එ්ත් වැඩ බෑ වගේ (බ)
මහින්ද ජනාධිපතිතුමා මේ රටේ හිටපු ශ්‍රේෂ්ට නායකයෙක්. එකේ විවාදයක් නෑ. නමුත් එතුමා අතින් සිදු වූ වැරදි ඉවසා ගන්නම බැරි තැන ජනතාව තීන්දුවක් ගත්තා. ඔය හැම කෙනෙක්ම හොඳින් මතක තියාගන්න ඕනේ එතුමාව ගෙදර ඇරියේ මෛත්‍රීවත් රනිල්වත් නෙවෙයි, මේ රටේ මිලියන 6 කට වඩා වැඩි ජනතාවක් විසින් බව. (බ)
71දි සහ 88,89 දී නම් යහපත් සංශෝධන කළා නේද (බ)
මහින්ද හොඳ මැනේජර් කෙනෙක් නෙමෙයි. එයාට මිනිස්සු පාලනය කිරීමේ තීක්ෂණ හැකියාව අඩුයි. වටේ ඉන්න අය ලවා මැර කමෙන් පාලනය කරන්න තමයි පෙළඹෙන්නේ. අන්තිමට වටේ ඉන්න අයත් පාලනය කරගන්න බැරි උනා. එහෙම කෙනෙකුට ආපහු රට දෙන්න කියන්න එපා (බ)
ඔබේ කියමන හරි ලලිත් "ජේවීපිය අඩුපාඩු හොයන්න දක්ෂයි. එ්ත් වැඩ බෑ වගේ" මම ජේවීපි විවේචනාත්මකව බලල ඡන්දය දුන් කෙනෙක්... නමුත් වත්මන් හැසිරීම බොහොම කණගාටුයි... විවේචනය හැරුනුකොට ඍජු ප්‍රතිපතියක් දැන් දිස්වන්නේ නෑ... සමාජවාදය එජාප තුලින් දැක මෛත්‍රී පිල සමග ගොස් මහින්ද පිලට බනින නමුත් කිසිත් කළනොහැකි බව ව්‍යවස්ථා සභාවේ තනතුරු දරා ඔහේ සිටීමෙන් මනාව ඔප්පුකර තිබේ...(බ)
අපි මෛත්‍රී මහතාට බලය දුන්නේ නැවත වංචාවට,දූෂණයට ඉඩදීමට නොවේ. එය සිතේ තබා ගත්තොත් හොඳයි (නි)
වෙන්න ඕන දේ වෙලා ඉවරි,වඩාත් හොද දේ සිද්ධ වුණා (ම)
මහානාම, ඔයා කතාකරන්නේ අතීතය ගැන.අතීතයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් තිබුනේ නැහැ.මේ කතාකරන්නේ වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් ගැනනේ. ඔයාගේ උත්තරය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. ඔයත් සුදුසුයි මේ පාර්ලිමේන්තුවට. (නි)
ජනතාවගේ පැතුම මහින්දයි (නි)
ඉතිහාසය ගැන කතාකරන්න එපා.වර්තමානය ගැන කතාකරන්න.මොකද අපි කවුරුත් දන්නවා හැම පක්ෂයකම ඉතිහාසය.පටු අදහස් ඉවත්කරලා දැන් වත් එකට එකතුවෙලා,දුෂණයෙන් තොරව රට හදන්න උදව්වෙන්න.දුෂිත දේශපලකින් මේ සැරේ පලවා හරිමු. (අ)
කොන්ද කෙලින් තියාගෙන රටට අනන්‍යතාවයක් ලබාදුන්නේ කව්ද කියන එක මේ රටේ ඉන්න මිනිස්සුන්ට අමතක වීම කරුමයක්. එකම නායකයා රටේ ඉන්න ඕනි කියල කිසිම රටක ව්‍යවස්ථාවක ලියල නැති බව අපි හැමෝම දන්නවා. එහි වෙනසක් තිබිය යුතුය. ඒත් අපේ රටේ අගමැති දැක්කම රටරටවල ඉන්න මිනිස්සු කියන ඒවා ඇහුණාම අපිට නම් කියන්න දෙයක් නැහැ. අනිච්චේ දුක්කේ කියනවා ඇරෙන්න (බ)
"මහින්ද ඕනෑ" කියා මතයක් හදන්න උත්සාහ ගන්නේ කවුද? කුමකටද? ඒ ගැන ජනතාව තේරුම්ගත යුතුය. (නි)
සහතික ඇත්ත. (නි)
කතා වැඩක් නැහැ. රටක් විදියට වැඩ කරමු.රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව තාප්ප කැත නොකර විශ්ව විද්‍යාල වල ළමයින්ට ඉගෙනගන්න දීලා පාඩුවේ ඉන්න එක (නි)