IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


19 දියාරු වුණේ මහින්ද-මෛත්‍රී බල පොරය නිසාලු

‘මීළඟ ජනාධිපති, අගමැති වෙන්නේ කවුදැයි හිතා ව්‍යවස්ථා සංශෝධන හදන්න බැහැ. එජාප නායකයා ක්‍රියා කළේ මීළඟ අගමැති තමන් කියා හතලයි. ශ්‍රීලනිප මෛත්‍රී පිල හා මහින්ද පිල තම තමන්ගේ බලය තහවුරු කර ගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගත්තා. ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ සමුළුවේ විධායක සභාවේ බල පොරයක් තිබෙනවා. එම නිසා 19 මීට වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගන්න බැරි වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘ මෛත්‍රීපාල හිතුවා තමන්ට තිබෙන විධායක බලයෙන් කොටසක් හරි ඉතිරි කරගෙන මහින්ද පිල පරද්දන්න පුළුවන් කියලා. නිමල්, සුසිල්, අනුර යාපා ඒ වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද පිළ හිතුවා මේ පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව ආරාජිකයි කියා පෙන්වන්න. එනිසා ඔවුන් පාර්ලිමේන්තුවේ නොනිඳා හෝ නිදාගෙන උපවාස කළා. පාර්ලිමේන්තුව අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද ඕනෑ කියා මතයක් හදන්න උත්සාහ කළා. මේ බල පොරය නිසා 19 මීට වඩා යහපත් කරන්න තිබූ අවස්ථාව අහිමි වූණා.‘

‘රනිල්ගේ, මෛත්‍රීගේ, මහින්දගේ බල අරගලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළා. ‘



අදහස් (0)

19 දියාරු වුණේ මහින්ද-මෛත්‍රී බල පොරය නිසාලු

මංගල Thursday, 30 April 2015 01:06 AM

තණ්හාව, ඊර්ෂ්‍යාව,කෑදරකම රටටම විපතක් (නි)

:       0       0

අසේල Thursday, 30 April 2015 08:43 AM

මහින්ද අගමැති කළ යුතුයි රටේ ආරක්ෂාවට (බ)

:       0       0

තිස්ස Thursday, 30 April 2015 08:43 AM

ජේ ආර් ගේ ව්‍යවස්ථාව හැමදාම බලයේ ඉන්න හැදුවේ .එ්කෙන් එජාපෙ ඉල්ලන් කෑවා. අදත් හැමදාම බලේ ඉන්න හැදුවොත් වෙන්නේ එ්ක තමා. මහින්දත් බලය දාල යන්න බැරුව 18 හදල බැලුවා. එතනත් කොන්ද පන තියන කෙනෙක් හිටියේ නැහැ .කොන්ද කෙලින් තියන පාලකයෝ ටිකක් කවදා ලැබෙයි ද? ජවිපෙ නම් කාලයක් ඇමතිකම් කළා ජරාව කෑවෙ නැහැ ,සරත් මහත්තයත් හමුදාවේ හම්බ කළේ නැති හැඩයි .එ් අය ගැන හිතුවොත් නරකද? (බ)

:       0       0

මහානාම - කඳාන Thursday, 30 April 2015 02:09 AM

අපි දන්නවා ජේ වී පි එකේ ඉතිහාසයත් (නි)

:       0       0

නාලනී Thursday, 30 April 2015 03:04 AM

මහින්ද කියන්නේ රට රැකපු, රට හදපු එඩිතර නායකයෙක්.අපි කැමතියි ඔහු නැවත බලයට එනවට. (නි)

:       0       0

සුභාෂ් Thursday, 30 April 2015 03:29 AM

මේ කතාව නම් හරියට හරි. මහින්ද දැන් කරන දේවල් වලින් රට අවුල් වෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 30 April 2015 03:29 AM

වින්ස්ටන්ට්, ලංකාවෙ බහුතරයකට තියෙන්නේ “මෙමත්‍රීට ඡන්දෙ දුන්නාම, රනිල් අගමැතිවුණේ කොහොමද“ කියන එකයි. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 03:39 AM

මහානාම, කියන දෙය තේරුම් ගත්තා නම් නේද හොද? (නි)

:       0       0

අසංක Thursday, 30 April 2015 03:51 AM

ප්‍රතිපත්තියකුත් නෑ, හැමදේටම විරුද්ධයි, විසදුමකුත් නැති සෙට් එකේ ලොක්කා (බ)

:       0       0

ගෝමස් Thursday, 30 April 2015 04:00 AM

හරියට හරි මේවා අපි වගේ පිටරට ඉන්න සාමාන්‍ය අයටත් හොඳින් තේරුණා පසුගිය සති කීපය තුළ පළවූ පුවත් කියවනකොට. මෙතරම් හෝ වෙනසක් කරගැනීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක්. (බ)

:       0       0

කවින්ද Thursday, 30 April 2015 04:17 AM

ඔයාට මේවා කතා කතා කරන්න බැහැ.ඔයා ලක්ෂ 350 මුදල් වංචාවට උත්තර දෙන්න.(බ)

:       0       0

ලලීන් රෝසා Thursday, 30 April 2015 04:32 AM

ජේවීපිය අඩුපාඩු හොයන්න දක්ෂයි. එ්ත් වැඩ බෑ වගේ (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 30 April 2015 04:47 AM

මහින්ද ජනාධිපතිතුමා මේ රටේ හිටපු ශ්‍රේෂ්ට නායකයෙක්. එකේ විවාදයක් නෑ. නමුත් එතුමා අතින් සිදු වූ වැරදි ඉවසා ගන්නම බැරි තැන ජනතාව තීන්දුවක් ගත්තා. ඔය හැම කෙනෙක්ම හොඳින් මතක තියාගන්න ඕනේ එතුමාව ගෙදර ඇරියේ මෛත්‍රීවත් රනිල්වත් නෙවෙයි, මේ රටේ මිලියන 6 කට වඩා වැඩි ජනතාවක් විසින් බව. (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:27 AM

71දි සහ 88,89 දී නම් යහපත් සංශෝධන කළා නේද (බ)

:       0       0

මැටිපහන Thursday, 30 April 2015 05:32 AM

මහින්ද හොඳ මැනේජර් කෙනෙක් නෙමෙයි. එයාට මිනිස්සු පාලනය කිරීමේ තීක්ෂණ හැකියාව අඩුයි. වටේ ඉන්න අය ලවා මැර කමෙන් පාලනය කරන්න තමයි පෙළඹෙන්නේ. අන්තිමට වටේ ඉන්න අයත් පාලනය කරගන්න බැරි උනා. එහෙම කෙනෙකුට ආපහු රට දෙන්න කියන්න එපා (බ)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 30 April 2015 05:44 AM

ඔබේ කියමන හරි ලලිත් "ජේවීපිය අඩුපාඩු හොයන්න දක්ෂයි. එ්ත් වැඩ බෑ වගේ" මම ජේවීපි විවේචනාත්මකව බලල ඡන්දය දුන් කෙනෙක්... නමුත් වත්මන් හැසිරීම බොහොම කණගාටුයි... විවේචනය හැරුනුකොට ඍජු ප්‍රතිපතියක් දැන් දිස්වන්නේ නෑ... සමාජවාදය එජාප තුලින් දැක මෛත්‍රී පිල සමග ගොස් මහින්ද පිලට බනින නමුත් කිසිත් කළනොහැකි බව ව්‍යවස්ථා සභාවේ තනතුරු දරා ඔහේ සිටීමෙන් මනාව ඔප්පුකර තිබේ...(බ)

:       0       0

නුවන් Tuesday, 05 May 2015 12:58 AM

අපි මෛත්‍රී මහතාට බලය දුන්නේ නැවත වංචාවට,දූෂණයට ඉඩදීමට නොවේ. එය සිතේ තබා ගත්තොත් හොඳයි (නි)

:       0       0

වාසනා Wednesday, 29 April 2015 02:27 PM

වෙන්න ඕන දේ වෙලා ඉවරි,වඩාත් හොද දේ සිද්ධ වුණා (ම)

:       0       0

ජයනන්ද Saturday, 02 May 2015 04:39 PM

මහානාම, ඔයා කතාකරන්නේ අතීතය ගැන.අතීතයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් තිබුනේ නැහැ.මේ කතාකරන්නේ වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් ගැනනේ. ඔයාගේ උත්තරය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. ඔයත් සුදුසුයි මේ පාර්ලිමේන්තුවට. (නි)

:       0       0

ටියුඩර් Wednesday, 29 April 2015 05:29 PM

ජනතාවගේ පැතුම මහින්දයි (නි)

:       0       0

සම්පත් Thursday, 30 April 2015 06:40 AM

ඉතිහාසය ගැන කතාකරන්න එපා.වර්තමානය ගැන කතාකරන්න.මොකද අපි කවුරුත් දන්නවා හැම පක්ෂයකම ඉතිහාසය.පටු අදහස් ඉවත්කරලා දැන් වත් එකට එකතුවෙලා,දුෂණයෙන් තොරව රට හදන්න උදව්වෙන්න.දුෂිත දේශපලකින් මේ සැරේ පලවා හරිමු. (අ)

:       0       0

මාරි විලියම්ස් Thursday, 30 April 2015 07:01 AM

කොන්ද කෙලින් තියාගෙන රටට අනන්‍යතාවයක් ලබාදුන්නේ කව්ද කියන එක මේ රටේ ඉන්න මිනිස්සුන්ට අමතක වීම කරුමයක්. එකම නායකයා රටේ ඉන්න ඕනි කියල කිසිම රටක ව්‍යවස්ථාවක ලියල නැති බව අපි හැමෝම දන්නවා. එහි වෙනසක් තිබිය යුතුය. ඒත් අපේ රටේ අගමැති දැක්කම රටරටවල ඉන්න මිනිස්සු කියන ඒවා ඇහුණාම අපිට නම් කියන්න දෙයක් නැහැ. අනිච්චේ දුක්කේ කියනවා ඇරෙන්න (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 29 April 2015 08:16 PM

"මහින්ද ඕනෑ" කියා මතයක් හදන්න උත්සාහ ගන්නේ කවුද? කුමකටද? ඒ ගැන ජනතාව තේරුම්ගත යුතුය. (නි)

:       0       0

දහම් Wednesday, 29 April 2015 10:25 PM

සහතික ඇත්ත. (නි)

:       0       0

සම්පත් Tuesday, 05 May 2015 06:18 AM

කතා වැඩක් නැහැ. රටක් විදියට වැඩ කරමු.රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව තාප්ප කැත නොකර විශ්ව විද්‍යාල වල ළමයින්ට ඉගෙනගන්න දීලා පාඩුවේ ඉන්න එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site