අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හරියටම අද පස්වරු 7 ට සිය පිළිතුරු කථාව අවසන් කළේය. කථානායක චමල් රාජපක්ෂ මහතා දෙවැනි වර කියවීම ඉදිරිපත් කළේය.
මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම ඇරඹිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු කථාව කරමින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමට එදා සිට අද දක්වා ගත් ක්‍රියාමාර්ග විස්තර කළේය.
මෙම ක්‍රමය ඇති කළ ජේ.ආර්.ජයවර්ධන දවසක් තමා සමග පැවසූයේ ‘රනිල් මේ තනතුරට පත්වන කිසිම කෙනෙක් මේ බලතල ඉවත් කිරීමට කැමති වන්නේ නෑ. එයා පැරදුණොත් පමණයි බලතල නැතිවන්නේ‘ ජේ.ආර් එදා එසේ කීවත් එම තනතුරට පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනපති එම පදවියේ රැඳී සිටිමින්ම සිය අයිතිවාසිකම් කපා දැමීමට එකඟවී සිටිනවා. එය සුවිශේෂ සිද්ධියක්. 19 වැනි සංශෝධනයෙන් විධායක ජනපති ක්‍රමයේ සියලු දොස් නොනැසෙන නමුත් ලද දෙයින් සතුටුවීමට අපට සිදුවී තිබෙනවා. ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වූ වගන්ති අප ඉවත් කළා. පාර්ලිමේන්තුවට වගකියන ජනපතිවරයකු ඇතිකිරීම සඳහාවන සංශෝධන ඉදිරිපත් කළා. ගිය රජය අහෝසි කළ 17 වැනි සංශෝධනයේ අහිමි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවනවා. 18 වැනි සංශෝධනය ඉවත් කරනවා. ඉන් කියවුණේ දෙවරකට වඩා පුද්ගලයකුට ජනපති පදවිය දැරිය හැකි බවයි. මේ සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා. ඒ අනුව තරග කළ හැකි වාර ගණන දෙකයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාවා නොදී , ලබා ගත් නිදහස පාවා නොදී , බෙදුම් වාදීන්ට රට නොදී , රණ විරුවන්ව ආරක්ෂා කරගෙන , මහින්ද , බැසිල් ගෝටා යන හිරේ නොවේ එල්ලා මැරුවත් අපිට කමක් නැ . මොකද අද අපේ සමහරක් අයට අද ප්‍රබාකරන් ට වඩා හතුරෙක් ලෙස පෙන්නේ මහින්ද ව නේ (බ)
දැන් ඉතින් කළයුත්තේ මේ රටේ ජනතාව දේශපාලන වහලුන් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමයි. (නි)
ඇති යාන්තම්... (නි)
ඉතින් ඒක කරනවා කියල නේන්නම් දහඅතේ දිව්රලා පොරොන්දුවෙලා ආවේ.අනෙක් කවුරුවත් ඕක මුලට දාලා ඡන්දෙ ඉල්ලුවේ නැහැනේ.කොහොම වුණත් විධායකයේ තටු කැපිලා නම් නැහැ.ඉස්සර වගේම පියාඹන්න පුළුවන්. (නි)
පාදඩකරණය වූ මෙරට සමාජ දේශපාලන ක්‍රමය පවිත්‍ර වීමට 19 ඉවහල් වේවා (බ)
මෛත්‍රී රනිල් ඔබ විශිෂ්ටයි. රටට අනාගතයට ජය (බ)
මෙය ඓතිහාසික අවස්ථාවකි. පනතට පක්ෂව ඡන්දය දුන් සැමට අපගේ ප්‍රණාමය! (නි)
මහානාම කඳාන මහත්තයෝ, ඔයා මත්්‍රදව්‍ය අරගෙනද ඉන්නේ? රටේ සිදුවූ හොර මැරකම්, දුෂණ, ජනතා මුදල් කොල්ලකෑම දුටුවෙම නැද්ද? මෛත්‍රී කියන්නේ දෙවියෙක් වැනි කෙනෙක්. තමාගේ බලතල කප්පාදු කරගත් එකම ජනාධිපති (නි)
මහනාම - කඳාන, ඔබතුමා ඔය විකෘති වූ මනසෙන් ඈත්වෙලා පියවි ලෝකෙට එනවද? මෛත්‍රී, රනිල්, ඔබ විශිෂ්ටයි.ඉදිරියේදී ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මුළු රටම ගොඩනඟනවා (නි)
මේ ජයග්‍රහණ රටේ දියුණුව වෙනුවෙන් යොදවමින් ජනතා සිතුම් පැතුම් ඉටුකිරීමට අතිගරු ජනාධිපති සහ අතිගරු අගමැති දෙපළට ශක්තිය ලැබේවා! අති විශිෂ්ටයි. රටට අනාගතයට ජය! ජනතාව ලැබූ මේ ජය එකතුකරගෙන ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් අභිමානවත් ශ්‍රී ලංකාවක් ලෙස ලෝකය ඉදිරියේ පෙන්වීමට ඔබ දෙපළට හැකිවෙනු ඇත. (නි)
හිතවත් මහානාම මහතාණෙනි , ඔබ හරියට දන්නවා නම් මේ ආකාරයට කියන්නේ නැහැ. අපි අතීතයේ දුටු මහින්ද නෙමෙයි මේ මහින්ද කියලා මම හිතනවා (නි)
මහානාම-කඳාන, කිසිවෙක් හිරේ යැවීමට දෙයක් පාර්ලිමේන්තුවේ සිදුවී නොමැත.සරලව කියනවා නම් රටේ පාලනයේ නිවැරදි වියයුතු තැනක් පක්ෂ භේදයකින් තොරව යම්තාක් දුරට ඉටුකර ගැනීමක් සිදුවී තිබෙනවා. හැමදෙයක්ම එක පුද්ගලයෙක් මත පිහිටා අදහස් ප්‍රකාශ කිරීමට යාම ඔබත්,පිවිතුරු යහපාලත්,සුමුදු හේවාත් තුළ දකින්නට ඇති ලක්ෂණයකි. එසේ කිරීම ඒ තුළ යැපීමක් බව ඔප්පුකර ගැනීමකි. (නි)
මහානාම, යන්නේ කොහෙද මල්ලේ පොල්. මේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි පුවත. මහින්දගේ වැඩ ගැන පරීක්ෂණ නොවෙයි. (නි)
මහනාම - කඳාන, මොනවද මේ කියන වැඩකට නැති කතා. කවුරු කළත් හොඳ දේ හොඳයි. ඒක අගය කරන්න පුරුදු වෙන්න යාළුවා. මේකෙන් රටට හොඳක්නේ වෙන්නේ. රටේ බහුතර අංශ දේශපාලනයෙන් මිදිලා ස්වාධීන වෙන එක මොනතරම් හොඳද? (නි)
අනේ! අපේ පුංචි ලංකාවත් දියුණු වෙනවා නම්, මඩගොහොරු දේශපාලනය සුද්ද වෙනවා නම් මොනතරම් අගනේද? මෙම නව වෙනස එයට මුලපුරයි කියලා හිතනවා. (නි)
අනේ! අපිට නම් මහින්ද මහත්තයාවත් ගෝඨාභය මහත්තයාවත් හතුරෙක් ලෙස පෙනෙන්නෙ නැහැ. එතුමන්ලා කළ හොඳ හැමදාම තිබෙනවා. නමුත් ඊටපසු ඇතිවූ හා ඇතිවෙමින් පැවති සිදුවිම් ගැන ජනතාවගේ අප්‍රසාදය තමයි ඡන්දයෙන් ප්‍රකාශ කළේ. ඊට වඩා දෙයක් එතන නැහැ. (නි)
අමතක කරලමු පැරණි කතා..... එක්වෙමු ජාතික දියුණ පතා........... නැඟී සිටිය හැක එක්සක් වී...... බෙදීගියොත් රට යයි සුන්වී........ (නි)
වික්‍රමනායක මන්ත්‍රීතුමා දැන් මොනවාද දන්නෙ නැහැ කියන්නේ? (නි)
විරුද්ධව ඡන්දෙ දුන් කෙනයි, ඡන්දය දීමෙන් වැළකුනු කෙනයි ගැන කියන්න වචන නැහැ මට. (නි)
මහනාම - කඳානට වයර් මාරුවෙලා වගේ (නි)
ජයවේවා! ජයවේවා! (නි)
මෙලෝ මනුස්යෙක් මේකට ඡන්දය දෙන්නෙ නැතුව ඉන්නෙ නැහැ. (නි)
මහනාම - කඳානට ඔක්කොම රුයිතෙට පෙනෙන්නේ. කවදා හැදෙයිද මන්දා? "ජීවිතයේ දරුණුම සතුරා ආත්මාර්ථකාමිත්වයයි" කියලා කියමනක් මම අහලා තිබෙනවා. (නි)
මහනාම - කඳාන, රට ගැන හැඟීමක් නැහැ. මොනවා කිව්වත් කියන්නෙ අර මහත්තයා මේ මහත්තයා ගැන විතරයි. තමන් වන්දනාමාන කරන පුද්ගලයින් පුම්බන්න විතරයි උවමනාව. සමස්තයක් ලෙස ප්‍රශ්නයක් දිහා බලන්න දන්නෙ නැති කෙනෙක්. (නි)
විරුද්ධව ඡන්දය දුන් කෙනාටයි, ඡන්දය දීමෙන් වැළකුනු කෙනාටයි ඊයේ රෑ ඉඳලා කිවිසුම් ගිහින් ඉවරයක් නැතුව ඇති. කෝටි 2 ක විතර ජනතාවක් මතක් කරනවනේ. (නි)
අර හිමිනමක් කිව්වා නේද 19 වන සංශෝධනය කියන්නේ මරණ වරෙන්තුවක් කියලා. ඒ ස්වාමින් වහන්සේට දැන් හිතෙන්නේ මොකක්ද දන්නේ නැහැ. (නි)
මුලින් ගෙනාපු එකට වෙනස්කම් -එකඟ වුන එක දස්කම්.(හේ)
රජෙක් නැතිව සාමාන්‍ය මනුස්සයෙක් රටක ජනාධිපති වීමේ වැදගත්කම මෙම දේවල්වලින් පේනවා. (ත)
තාම යහ පාලනයක් නම් නැහැ...ඉස්සරහට වුනොත් එ්ක ලොකු දෙයක්. (බ)
ශෂික, ඊයේ රෑ තමයි 19 සම්මත වුනේ. උදේ නැගිටලා බලන කොට යහපාලනය තියෙන්න විධියක් නැහැ. (බ)
යහපාලනය කියන්නෙ කඩේකට ගිහින් සල්ලි දිලා ගන්න පුළුවන් වගේ දේකට නෙමෙයි. ඒක නිතියෙන් හා රටේ ජනතාවගේ කැපවීමෙන් හදාගතයුතු දෙයක්. මහජන මුදල් හොරකම් කරන්න බය විම යහපාලනය ඇති රටක පුරවැසියන්ගේ ලක්ෂණයක්. ඒවගේම හොරකම් කරලා අහුවුනොත් තරාතිරම නොබලා නිතියෙන් දඩුවම්දිම යහපාලනය ඇති රටක තවත් ලක්ෂණයක් (බ)