‘ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා. මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ. බයවෙන්න එපා ඊළඟ පාර මං ඉල්ලන්නේ නෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී පැවසීය.
දෙවරක් ජනපති ධුරය දැරූ පුද්ගලයකු යළිත් තෙවැනි වර එම පදවියට තරඟ කිරීම වළක්වමින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති 1978 ව්‍යවස්ථාවට ඇතුළු කළ වගන්තිය ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 18 වැනි සංශෝධනය ලෙස 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ හදිසි පනතක් ලෙසිනි.
ඉන් පසු සිය ධුර කාලය වසර දෙකක් තිබිය දී ජනපතිවරණයක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ මහතා ඉන් පරාජය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයට නොවේ. රට අරාජික කළ නිසා (නි)
කොච්චර බලයට කෑදරද කියලා බොහෝ දේ වලින් අපිට පෙනෙනවා. (නි)
මහජනතාව විසින් එළියට විසි කරපු මෙයාට බයේ නෙවෙයි ව්‍යවස්ථාව වෙනස් කළේ එයා කරපු දේ නිවැරදි කරන්නයි 18 විසි කළේ (බ)
රජය අපේක්ෂා කළ විධායක ජනාධිපතිධුරයේ බලතල සීමාකිරීමේ අරමුණ සියයට අසූවක්ම පාහේ සාක්ෂාත් කරගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක්. (නි)
අයියෝ! ඔය ඇති. ඒක හරි කරදරයක්. (නි)
එතකොට 18 මඟින් කරන්න හැදුවේ අපිට තව පාරක් ඉල්ලන්න පාර හදන්නද? (නි)
මහින්ද මහත්තයාගේ හැටි අපි දන්නවා. එතුමා රජකම දන්දෙන්න හිටි කෙනෙක්. (නි)
දෙවරකට වඩා ඉල්ලන්න පුළුවන් හැකියාව නැතිකිරීම විදේශීය හා දේශීය කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ. මා මෙයට විරුද්ධ නැත. රනිල්, මෛත්‍රී හෝ අපිට ගැටළුවක් නැත. නමුත් දිනු රට අනතුරේ දමන්නේ නම්, සංවර්ධන කටයුතු අඩපණ වන්නේ නම් අපි දැන් කාට කියන්නද? දෙවරද , තුන්වරද යන්න තීරණය කරන්නේ යල්පැනපු නීති නොවේ, ජනතාවයි (නි)
ඔබතුමා ඉල්ලුවත් කමක් නැහැ. මොකද අපි වගේ අය කවදාවත්" දැන් ඔබතුමාගේ පැත්තේ නෙමෙයි! (නි)
මෙහෙම කතා කරන කෙනෙකුට රටක් පාලනය කරන්න පුලුවන්ද කියල මෙයා වෙනුවෙන් කඩේ යන පිරිස ටිකක් කල්පනා කළොත් තමා හොඳ (බ)
දැන් කොහොමත් ව්‍යවස්ථාවෙන්ම ඊළඟ පාර ඉල්ලන්න බැහැනේ. කලින් ඕක කිව්වෙ නැහැනේ. (නි)
දැන් තමා කියන්නේ (නි)
මහින්ද ඔබ දැන් කළ යුත්තේ ඔබ අතින් නොකළ වැඩ කරන ජනතාවට යමක් කිරීමට දැන්වත් කටයුතු කිරීමට හා රට දියුණුවට වැඩ කිරීමේ හා ඔබේ යටත් වැසි වාසු විමල් දිනේෂ් එකතුකරගෙන වැඩකරන ජනතාව රවටන්නේ නැතුව වෛරය නැතිකරගෙන වෘත්තිය සමිතියට බහින එකයි (බ)
හුග කලකට පස්සේ හුගදෙනෙකුට හරි අවබෝධයක් ලැබිල කියල හිතෙනවා මේ කොමෙන්ට්ස් දිහා බලපුවම හැමෝම එකතුවෙලා පක්ෂ බේද බලන්නේ නැතිව හොරු අයින් කරලා හොද මහත්වරු ටිකක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඊළඟ ජන්දෙදි මගේ ලක්මව ලෝකයේ අයෙමත් හොද තැනක් ගනී. ලංකාවේ ඉන්න අය මොනව කිවත් පසුගිය වසර කිහිපය තුළ ලංකාව මෙරටවල් වල මිනිස්සු සැලකුවේ නොදියුණු අප්‍රිකානු රටක් වගේ (බ)
මහානාම - කඳාන, එතකොට ඕනෑතරම් වාර ඉල්ලන්න පුළුවන් 18 ත් විදේශීය හා දේශීය කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් වෙන්න ඇති නේද? (නි)
මහින්ද මහත්තය ඔය ඉල්ලුවේ තුන්වෙනි වාරේ බව අමතක වෙලාද මන්ද? ඔබතුමා ආයෙමත් ඉල්ලුවොත් මේ පාර ලැබිච්ච ඡන්ද වලින් අඩක්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෛත්‍රීපාල මහත්මයාව එක්සත් ජාතික පක්ෂය , හෙළ උරුමය, ඇතුළු කණ්ඩායම් ජයග්‍රහණය ලබා දෙන්න උත්සහ නොකළා නම් 19 වැනි සංශෝධනය ඔය මුහුණුවරින් නම් එන්නේ නැහැ. ඔබතුමා හිතනවානම් 19 ගෙනාවේ ඔබතුමාට බයේ කියල ඒගැන අපි කනගාටුවෙනවා. ඒවගේම 19 වැනි සංශෝධනයේ ගෞරවය හිමිවෙන්න ඕනේ නව ජනපතිතුමාව පරදවන්න වැඩ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට කියල සමහරු කරන ප්‍රකාශ ගැන පුදුමත් හිතෙනවා.කොහොම උනත් මදකින් හෝ විධායක බලය අඩු කිරීම පිණිස සහාය දීපු 215 ක් මන්ත්‍රීතුමන්ලාට ජනතා ගෞරවය හිමිවිය යුතුයි. (බ)
ඕනෑතරම් වාර ඉල්ලන්න පුළුවන් කාලේ ඕක කිව්වෙ නැහැනේ. (නි)
මොනවා කියවනවද මන්දා! (නි)
පුදුම කතානේ කියන්නේ!ජනපති ව්‍යවස්ථාව නිවැරදි මාවතට ගෙනවිත් තියෙන්නේ. මේ වගේ කතා ජනතා බුද්ධියට අපහාසයක් වගේම තමන්ගේ පිරිහීමත් මැනවින් පෙන්වනවා. (නි)
ඔබතුමා යුද්ධය දිනන්න විශාල දායකත්වයක් දුන්නා. ඒ වෙනුවෙන් කැපවුණා. ඒ සේවයට ජනතාව කළගුණ සළකා අවුරුදු 10 ඔබතුමා බලයේ තියාගත්තා. දැන් ඔබතුමාට තියෙන්නේ ඒ ගෞරවය ආරක්ෂා කරගෙන රටේ ගෞරවනීය ප්‍රභූවරයෙක් වගේ ජීවත්වෙන්න. දැන් රට පාලනය කරන අයගේ හොඳ වැඩ විවේචනය කරන්න එපා. ඒ අයට ඒ අයගේ වැඩ කරගෙන යන්න දෙන්න. (නි)
මහානාම - කඳාන, දැන් ඔය කාගේ සංවර්ධනයද අඩපණ වෙන්නේ? (නි)
මේක මහත්තයෝ 18 ට පෙර තිබුන තත්වයමයි.අපි මැරිලා උපන්නේ නැහැ. (නි)
ඔව් ඔව්. 18 ට පෙර ඒවත් හොඳයි. පස්සෙ ඒවත් හොදයි. 18 තමයි හොඳ නැත්තේ. ඒකෙන්නේ ඕනෑතරම් කල් ඉල්ලන්න පුළුවන් කළේ. 18 තමයි අහොසි කළයුත්තේ. ඒක කළා 2/3 න්. රටට හොඳයි ඒක. (නි)
හරේන්ද්‍ර ඔබ හරි. මම හැමදාම මේක කිව්වා. (නි)
ඔබතුමාට බයේ නෙමෙයි ඒක වෙනස්කළේ. ඔබතුමාට ඉල්ලන්න පුළුවන් වුණා හෝ ඉල්ලන්න බැරිවුණා හෝ කමක් නැහැ, එම සංශෝධනය කළයුතුවම තිබුන ඔබතුමාට කරගන්න බැරිවුණ දෙයක් (නි)
මහින්ද එන එකට බයවෙලාද කොහෙද සමහරු අත ඉස්සුවේ (නි)
තමන් ගැන අතිශයෝක්තියෙන් හිතපු එකම තමයි ඔබතුමාට පරහට හිටියේ. (නි)
රටක සංවර්ධනය එක් පුද්ගලයෙකු මත තිරණයවීමට ඉඩදිය යුතු නැහැ. (නි)
18 වන සංශෝධනය ගෙනාවේ ඇත්තටම ඇයි? (නි)
සිංහයෙක් වගේ ඉන්න ඔබතුමාව අපි ඉහළින් තැබුවා. දැන් මෝඩ කතා නොකියා ආත්ම ගරුත්වය තියාගෙන පාඩුවේ ඉන්න. (නි)
ඊළඟ පාර ගැන අදහසක් නැද්ද? (නි)
අමතක කරලමු පැරණි කතා ....එක්වෙමු ජාතියේ දියුණ පතා.... (නි)
මහානාම - කඳාන සහ සුජීවගේ කතාව ඇත්තයි. ජාතික මට්ටමින් නොව ආයතන මට්ටමින් බැලුවත් නායකත්වය යනු දුර්ලභ සම්පතකි. බෙදුම්වාදය තුරන් කර ලෝකයේ ආර්ථික අවපාතයක් තිබුණු අවදියේ පවා රටට අඛණ්ඩ ආර්ථික වර්ධනයක් උදාකර දුන් මෙතුමන්ගේ නායකත්වයෙන් රටට ගත හැකි ප්‍රයෝජනය ලබාගැනීමයි අප කළයුත්තේ. නිදොස් කෙනෙක් නැති මෙදියත මෙතුමන්ගේ ඇද කුද සොයන උදවිය තුළ කෙතරම් නම් අඩුපාඩු ඇද්ද? එතුමන් මව්බිමට කළ මෙහෙයෙන් අංශුමාත්‍රයක් හෝ ඔවුන්ගෙන් තම මව්බිමට ඉටු වී ඇද්ද? (නි)
රණවීර මහතා හා බණ්ඩාර මහතාට ස්තුතියි (නි)
මාගලි ෆොන්සේකා ඔය කියන්නේ කවුරු ගැනද? (නි)
අනේ! කිතුලට ගිය මිනිහෙකුත් ඔය කතාවම කිවුවලු (නි)
මේ අදහස් දාන මේ රටේ වැඩිහරියක් මිනිස්සු මොනතරම් කුහකද? (නි)
අබේරත්න - ටෝකියෝ, රේණුකා සහ ප්‍රකාශ්, ඔයාලගේ කතා සහතික ඇත්ත. (නි)
මහින්ද රාජපක්ෂ නම් ලක්මව රැකගත් ශ්‍රේෂ්ඨ වීරවරයාට අපහාස කිරීම නොවටී (නි)
මොනවද මේ විහිළු කතා? (නි)
බණ්ඩාර මහතා නොදන්නවා ඇති අද ආණ්ඩුවේ පඩි ගෙවාගන්න සල්ලි නැහැ (නි)
උත්තරය මේ පුවතේම තියෙනවා...... (නි)
දැන් හිටපු ජනාධිපතිතුමා කරන ප්‍රකාශ හරිම පරස්පරවිරෝධීයි. (නි)
බයට නොවෙයි මහත්තයෝ. (නි)
ඇට නැති දිව! (නි)
මම නම් කියන්නේ ඕනෑතරම් වාරයක් ඉල්ලන්න අවස්ථාව තියන්න ජනතාව තීරණය කරාවි. ඉන්නවද යවනවද කියන එක පහුගිය ඡන්දෙදි දැක්කනේ (නි)
මොනවා වුණත් කළේ හොඳ වැඩක් (නි)
අනේ! අපි ඕවා දන්නෙ නැහැ (නි)
ලසන්ත, හරේන්ද්‍ර කියන එක හරියට හරි, යුද්දේ නැති රට හොඳින් පාලනය කරලා ලස්සනට විශ්‍රාම යන්න තිබුණා. (බ)
අනිවාර්යෙන්ම බයක් තියෙන්නවා නැවත ඇවිත් ගඩාපී යුගයක් අැතිවුනොත් ..අසරණ අපි කාටද කියන්නේ (බ)
දැන් කට්ටිය හරි සද්දෙයි.ඔය සද්දේ තව ටික කාලයක් යනකොට බලාගන්න පුළුවන්.කොහොමද කියන එක.මේ රටේ තිබුන කොටි ත්‍රස්තවාදය කිසිම පාලකයෙකුට ඉවර කරගන්න බැරිවුනා.වවාගෙන කැවා.නමුත් මහින්ද මහත්මා එය සාර්ථකව ජයගත්තා.දැන් එතුමාට ගරහන මේ නිවට පිරිස එදා කීවේ කුමක්ද?පාමංකඩ ,කිලිනොච්චි කතා තොප්පිගල කියන්නේ කැලෑවක් කීව.එදත් කළේ කකුලින් අදින එකයි.විදේශ කුමන්ත්‍රනත් එක්ක එකතු වෙලා තමයි ඒ වගේ නීච වැඩ කෙළ්.මහින්ද මහත්මා කොන්ද ඇතුව තමයි සියල්ල ජයගත්තේ.එතුමාව විනාශ කරන්න තමයි මේ හැම තුරුම්පුවක්ම ඉදිරියට එන්නේ. (බ)
කොටි බෝම්බ පුපුරවනකොට කට්ටිය කොච්චර භයෙන්ද හිටියේ ඒවාට කතා කළේ නැහැ නේද? හැංගිලා නේද හිටියේ.අවුරුදු 30 කොටි ශාපය කට්ටියට අමතක වුනාද.රනිල්ලාගේ,ජවීපෙ ටයර් සෑයවල් අමතකද? (බ)
මිදී තිත්තයි කියල තියෙනව ඉස්සර (බ)
නිවට නායකයන්ට වඩා තාමත් මිනිසුන් ඔබට හදවතින් ආදරය කරනවා , ඔබ දුන් නායකත්වය සටන දිනුදා කිරිබත් කාපු හැටි තාමත් අද වගේ මතකයි බහුතර සිංහල ලේ ඔබ සමග (බ)
ඔබට දිනන්න පුළුවන් අවස්ථාවක දිනාගන්නට නුපුළුවන්වුනානම් ඉදිරියේදී ඔබ කොහොම දිනන්නද ? දැන් ඉතිං මේ වාගේ ගැලරියට මොකක් හරි කිය කියා ඉන්න තමයි වෙන්නේ !!! (බ)
ඔව් ඔයාට බයයි එ්ක නිසා තමයි ඔයාව පැරැද්දුවේ මිනිස්සු (බ)
ඔබතුමා බලයේ ඉන්නකොට හිතන් හිටියේ තුන්පාරක් නෙමෙයි සදහටම රජවෙලා ඉන්න නේද? ඒ හින්දනේ 18 වන සංශෝධනය ගෙනාවේ...මේවට අපි හිනාවෙන්න ඕන කොහොමද.....? (බ)
මෙතන අදහස් දන අයගෙන් තේරෙනවා රටට වෙලා තිබුණු හා රටට වෙන්න යන දේවල් ගැන කිසිම අවබෝධයක් නැති අය වැඩි හරියක් මේ රටේ ඉන්නේ කියල. අංගුලිමාලටත් රහත් වෙන්න හැකි වුනානම් අපි මෙතුමාව ආරක්ෂා කරගත යුතුමයි. රටේ අනාගතය උදෙසා. රාජපක්ෂ කෙනෙකු මේ රටේ නොහිටිය නම් අද මේ රටේ තත්වය කුමක්ද ? වැඩිය කල් යන්නේ නැහැ. ඉදිරි අවරුදු 2 යද්දී ඔබලා සියල්ලන්ටම යථාර්තය වැටහෙයි. (බ)
ඔබතුමා 2010 න් පසු ඉතා දැහැමින් සෙමෙන් රට පාලනය කරපු හැටි හොඳට දැකපු ලක්ෂ 62ක් ජනතාව බොහෝසෙයින් සතුටට පත් වූ නිසා තවත් තුන්වැනි වතාවකටත් එපා කියල ගෙදර යැව්වේ තව දුරටත් ඔවැනි කතා අසන්න නොවෙයි නේද? (බ)
මෙයා තාම කිරි බොනවද? බබා වගේ මුකුත් දැන් නෑ. (බ)
ජනාධිපතිතුමා කල්පනාවෙන් වැඩ කළොත් හොදයි මොකද පසුගිය දිනෙක වුන සිද්දිය නිසා (බ)
හරේන්ද්‍රෙග් අදහස හරියටම හරි..... ඔබගෙන් අපට දැකිය හැකි විය යුත්තෙ පරිණත දේශපාලනයෙකුගෙ ලක්ෂණ මිසක් තුට්ටු දෙකේ කතා කියව කියව යන කයිවාරුකාරයෙකුගෙ ලක්ෂණ නෙමෙයි..(බ)
කොටින්ගෙන් නිදහස්කරගත් රට සමහරුන්ට උලා කන්නට දීමේ විපාක දැන් ගෙවනවා, ඔහේ විතරක් නොවෙයි අපිත්. (බ)
මෙයාට විතරක් නෙවෙයි මෙයාගේ පුතාටත් ඊලග පාර ඉල්ලන්න බැරිවෙන විදිහටයි මේ සංශෝධනය ගෙනල්ල තියෙන්නේ අවම වයස 35 කිරීම තුළින්, එහෙත් විමුක්ති කුමාරතුංගට ,ඔහුගේ වයස අනුව ඒ වෙනකොට ජනාධිපතිවරණයට ඉල්ලිය හැකියි. මොකද නාමල් 1986, විමුක්ති 1982. අවසානයේ මෙහි යටි අරමුණු ඉතා පැහැදිලියි මේක නිකන් වටේ සිනි ගාපු තිත්ත කරවිල ගෙඩියක් වගේ. ජනතා ජයග්‍රහණයක් වගේ පෙන්නුවට, මේකේ ඇතුලේ තියෙන්නේ පවුල් අරගලයක් බලය වෙනුවෙන් (බ)
හැමතිස්සෙම තමන් හරි කියල හිතාගෙන ඉන්න, තමන් ගැනම උදම් අනන්නේ මෝඩ මිනිස්සු...(බ)
බයවෙන්න එපා .නැවත ඉල්ලුවත් නැවතත් පරාජය කරන්න ඡන්ද දායකයා සූදානම්ව ඉන්නවා (බ)
මම නම් හිතන්නේ ඔබතුමා තමුන්වම වර්ණනා කරගන්නේ නැතුව රටට වැදගත්වෙන සහ රටේ දුප්පත් අහිංසක ජනතාවට ප්‍රයෝජනවත් දෙයක් කරනවානම් කියනවනම් හොඳයි කියල (බ)
ජය පරාජය ස්ථිර දෙයක් නොවේ (බ)
කට්ටිය නිකන් මහසෝනා දැක්කා වගේ බයවෙලානේ! (නි)
ලැජ්ජාවක් තියනවාද (බ)
රට බේරාගත්තට අපි සැලකුව එතුමට කොන්දේසි විරහිතව. ඊට පස්සෙ කළ කි දේවල් අනුමත නොකළ නිසා පරාද වුනා. ඒ පරාජයට වටේ හිටපු කට්ටිය සෑහෙන වගකිව යුතු වුණා. ඕක තමයි සාරාංශය. (බ)
නොමියන මිනිසුන්ද ඔබ ....... ? (නි)
යහ පාලන මිතුරන්ට දැන ගැනීමටයි. කුඩු එතනෝල් කියල කයිවාරු ගහලා ඡන්දෙ ගත්තට … කෝ වෙලේසුදා දුමින්ද අරුන්දික …හිරේදාලද ? (බ)
රේණුක හීනෙන් අවදිවෙලා!!! (නි)
ඔබතුමා ජේආර් ජයවර්ධන මහතාටත් එහාට යන්න හැදුවා, එ්කයි වර දුනේ. එතුමා ගෙන් පාඩම් ඉගෙන ගත්හා නම් වර දින්නේ නෑ. ආයිත් දේශපාලනය එපා. නම්බුව තියා ගන්ඩ. හොරු ටික අල්ල ගන්ඩ ඔබ තුමාගේ උදව්වත් ඕනා . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. (බ)
දැන් පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න.කරපු පව් සේදිලා යන්න. (බ)
රටක් පාලනය කරන්නේ 18 -20 අයට දිලා හරියන්නෙ නැහැ. 18-20 අයට තමයි හිතෙන්නේ ඡන්ද දිනන්න ඛාන්ලා ගෙන්නුවාම හරි වගේ බොළඳ දේවල්. අවම වයස 35 ක්වත් විය යුතුමයි. මොලේ පෑදෙන්නෙ 35-40 වුනහම කියන එක ලෝක සත්‍යයක්. (බ)
මහින්ද ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා (බ)
හරි මෙතුමා ම රටට මොකුත්ම කළේ නෑ කියමුකො ...එ්ක නිසා පැරදුනා..නැතුව යාපනේ ඡන්ද අරගෙන හමුදාව අයින් කරලා ,අධි ආරක්ෂක කලාප අයින් කරලා නෙමෙයිනේ..දැන් ඔය 19 සම්මත කරලා ජනාධිපතිගේ බලතල අඩුකළා කියල කෑ මොර දුන්නට මෙතන කවුරුවත් දන්නේ නෑ. මොනවද අඩු කරලා තියෙන්න කියල..පොඩ්ඩක් කියවල බලන්න කියන තරම් දෙයක් වෙලා තියනවද කියල (බ)
වෘත්තීමය හොරු ඒවා කරන්නෙ ලේසියෙන් අල්ලන්න පුළුවන් වෙන්න නෙමෙයි. ඒක දැන දැනත් "කෝ ඇල්ලුවද?" කියලා කයිවාරු ගහන එකනම් හරි නැහැ නේද? වෙලේ සුදා නම් හිරේ තමා අපි දන්න විදියට. (බ)
හතරවැනි පාරත් ඉල්ලන්ඩ හිතන් ඉන්න ඇති (බ)
අනේ ඔබතුමාට මුල මතක නැති හැටි . කිව්වේ නැද්ද විධායක ධුරයේ බලතල අඩු කරනවා කියලා. (ම)
නටන්න බැරි කෙනාට පොළොව ඇදයි වගේ මෙයාටත් කියන්න දෙයක් තියෙනවා.(හේ)
මෙතුමා ට දැන් තිබෙන එකම වැඩේ රට හැමතැනම ඇවිදිමින් දොස් පරොස් කියමින් පෙනී සිටීම. (ම)
තවමත් මමයි රජා කියා ගත්තු ගමන් ! (ම)
වෙලේසුදා වගේම අනෙක් සුදාලත් ඉක්මනටම හිරේ දානවනම් අපි කැමතියි. රටේ දරුවන්ට කුඩු පොවනවා කියන්නෙ එසේ මෙසේ පාපයක් නෙමෙයි.(හේ)
බොහොම හොඳයි. (ම)
වසර දෙකකට පෙරම ජනපති ධුරය කැප කොට 18 වන සංශෝධනයත් හදිසි පනතක් ලෙස ගෙන ඒමට තරම් ඉක්මන් වුණා එතුමා.ඒ හැමදාම බලයේ රැදී ඉන්න තිබුන බල තණ්හාවටනේ? දැන් පරාජය වුනහම වෙන වෙන කතා කියනවා. (හේ)
අනේ මොනවද මේ කියන්නේ. නම්බුව තියාගෙන හිටියොත් හොඳයි මහත්යෝ. (ම)
දැන් ඉතින් බණක් බවනාවක් කරගෙන ඉන්න එක හොඳි නේද? (ම)
එකද මේ පැරදුණු වෙලේ ඉදන් බයේ පන්සල් ගානේ යන්නේ (ම)
තණ්හාව නිසා ශෝකය උපදී නේ ද අපේ හාමුදුරුවනේ? (ම)
බයවෙන්න දෙයක් නැනේ ඔබ එක පාරක් පරදුනානේ නැවත දිනන එකක් නැහැ (ම)
"මෙතන කවුරුවත් දන්නේ නෑ." කියලා ඔයා කොහොමද කියන්නේ නුවන්. ඔයාගෙ දැනුමෙන් අනුන්නව මනින්න එපා.(ම)
මහින්ද මහතා උඩ බලාගෙන කෙල ගහගන්නවා.එය පනතකින් එ්ක දික් කරගත්තේ වෙන කෙනෙකුට වෙන්න ඇති.(බ)
නියම ව්‍යවස්ථාව ජනතා විශ්වාසය (බ)
තුන්වෙනි පාරත් ඉල්ලන් කාල නේද මේ ආයෙත් මිදී තිත්ත කතාවක් කියන්නේ.අනේ මෙහෙම තණ්හාවක්.අනේ මෙහෙම ආසාවක්.(බ)
එන්නෙත් නැතිනම්, මගුලටද ඡන්දයක් ගත්තේ ජනවාරි 8 වෙනිදා? (බ)
"මොකුත්ම කළේ නෑ" කියලා නෙමෙයි පරාද කළේ කරපු සමහර දේවල් අනුමත නොකරන හා දරාගන්න බැරි නිසා නේද? (බ)
ඉල්ලන්නත් බැහැ නේ, දැන් ඉතින් අගමැති කමටනේ ඉල්ලන්න ඕන , එ්කනේ මේ හැමදාම පන්සල් එන්නේ (බ)
සුජීව මිත්‍රයා, අංගුලිමාල රහත් වුනේ බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලානේ. ඒත් අද කාලේ අන්ගුලිමාලලව රහත් කරවන්න බුදුන් ජීවමානව නැති නිසා අපි ඡන්දය භාවිතා කර මෙතුමා ඔය ඉන්න තැනට යැව්වේ බොහොම දුෂ්කර ක්‍රියා කරලයි. ඒ නිසා එතුමා ඔහොම හිටියාවේ. එතුමාව අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. තියෙන ආරක්ෂාව ඉහටත් උඩින්. සියල්ල සන්සුන්. පාලනය යහපත්. මෙහෙම හොදයි. ඔබට මෛත්‍රී වේවා!! (බ)
අජිත් අත්තනායක , මම දන්නා විදියට හරි නීතියක් තියෙන රටක අපරාධකරුවන්ට දඩුවම් දීල හිරේ දාන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා පමණයි. ඔබ තාම ඉන්නේ පසුගිය රජයේ නීතිය ක්‍රියාත්මක වූ අකාරයේ මානසිකත්වයක (බ)
දැන්නම් පද පෙරළිලා වගේ. (නි)
බුද්ධිමතුනි, ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදයක්, හදිසි තත්වයක් හෝ යම් කරදරයක් ආවොත් 19 ගෙනෙන්න වෙනවද? නැත්නම් මහ මුහුදට පනිනවද? (නි)
අනේ නුවන්...අදාල දෙයට කතාකරන්න.මනස්ගාත කියවන්නේ නැතුව. එන්නේ නැතිනම් 3 වැනි පාර ඇවිල්ල ඉල්ලගන කෑවේ ඇයි.ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ව අපහු ගෙන්න දගලන්න එපා.දැගලුවත් වැඩක් නැහැ දැන්. (බ)
අර මිදි තිත්තම තිත්තයි. (නි)
මරණයට බය නැති නිසා තමයි මෛත්‍රීතුමා ඡන්දයට ඇවිල්ල ඔබව පරාද කළේ (අපමණ මහජන මුදල් වැයකරලත්, රාජ්‍ය බලය උපරිමයෙන් භාවිතා කරලත් තියෙද්දිත්) (බ)
සුජීව ඔබ 100% නිවැරදියි. මහින්ද ඡන්දේ ඉල්ලිය යුත්තේ එතුමා වෙනුවෙන් නොවේ රට වෙනුවෙන්. ජනතාවට එපා නම් පරාද කරාවි. (බ)
මිනිසුන් බය වන්නේ හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ස්ත්‍රී දුසකයන්ට, මැරවරයන්ට, සහ බුතයන්ට.(හේ)
හැම කෙනාම තමන්ට ඉස්සරහට කරන්න තියෙන ඒවා ගැන තමයි කතා කරන්නේ. කොයි කෙනාද වැරදුන තැන ගැන කතා කරන්නේ.(හේ)
ලැජ්ජාවක් තියනවා නම් ඔය වගේ කතා කියන්නේ නැහැ. (නි)
මෙහෙමත් කතා!අදක ඊයෙක ඉඳලද ඔය වෙනස ඇතිකරගන්න අපි දැඟලුවේ? දෙපාරක් රටේ ජනපති වුණෙත් ඔය පොරොන්දුවම ජනතාවට දිදී නේද? කෝ ඒවා කළාද? (නි)
පරාදවුණ කෙනා ආයේ කොහේ එන්නද? ආවත් දිනන්නෙත් නැහැ (නි)
බයවෙන්න එපා. වැරැද්දක් තිබුනා. දැන් ඒක 225 න් 214 ක් එකතුවෙලා හැදුවා. යුද්ධය දිනපු එකට රටම ඔබතුමාට ගෞරවය දුන්නා. ඒකෙ ප්‍රයෝජනය ගන්නෙ නැතුව පිස්සු නටන්න ගත්තා. හරියට වැඩකරලා සිංහ ලීලාවෙන් ඉන්න තිබුන මනුස්සයෙක්. (නි)
මේ මිනිස්සුන්ට පිස්සුද ...? ඔය තරමට බනින්න මේ මිනිස්සුන්ගේ මොනවද මහින්ද නැති කලේ..? මෙතන කවුරු හරි ඉන්නවද මහින්ද නිසා අගතියක් වුනු කෙනෙක්....නිකන් බොරුවට මිනිස්සුන්ට මඩ ගහනවා..(අ)
බය ඒ වගේ දේවලුත් කළ නිසයි. වෙන බයක් නෙමෙයි. (නි)
පෙරළුණ පිට හොඳයි, එහෙම නැත්නම් මිදි තිත්තයි කියන්නෙ මේවට තමයි.අපි නොදන්න මොණරතැන්න! (නි)
අනේ පව්..! (නි)
යළි එන්න බැහැ. පවු! දුකයි අපිට (නි)
තණ්හාව හොඳ නෑ (බ)
අැයි බයද? (බ)
මිදි කඩන්න උඩපැනලා කඩාගන්න බැරිවුණ නරියාගේ කතාව මතක්වෙනවා මට මේ වෙලාවේ (නි)
ව්‍යවස්ථාව මුවාවෙන් තමයි ගොඩක් දෙනෙක් ජනතාවට චණ්ඩි වැඩ පෙන්නුවේ (නි)
මහින්ද මහත්තයෝ ඔබ කරපු හොද වල ගුණය රැකගෙන රටට යමක් කරන්න පුලුවන්නම් එ්ක කරන්න කඩාකප්පල් කාරී දේ ගැන නොහිතා. (බ)
බොහෝ පිරිසකට මුල අමතක වෙලා වගේ. රටේ ජනතාවට අභය දානය දුන් නායකයට දළදා සරණ ලැබේවා! (බ)
රිතික්, මාගලි ෆොන්සේකා කියල තියෙන්නේ පිට පිට පැරදිලා වාර්තා තිබ්බ කෙනා ගැන වෙන්නැති ? (බ)
මහින්ද රාජපක්ෂ තවත් සය වසකින් නැවත ජනාධිපති වන්නට සිහින දකිනවා විය හැකි ය. ඒ වන විට තමන් තවත් මහලූ බව තෘෂ්ණාව නිසා ඔහුට මතක් නො වන බව පෙනේ. මෙහි අදහස් දමන පිවිතුරු යහපාලන ,සුමුදු හේවා සහ රුපවති සහ කදාන මහානාම ගේ මෙනි (බ)
එහෙනම් මොකටද ජනවාරියේ ඉල්ලාගෙන කෑවේ? (නි)
හිනාවෙලා පණයනවා. (නි)
ඔබතුමා රට බේරාගත් නායකතුමා.ඉතිහාසයේ ලියැවෙනවා. මේ හොඳටම ඇති. ජනතා මතයට හිසනැමීම හොඳ නායකයකුගේ ලක්ෂණයක්. (නි)
අනේ මන්දා! මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ලක්ෂ 62 ක් ඡන්දදායකයන් බයවීමට හේතුවක් තිබෙන්නට ඇත.තමන්ට හිමි අසීමිත බලය තවදුරටත් ඉදිරියට ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදීවිරෝධී ස්වරූපය ගැන ජනතාව බියවීම සාධාරණය. (නි)
අනේ මහත්තයෝ, නරියත් කිවුවේ ඔහොම තමයි. නම්බුව තියාගෙන ඉන්න. ඔබට තෙරුවන් සරණයි! (නි)
අනේ ඇත්තට! ඕක ඕනෑ කියලා ගෙනාවෙත් ඔයාමනේ.දැන් අමතකද? (නි)
ඔහුට තවත් ඡන්දය දෙන්නේ නැහැ අපි නම් (නි)
මිදි පොකුරකට පැනපු නරියත් ඔහොම මොකක්ද කිවුවලු.හිතට බොහොම දුක ඇති (නි)
තවත් ඉල්ලන්න බැහැ.අවුරුදු 2 ක් තියෙද්දී නේද ඉල්ලාගෙන කෑවේ? (නි)
ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලලා දෙපාරක් පැරදුණොත් නැවත ඉල්ලන්න බැහැ කියල වගන්තියක් 19 ට දාල නැද්ද ? (අ)
අනේ මන්ද රට හදනවනම් ජනාධිපති කෙනෙක් කොච්චර කල් හිටියත් කමක් නෑ මට නම්. මොකද දියුණු වුන ගොඩක් රටවල ඔහොම තිබුන. (බ)
තේරෙන්නේ නැද්ද මහලු වෙනවා වැඩ බැරි වෙනවා මැරෙනවා කියන බණ පදය ...(බ)
එන්නේ නැත්නම් මොකටද වෙනස්කළේ කියන එක පැහැදිලි කරන්න ජනතාවට. ඔබ බය නැති එක ඇත්ත.මොකද ජනතාව බයෙන් තමා හිටියේ ආයෙත් එයි කියලා (නි)
සමහරු තවමත් මමයි රජා කියාගත් ගමන්! (නි)
එන්නේ නැහැ නොවේ. ඕනෑ නැහැ.මොකටද තණ්හාවක්? බලන්න වත්මන් ජනපතිතුමා. (නි)
දැන් මහින්ද මහතා කියලාම නැද්ද විධායක බලතල අඩුකරනවා කියලා. පුදුම අමතකවීමක්නේ. (නි)
ඉල්ලන්න ඉතින් කාටත් පුළුවන්නේ. ජනතාව ඡන්දෙ දෙන්න එපායැ. (නි)
මෙයා හැමදාම කළේ සංදර්ශන වලින් කූට උපායවලින් බලය රැකගන්න,බලය අල්ලන්න.2004 මැතිවරණයේදී මෙතුමා මනාප ඡන්ද වලින් දෙවනියා..පළවෙනියා නිහාල් ගලප්පත්ති මහත්තයා. කොහොම හරි දෙවැනි ගණන් කිරීමේදී ගලප්පත්ති මනාප 10000 කින් (දසදහසකින්) පහලට ගියා...(බ)
බය වෙන්නම වැඩේ. මොකට කියනවද? (නි)
ගෙදරට වෙලා ඉන්න එක හොඳයි (නි)
"ඇඹුල් මිදි"! (නි)
හිටපු ජනපති හැටියට එම ධූරයේ ගෞරවය රැකගැනීම ඔබගේ පරම යුතුකමයි (නි)
ඉතින් සර් දෙවතාවක් කොහොමටත් බැහැ නේද ව්‍යවස්ථාවේ හැටියට? එක බොරුවට වෙනස් කළාට අපි පලිද? කොහොමටත් හැමදාමත් රජකම් කරන්න බැහැනේ? (හේ)
එකවරක් මහජනයා විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයාට බියවීමට හේතුවක් ඇතැයි බුද්ධිමත් ජනතාව පිළිගන්නේ නැත. (නි)
දැන් ඉතින් ඔය දේවල් කියලා වැඩක් නෑ.(හේ)
නායකයාගේ කල් ඉකුත්වන දින- ජනතාව තීරණ.(හේ)
දැන් නම් මොනවා කියවනවද මන්දා? (නි)
ඒක කොහොමද වෙන්නේ.(හේ)
ඔයාට ආයෙත් එන්න මිනිස්සු දෙන්නේ නැහැ මහත්තයෝ. ඔයාට දැන් ඉතින් තියෙන්නේ පිනක් දහමක් කරගෙන නිසංසලේ ඉන්න.වැඩි තණ්හාව විනාශයට මුල කියලා නොදන්නවා වගෙයි. කරගත් සහ කළ විනාශය හොඳටම ඇති (නි)
අනේ මගේ කට! (නි)
අනේ මෙහෙම තණ්හාවක්.... අනේ මෙහෙම ආශාවක් .... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? (නි)
තණ්හාය ජායතී ශෝකෝ (නි)
අනේ ඇත්තට! මේ වගේ කතා? (නි)
කවුදෝ කිවුවලු මිදි තිත්තයි කියලා! (නි)
තවමත් රට වටේට යමින් ආඩපාලි කියාගත්ත ගමන්මයි. අපි තවමත් ඔබතුමාට ගරු කරනවා. අන්න ඒ ටික හිතන්න. (නි)
අනේ මෙහෙම ආශාවක්! අනේ මෙහෙම තණ්හාවක්! මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්! (නි)
මේ දවස් වල නොසන්සුන් ඇති.ඒකයි මේ වගේ කියවන්නේ. පව්! (නි)
මාටින් , විමුක්තිට අපිට තේරෙන හැටියට මෙහෙට ඇවි්ලලා ලොකු පුටුවේ වාඩිවෙන්න උවමනා නැහැ. ඊට හේතු ඇත. නිසි පිළිවෙලට නීතියට අනුව විභාග සමත්වී උගත්කමක් ඇත. එංගලන්තයේ හොරට විභාග පාස්කළ මිනිසුන් නැත. විභාග ඉතාම දැඩි නීතිරීති වලට යටත්. තමන්ගේම වෘත්තියක් ඇත. ඒ නිසා මහජන මුදලින් යැපීමට අවශ්‍ය නැත. (නි)
දැන් සමහරු විකාර දොඩවනවා. ඊර්ෂ්‍යාව තණ්හාව තවම තිබෙනවා (නි)