වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට පානදුර රාජකීය විදුහල සමත් විය. කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති අවසන් මහ තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කඩුලූ 2 ක තියුණු ජයක් ලැබූහ.
පානදුර රාජකීය විදුහල වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර 1997 වසරේදී 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව දිනා තිබේ.
ලකුණු 104 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 35.1 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට රාජකීය විදුහල සමත් විය. දිවා විවේකයට තරගය නතර කරන විට ලකුණු 49 කට එක කඩුල්ලක් දැවී රාජකීය විදුහල ප‍්‍රබල තත්ත්වයක පසු වූ අතර දමිඳු අෂාන් ලකුණු 25 කට දැවී යෑමත් සමග ආනන්ද විදුහල් පන්දු යවන්නෝ තරගයේ වාසිය ගැනීමට උත්සාහ කළහ. ලකුණු 56 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී පවන් එදිරිසිංහ (21) සහ ලක්ප‍්‍රිය ධනංජය (15) පස්වැනි කඩුල්ලට ලකුණු 28 ක සම්බන්ධතාවක් පවත්වමින් නැවතත් තරගය රාජකීය විදුහල වෙතට නතු කර ගැනීමට සමත් වූහ.
ආනන්ද විදුහල වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ සෙනාල් කෝරළේ ලකුණු 23 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
ආනන්ද විදුහල ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 103
(අදීෂ ද සිල්වා 27, සුචිර පරණාතල 34, රුසිරු රවිශංඛ 23/3, විමුක්ති මධුෂාන් 14/2, කලන චතුරංග 21/2)
රාජකීය විදුහල ඕවර 35.1 කදී කඩුලූ 8 ක් දැවී 104
(දමිඳු අෂාන් 25, මාධව නිමේෂ් 16, පවන් එදිරිසිංහ 21, ලක්ප‍්‍රිය ධනංජය 15, සෙනාල් කෝරළේ 23/5, ඉෂාන් බණ්ඩාරනායක 17/2)
ඡයාරූපය : සුමින්ද සුදර්ශන පතිරණ
පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති සහ ආනන්ද විදුහලේ විදුහල්පති එල්. එම්. ඞී. ධර්මසේන මහතා විසින් පානදුර රාජකීය විදුහල් නායක ලක්ප‍්‍රිය ධනංජයට ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව. පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති සහ පානදුර රාජකීය විදුහලේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා ද මෙහි සිටියි
ශූරතාව දිනූ රාජකීය විදුහල් ක‍්‍රිකට් පිල
පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති සහ ආනන්ද විදුහලේ විදුහල්පති එල්. එම්. ඞී. ධර්මසේන මහතා ආනන්ද විදුහල් පිලේ නායකයා කුෂිල් පෙරේරාට අනු ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව. පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති සහ පානදුර රාජකීය විදුහලේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා ද මෙහි සිටියි
අනුශූරතාව දිනූ ආනන්ද විදුහල් ක‍්‍රිකට් පිල
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
17 න් පහළ I කොටසේ ක‍්‍රිකට් ශූරතාව පානදුර රාජකීය විදුහලට