(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක හමුවක් අද (24) පස්වරුවේ පැවැත්වෙයි. විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය, පක්ෂයේ ප්‍රධාන තනතුරුවල සංශෝධනය, මැයි දින උත්සවය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
විදේශ ගතවුණු හිටපු ශ්‍රීලනිප ඇමැතිවරුන් තිදෙනා ද අද මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් තිදෙනාද මේ සාකච්ඡාවට සහභාගිවන බවත් ඒකනායක මහතා කීවේය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව කී හිටපු රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණය ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වැඩියෙන්ම විශේෂ සාකච්චා, තීරණාත්මක හමුවීම් , විශේෂ , හමුවීම තියෙන්නේ අපේ රට වෙන්න ඇති. ඇයි හැමදාම මොකක් හරි තීරණාත්මක , විශේෂ සාකච්චාවක් හෝ හමුවක්. තව තවත් අපගේ බදු මුදල් වලින් "පිනට ගිලදමමින්" අවසානයේ "සතුටින් විසිර" යනලදී.
මේ 16 දෙනා නිසා ජනාධිපතිට වගේම විපක්ෂයත් වුනේ හරිම අලකලංචියක්. අරගෙනත් බැහැ. නොගෙනත් බැහැ. මන්ත්‍රීවරු ටික විතරයි. කිසිදු ඡන්ද පදනමක් නම් නැත. කිසිඳු විශ්වාසයක් හෝ තැබිය නොහැකිය.