අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් හෙට (21) දිනයේදී පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බැවින් මෙසේ අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායථී සෝකෝ
දැන් මොකද මේ අයට වෙන්නේ අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැද්ද?
හොදම වැඩක් ජනාධිපතිතුමා. කරලා තියෙන්නේ ............
මේ අයට වෙන්න දෙයක් නැහැ. හොඳට අපේ සල්ලි ගහලා මේ ඔක්කොම කෝටිපතියෝ වෙලා ඉන්නේ. අන්තිමට අපි තමයි පරදින්නේ. SLFP දැන්වත් පක්ෂේ සුද්ද කරගත්තොත් හොඳයි.
හොඳ අනාගතයක් ..........
ඒ කියන්නේ අනිත් අට දෙනා ඩබල් ගේමක් ගහන්නේ.
නිකන් ටොකු ඇන ඇන ඉන්නේ නැතුව පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනක් පක්ෂයකට වැඩ කරන සියලුම දෙනාට විනයානුකුලව කටයුතු කර සාමාජිකත්වය තහනම් කර පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. "ප්‍රගතිශීලීන් සියලුම දෙනා එක කඳවුරකට එකතු කර ගන්නයි අපේ උත්සාහය" කියන බහු භූත කතාවෙන් පෙනී යන්නේ "කොන්දක් නැත" කියන එකයි.