මැලේසියාවේ මාලේ ක‍්‍රිකට් සංගමය 9 වැනි වරට සංවිධානය කළ ‘තුංකු ජෆාර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 102 කින් දකුණු අප‍්‍රිකානු පිල පරාජය කළහ.
කොළඹ ආනන්ද විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක සමූ අෂාන් තරගාවලිය පුරාම තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පිල ඕවර 40 කදී කඩුලූ 7 ට 228 (අවිෂ්ක ප‍්‍රනාන්දු 85, දමිත් නවීන් 40, සමූ අෂාන් 37, නිපුන් ලක්‍ෂාන් 25, මිකි මඔනා 58/3, ශාහිල් වාහිඞ් 32/2)
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 126 (ජේස් ක‍්‍රිස්ටියන් 36, ගැවින් කෙප්ලර් 29, කවිඳු මෙන්ඩිස් 17/3, සමූ අෂාන් 27/2)
ජයග‍්‍රාහි ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල
තරගාවලියේ වීරයා වූ සමූ අෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කොල්ලනේ. ඔයාලා අපේ රටට ආඩම්බරයක්. (නි)
අයි.පී.එල්. නම් යන්න එපා පැටවුනේ (නි)
ආනන්ද නියම කොල්ලෙක්, ඔහොම යං.(නදී)