IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද  නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙ දඬුවම් නියම වුයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කළ රාමවික්‍රම ගමාච්චිගේ රුවන් නමැත්තකුටය.

2016 සැප්තැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට තැපැල් මඟින් ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට තිලිණ නයනජිත් නමැත්තාගෙන් රුපියල් 11,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

 



අදහස් (2)

11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට

බකල ජයා Thursday, 06 February 2025 06:19 PM

තීන්දුවට අවු 9 ගියා - ඉතා නරකයි, අවු 28 හිරේ - ඉතා හොඳයි, අවු 7කින් ගෙවෙනවලු - මොකක්ද මේ? නම දැම්මා නම් ඉතා හොඳයි. ෆොටෝ එකත් දැම්මා නම් තවත් හොඳයි...

:       1       23

Nandana Thursday, 06 February 2025 07:11 PM

නියම හඬ ඕකෙන්ම බෙදනවද?

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site