මහින්දලාගේ පොහොට්ටුවට දැවැන්ත ජයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය හිමි ශී්ර ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් කරා ගමන් කරමින් සිටී. මේ වන විට ප්රතිඵල ප්රකාශයට පත්කරන ලද 290 කට ආසන්න පළාත් පාලන ආයතනවලින් ආයතනය 230 කට වැඩි ප්රමාණයක බලය හිමිකරගැනීමට ශී්ර ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.