බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයකු අගමැති කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලීමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තව දුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම ගැන ශ්‍රී ලංකා පක්ෂයට එකඟ විය නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු එම ධූරයට පත්කර නව රජයක් පිහිටුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.