එෆ්.අස්ලම්
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහාය පලකිරීමේ රහස මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දෙමළ ජනතාව තුළ පවතින අවිශ්වාසය හා අප්‍රසාදය යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
ටෙලෝ සංවිධානයේ නියෝජිතයින් හා එම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් අතර පැවති විශේෂ සක්ච්ඡාවකදී සිද්ධාර්ථන් මහතා මේ බව කියා සිටියේය.
ඇතැම් පාර්ශව රටේ වත්මන් දේශපාලන අර්බුදකාරී තත්වය හමුවේ දෙමළ ජාතික සන්ධානය මධ්‍යස්ථව සිටිය යුතුයි කියල කියනවා. නමුත් මෙවන් තත්වයක එසේ කටයුතු කරනවා කියල කියන්නේ මහින්ද රාජපක්ෂට අපි සහාය පලකරනවා හා සමාන ක්‍රියාවක්.
දෙමළ ජනතාව කිසි විටක මහින්ද රාජපක්ෂව පිළිගන්නෙ නැහැ. ඒ හේතුව නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයට සහාය පලකරන්න තීරණය කළේ.
ඒ වගේම දැන් මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිවරයා රනිල් වික්‍රමසිංහට කුමන හේතුවක් උඩ හෝ යළි අගමැතිකම් නොදෙන බව කියනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා එයින් එක්සත් ජාතික පක්ෂය ජය ගෙන එම පක්ෂය විසින් නැවතත් අගමැති ධූරයට රනිල්වම නම් කළ හොත් ජනාධිපතිවරයාට ඔහුව අගමැති වශයෙන් පිළිගන්නම වෙනවා.
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබියදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය තවත් උග්‍ර වනු ඇත. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම පාලනය යටතේ මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේ කටයුතු කරනවා. මෙයින් සුළු ජාතිකයින්ට කිසිදු සෙතක් අත්වන්නේ නැහැ යැයිද සිද්ධාර්ථන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා ඔයාලා කොහොමත් කැමති නේ රනිල්ට... එ්ක සිංහල අපි දන්නවා...
එහෙනම් අපි මහින්දව අාපහු ගේනවා.
සුළු ජාතීන්ට මොකක්ද දන්නේ නැහැ අමුතුවෙන් වෙන්න ඕන සෙතේ? උතුරු නැගනහිර හතර වටේ බෞද්ධ වෙහෙර විහාර ඩෝසර් කරනවා කිසි ක්‍රියාමාර්ගයක් නැහැ. නමුත් දකුණේ අපි සංහිඳියාව දන්නේ නැහැලු. මේ මිනිස්සුන්ට ඕනේ ෆෙඩරල්! වහෙන් ඔරෝ කියන්නේ ඒක. එ්ක දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ හිටපු අගමැති සහ නඩය.
මුරලිදරන් කිවූ ආකාරයට මේ රටේ කිසිම පුරවැසියකුට ඔය දේශපාලකයින් කියන දේවල් ඕනේ නෑ. මේ කාලකන්නි අපේ රටේ මිනිස්සූ මිනිස්සු මරා ගන්න තත්වයට කතා කරනවා. උතුරේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නම දකුණේ ජනතාව වන අපටත් තියෙනවා. නිලධාරීන් අපටත් අසාධාරණ කම් එමට කරනවා. ඒක සිංහල නිසා නොවේ. ඉස්සෙල්ලාම නිලධාරීන් නීතිය ට අනුව වැඩ කරමින් තමන්ගෙන් වියයුතු සේවාව කුමක් දැයි හිතමින් වැඩ කලොත් මේ ඔක්කොම ඉවරයි. ඔය කියන පළාත් සභා හෝ පෙඩරල් අපට වැඩක් නෑ.
උඹලා පිලිගත්තත් නැතත් අපිට වැඩක් නැහැ. අපි පිළිගන්නවා ඉහළින්ම එ්ත් අපි කකුල් දෙකේ කොටි පිළිගන්න කිසිම සූදානමක් නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ. ඔයාල පිළිගත්තේ නැහැ කියලා අපිට ගාණක්වත් නැහැ. ඔය කාළකන්නි කමට තමා මේ ලෝකෙ කොහෙවත් රටක් දමිළ මිනිසුන්ට නැත්තේ. පවි අර අහිංසක දුප්පත් සමාන්‍ය මිනිසුන්ව අන්දවනවා. ලැබෙන්න තියෙන දෙයක්වත් දෙන්නේ නැහැ.
ඔය වෙලාවට තමයි මොන වැරදි තිබ්බත් මහින්ද මහත්තයා මේ රටේ නායකත්වයට එන්න ඕනෑ කියලා හිතෙන්නේ. රටේ අති බහුතරයක් ඉන්නේ සිංහල මිනිස්සු කියලා අමතක කරන්න එපා. අනික සුළු ජාතින් පස්සේ ඕනෑවට වඩා දුවන උන්දැලා ගැන මේ පාර ඡන්දෙදි මිනිස්සු බලාගනීවි...
දෙමළ ජනතාවද? දෙමළ ජාතිවාදි හොර නායකයාද පිළිගන්නේ නැත්තේ...? අනික දෙමළ ජාතිකයින් පිළිගන්නේ නැත්තේ ඒ අයට නිදහසේ ඉන්න රටක් හදලා ඒ පැති දියුණු කරලා මිනිස්සු වගේ ඉන්න හදල දුන්නට වෙන්න ඇති. අනේ මේ කාලකන්නි දෙමළ දේශපාලනේ උඹලාට ඕනෙ ෆෙඩරල්. ඒක දෙන්න රනිල් දැම්මම පොරොන්දු වෙලානේ තියෙන්නේ. ඒකයි එයා පස්සේ යන්නේ.. ඔයාලා දන්නවා... මහින්ද ඒක කොහොමටවත් ඔබලට දෙන්නේ නෑ කියලා. හිතන්න එපා දුක ඔයාලට විතරයි සැප සිංහලුන්ටයි කියලා... ඔබලා වගේ සිංහල අපිටත් ප්‍රශ්න... අපිත් දුක් විඳිනවා. අනික අපි නිදහසේ දකුණේ ජීවත් වෙන්න දුන්නට අපිට උතුරේ ඉන්න දෙනවද? එහෙ තියන වෙහෙර විහාර, බෝ පැලේ ඉඳලා ගලව ගලවා මොනවද ඔය කියවන බයිලා...
මීට අවුරුදු 30ක් ඉඳලා ඔබතුමාගේ නායකයා උත්සාහ කලේ තුවක්කුවෙන්, බෝම්බයෙන් ඔය කියන ඒවා ඉල්ලා ගන්න. අන්තිමට මොකද වුනේ කියලා මතකයිනේ. සිංහලයින්ගේ ඉවසීම පැන්නූ දවසට දුවන්න ඉඩ මදිවෙයි. ඒ නිසා පරිස්සම් වෙන්න. මොකද අපි සිංහයෝ මිසක් නිවට නරි නෙමෙයි.
පාහරයින් පාලනයට ඇවිත් රටේ කා, රටේ ජීවත් වී, රටට වින කරන්නට, රට බෙදන්නට බලා සිටින පරයින්ගේ දිවට පණ දී ඇති අයුරු පෙනේ. සුළු ජාතීන් යනු රට නොවේ. තම මව ගැන සැබෑ ආලය ඇත්තේ සුජාත දරුවන්ට මිස අවජාතකයින්ට නොවේ.
මම 2015 යහපාලනයට ඡන්දේ දුන්නා. දෙමළ මිනිස්සුත් අපිත් එක්ක සාමකාමී විදිහට ඉඳියි කියලා හිතුවා. එ්ත් ඔවුන්ට එහෙම ඕන නැහැ. ඔවුන්ට ෆෙඩරල් ඕනලු... පස්සේ ඒක වෙනම රටකටත් යාවි.. ඔවුන්ට උතුරේ පදිංචි සිංහල මිනිස්සුත් එපාලු. එහෙනම් වැල්ලවත්තේ දෙමල අය ගැන මොකද කියන්නේ? අපි කැමතියි ඔවුන් සමග හොඳට ඉන්න.. එ්ත් ඔවුන් එ්කට කැමති නැහැ වගේ... මේ රටට හරියන්නේ මහින්ද වගේ කෙනෙක්... 2015 මහින්දට දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් තිබුණා. ඒ ජනතාව ඔහු උතුරට කළ දේවල් මතකයි. හැබැයි ධර්මලිංගම් කියන විදිහට සම්පූර්ණ දෙමළ ජනතාවම මහින්ද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. TNA එකට බලය ගන්න ඔවුන් දෙමල ජාතිවාදය අවුස්සනවා. ඉතින් අැයි අපි මහින්දව එපා කියන්නේ? ඔහු හොරා කීවට කවුද ඒවා ඔප්පු කලේ? අනෙක කලින් කිව්වේ ආර්ථිකය ගොඩ ගන්නවා කියලනේ, එ්ත් ඔවුන් එය කළාද? ඔප්පු නොකරන කල් ඔහු හොරකම් කර නැත. මේ රටට ඕන මහින්ද වගේ කෙනෙක්...
මට කියන්න කිසිමදෙයක් ඉතුරුකර නැහැ.
මෙතන දාලා තියෙන එ්ක පාර්ශ්වික ප්‍රතිචාරවලට මමත් එකඟ වෙනවා. එයාලා තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න තමයි එකතු වෙන්නේ.... බැරි වෙලාවත් ටීඑන්ඒ එක මහින්දට සහය දෙන්න ඉදිරිපත් වුනොත් නිකන් ඉඳීවිද? බලයට කෑදරකමට මේ වෙලාවේ එකතු වෙනවා. කරුණා, පිල්ලෙයාන් ගත්තා වගේ... මහින්ද දෙමළ විරෝධී බව රටට පෙන්නන්නේ බහුතර සිංහල ඡන්ද බලාගෙන... 2015 එයට වැරදුනේ එතන තමයි.
දෙමළ ජනතාව අවස්ථාවාදි දේශපාලකයන් පසු පස යනවා වගේම සිංහල ජනතාවද එයම කරති. සියලු ගැටුම්වලට එය හේතුවක් වීඇත. 1971 -1988-89 සිංහල පාර්ශවයෙන් කැරලි ඇති වුනේ රටේ නොවිසඳුණු ප්‍රශ්න තිබුණ නිසාය. මේ වගේම දෙමළ ජනතාවටද ඒ සමානව නොවිසඳුණු ප්‍රශ්න තිබුණ නිසා කොටි ත්‍රස්තවාදය ඇතිවුන බව පිළිගැනීමට සිදුවේ. අවු. 70 ක් කාගේ පස්සෙන් ගියත් සිංහල වගේම දෙමළ ජනතාවද තවමත් වලපල්ලේය. එහෙත් සැප විඳින පාර්ශවයක්ද සිටිති. තවදුරටත් ඔවුන් පසුපස යනවාද නැති නම් මේ ක්රමයම වෙනස් කරනවාද යන්න ශ්‍රී ලාංකිකයන් සිතිය යුතුය .
යුද්ධය ඇති උනේ රනිල්ලා බලේ ඉද්දී. යුද්ධය නැති උනේ මහින්ද බලේ ඉද්දී. තාම යුද්දේ තිබ්බනම් දෙපැත්තේම අහිංසක මිනිස්සු මැරෙනවා. දේශපාලකයන් අමුතුම සත්ව කොට්ටාශයක් කියලා ඔබ නැවතත් ඔප්පු කළා.
මෙයා කියපු දේට වඩා නොකියපු දේ වැඩියි.
දෙමළ ජනතාව මහින්දගෙන් ඈත් වෙන්න හේතුව මොකක්ද? එහෙම ඈත් වෙනවා කියන්නෙම දෙමල මිනිස්සුන්ට දේශපාලන විසදුම හීනයක්. මොකද කියනවනම් දකුණේ සිංහල බහුතරය මහින්ද එක්ක. එයාලගේ එකගතාවයෙන් තොර විසදුමක් ගන්න පුලුවන්ද
සිංහල, දෙමල මිනිසුන් හොද සහජීවනයෙන් ජීවත් වෙනවා, බලන්න කොළඹ, මීගමුව, වත්තල වගේ. ඒත් මේ වගේ අය තමා මිනිස් හිසට ත්‍රස්තවාදය පතුරවන්නේ. ජනතාවට විසබීජ පතුරන්න එපා. ඔයාල කරන දේසපාලනයක් කරගන්න.