රොමේෂ් මධුෂංඛ
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව එවකට අග්‍රාමාත්‍ය වු ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කර ඇති බවයි.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 වසරේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකර තිබු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයේ දෙවැනි ඉංජිනේරු ප්‍රේම්කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූවේ අදාළ නාම පුවරුව ඉවත් කිරීමට පියවරක් ගෙන නොමැති බවටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනානායකලාට වඩා තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඇති. රුවන්වැලි සෑයෙත් නම ගහයිද දන්නේ නැහැ.
එල් ටී ටී ඊ කාලයේදීවත් වෙච්ච නැති වැඩක්නේ මේ අපමණ අගයක් තියෙන බව කියපු මෛත්‍රී යුගයේදී වෙලා තියෙන්නේ. ඒ වුණාට ගුවන් තොටුපලවල්වල, වරාය වල නාට්‍ය ශාලා වල නාම පුවරු වලට ඔහොම වෙලා නෑනේ. බලන්නකෝ ඒකෙත් හැටි.
නාමපුවරුව තියෙනවා. ඒක මෝඩයින්ට පේන්නේ නැතිලු.
සිංහලේ ඉතිහාසය විනාශ කරන්න ඔය කට්ටියට හරිම අමාරුවක් තියන්නේ....
අර එහාට මෙහාට පනින මුනුබුරා කියා ගන්න කෙනා බෝඩ් එකත් විකිණුවාවත්ද?
තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න හදනවා. දේශපාලකයන්ට අපගේ ඉතිහාසය වෙනස් කරන්න දෙන එක නම් ඒතරම්ම හොඳ වැඩක් නොවෙයි. තව ටික දවසක් යනකොට සිගිරිය හැදුවේ කොහේ හරි යන දෙස්පාලුවෙක් කියයි. රාවණා රජුගේ දඬුමොනරය පාගා පාලුවෙක්ගේ පරම්පරාවේ එකක් කියයි. මහජන මුදල් වියදම් කර නිමවනලද සියලු ස්ථාන වලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ.
වෛද්‍ය වාර්තාව එනකම් ඉවසල ඉමු .
දැන් දියවන්නාවේ ඉන්න අර පනින සේනානායකගේ අවධානයට මේක යොමු කරමු.
සිංහල අපිට නොදැනීම රට ආක්‍රමණය කරන බව හොඳට පැහැදීලි.