ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්රශස්ත මට්ටමක - පැෆරල් අද (10) සවස 4 න් අවසන් වූ පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්රශස්ත මට්ටමක පවතින බව පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 10 February 2018
ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ අයකුට වැඩ වරදී ඡන්ද මධ්‍යස්ථානය තුළදි ඡන්දය සළකූණු කිරිමෙන් පසු එම පති‍්‍රකාව ජායාරුප ගත කළ බව කියන පුද්ගලයකු පොලොන්නරුව කදුරුවෙල අල් සහරා ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය පවසයි. 10 February 2018
මැතිවරණ සමයේදී 660ක් අත්අඩංගුවට මැතිවරණය කැඳවූ දිනයේ සිට මේ දක්වා අපේක්ෂකයන් 60 ක් හා ආධාරකරුවන් 600 කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි. 10 February 2018
ඡන්දපොළට යන්න කළින්ම ඡන්දය වැටිලා ඡන්දය භාවිත කිරීමට පුත්තලම - අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය තමාගේ ඡන්දය ඒ වන විටත් භාවිත කර ඇතැයි ඡන්ද නිලධාරීන් පැවසූ බව අට්ටවිල්ලුවේ පදිංචි මේරි කැලිස්ටා (70) මහත්මිය පවසයි. 10 February 2018
මැතිවරණ රාජකාරී මගහැරූ පොලිස් පරීක්ෂකට වැඩ වරදී මැතිවරණ රාජකාරි සඳහා වාර්තා නොකළ බව කියන හලාවත පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු සේවය හැර ගියා සේ සලකා ලිපියක් නිකුත් කර ඇති බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චමිපික සිරිවර්ධන මහතා කීය. 10 February 2018
වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ත්‍රිකුණාමලයෙන් - අනුරාධපුරයෙන් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් වී ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති. 10 February 2018
හොර ඡන්ද පත්‍රිකා සමග අයෙක් සැකපිට ව්‍යාජ ලෙස සකස් කර සලකුණූ කරන ලද ඡන්ද පත්‍රිකා 06ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයකු පුත්තලම නගරයේදී අද (10) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි. 10 February 2018
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය අද (10) සෙනසුරාදා පැවැත්විණි. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෝ මිලියන 15කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා තිබූහ. 10 February 2018
ඡන්ද පෙට්ටි ගෙනයන්න දරුවකු යොදාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම සඳහා දරුවකු යොදා ගැනීම සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත් කරන ලද අනාවරණයකට පසු විමර්ශනයක් ආරම්භ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 10 February 2018
මැතිවරණ රාජකාරියට ගිය කැබ් රථය පෙරලී තුනකට තුවාලයි මුලතිව් මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් රැගෙන ගිය කැබ් රථයක් අද(10) උදැසන මුලතිව් මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී පෙරළීමෙන් එහි ගමන්ගත් තිදෙනකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි. 10 February 2018
රු5000 වටිනා ව්‍යාජ වවුචර් බෙදූ අයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට ඡන්දය ආයාචනා කිරීමට හම්බන්තොට ප්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාරකරුවකු රුපියල් 5000 ක් වටිනා ව්‍යාජ වවුචර් පත් බෙදමින් සිටියදී අද(10) අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 10 February 2018
අතුරදන්වූවන්ගේ ඥාතීහු ඡන්දය වර්ජනය කරති මෙවර පැවත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී තමන් ඡන්දය දීමෙන් වැලකී සිටින බව උපවාසයක නිරතව සිටින වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු පවසති. 10 February 2018
අත්පත්‍රිකා බෙදූ ටීඑන්ඒ දෙන්නෙක් දැලේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යාපනය මණිපායිහි ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටි බව කියන දෙදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මණිපායි පොලීසිය පවසයි. 10 February 2018
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප අපේක්ෂිකාවකට බැන වදී පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට බැන වැදුනේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත නගර සභාවට තරග කරන අපේක්ෂිකාවක් හලාවත පොලීසියට පැමිණිලි කර තිබේ. 10 February 2018
මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි. 10 February 2018
පොහොට්ටුවේ සහ එජාප අපේක්ෂකයෝ දෙදෙනෙක් ගැටෙති පොහොට්ටුවේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකුට පහර දී තුවාල සිදු කර බව පවසමින් හෙම්මාතගම රජයේ රෝහලේ මේ වන විට එම එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයා නේවාසිකව ප්‍රතිකාර ලබයි. 10 February 2018
හිඟුරක්ගොඩ මාර්ගයේ දෙපස පක්ෂ ලාංඡන සහිත අත් පති‍්‍රකා හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභා ඡන්ද කොට්ඨාශයේ ඡන්ද මධ්‍යස්ථාන කිපයක් ඉදිරිපිට මාර්ගයේ දෙපස පක්ෂ ලංඡනය ඉදිරියෙන් කතිරය සඳහන් කරන ලද පක්ෂ කිපයක කුඩා අත් පති‍්‍රකා දමා තිබී හිගුරක්ගොඩ විශේෂ මැතිවරණ පොලිස් එකකය ඉවත් කළ බව එම ඒකකය පවසයි. 10 February 2018
ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති. උදෑසන 10 වනවිටදී බදුල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 40ක්, නුවරඑළිය සියයට 20ක් සහ මොණරාගල සියයට 25ක් යැයි ද ඔවුහු කියති. 10 February 2018
දහවල් 12.00 ට පැමිණිලි 75 යි පළාත් පාලන මැතිවරණය පැවැති අද (10) මධ්‍යහනය වන විට විවිධ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි 75 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබු බව පැෆරල් සංවිධානය කියයි. 10 February 2018
ගාමිණීපුර ජනතාව ඡන්ද වර්ජනයක හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ ඡන්ද දායකයින් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ වර්ජනයක නියැලි සිටි. 10 February 2018
හිටපු ජනපතිනියත් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද (10) දහවල් නිට්ටඹුව නම්බාදළුව ක්ෂේත්රාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබුවාය. 10 February 2018
අගමැති ඡන්දය ප්‍රකාශ කරයි කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියහ. 10 February 2018
ජනතා විමුක්ති පෙරමුණේ නායක ඡන්දය ප්‍රකාශ කරයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10) ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නව නගරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
කින්නියාවේ 10 ක් අත්අඩංගුවට කින්නියා පොලිස් වසමට අයත් මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජිඩ් විද්‍යාලය යන ජන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැක කටයුතු ලෙස ගැවසුනු තිදෙනෙකු 10 දා පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 February 2018
හලාවත අපේක්ෂකයෙක් අත්අඩංගුවට හලාවත - මාදම්පේ ප්‍රදේශයේදී ගැටුමක් ඇති කර ගත් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුව සහ තවත් අයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 10 February 2018
මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහචාර්ය ජී.එල් පීරිස් මහතා නාරහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී මහා බෝධි විහාරයට අද (10) ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. ඒ මහතාගේ බිරිඳද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියාය. 10 February 2018
කල්පිටියේ ඡන්දපළට පොලිස් විශේෂ කාර්ය බළකාය... පළාත් පාලන මැතිවර්ණයේ ජන්ද විමසිම සිදුවන ( 10 ) දිනයේ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ජන්ද මධ්‍යස්ථාන වෙත පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට කටයුතු කල බව පුත්තලම තේරිම් භාර නිළධාරි එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා පවසයි. 10 February 2018
බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණයක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. 10 February 2018
හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. 10 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026