මැතිවරණ නීති උල්ලංඝනය කර පෙළපාලි පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක්
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බත්තරමුල්ල, කිරිදිවැල සහ මාදම්පේ යන ප්‍රදේශ වල ඉකුත් (4) වැනි දින ආධාර කරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මැතිවරණ පෙළපාලි පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (06) පැවසීය.