අන්ජලෝ මැතිව්ස් පරෙස්සම් කරයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පසුපස මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකටම ක්රීඩා කිරීමේ අවස්ථාවත් ඔහුට අහිමි වී තිබේ. මෙම තරග දෙක මේ මස 15 සහ 18 දිනවලදී බංග්ලාදේශයේ ඩකා සහ ෂිලාත් නගර වලදී පැවැත්වීමට නියමිතය.