පොහොර වලට උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක් පොහොර වෙළඳපොළේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉරිදා (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 18 May 2018
රටේ ආර්ථිකේ ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි රටේ ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 18 May 2018
වසර 17කට පෙර ඝාතනයකට තිදෙනෙක්ට මරණ දඬුවම මීට වසර 17කට පෙර දී නවගම්පුර දී සුමිත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වු එම ප්‍ර දේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය. 18 May 2018
වාහන ගාල් කිරීමේ දඩ මුදල් අහෝසියි කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී අය කෙරෙන ගාස්තුව ගෙවීමට අතපසු වූ රියදුරන්ට ඉන් අනතුරුව ගෙවීමට සිදු වන දඩ මුදල් ගෙවීම මින් ඉදිරියට අවලංගු කරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරසභා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. 18 May 2018
‘බැලුම්ගල පුරා විද්‍යා හානියට සම්බන්ධ පිරිසට තර තිරම නොබලා දඬුවම් කරනවා‘- විජයදාස රාජපක්ෂ ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා හානිය පිළිබඳව ඊට සම්බන්ධ සියලූ දෙනාට තරාතිරම නොබලා වහාම පුරාවිද්‍යා පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 18 May 2018
වසර 25ක් කරාපිටිය රෝහල නිවස කරගත් විමල සේන සීයා බෙන්තොට ‘සුගත‘ වැඩිහිටි නිවාසයට වසර විසිපහක් තිස්සේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සිය නිවහන කරගනිමින් දිවිගෙවු එන් එන් විමලසේන (78) සීයා අද (18) රෝහලට සමුදෙමින් බෙන්තොට සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන යාමට කටයුතු කරණු ලැබිය. 18 May 2018
අවසන් සටනේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සැමරෙයි අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ 09 වන වසර සමරා අද (18) මුලිත්ව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක් පැවත්වුණි. 18 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දිනයක් යොදාගන්න කියා ජනාධිපති කිව්වා - දයාසිරි වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 18 May 2018
බැසිල්ගේ ලිත් නඩුව දිගුවෙයි පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළැයි 18 May 2018
බියගමට ශ්‍රිලනිපයෙන් නව සංවිධායකවරයෙක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ. 18 May 2018
ප්රතිශෝධන පෙත්සම විභාගයට දින දෙකක් මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම මේ මස 25 වැනි දා සහ ජුනි 1 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (18 ) තීන්දු කළේය. 18 May 2018
අනුරුද්ධ පොල්ගම්පොළට ඇප රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා නියෝග කළේය. 18 May 2018
කෙඩෙට් නිලධාරියගේ ගිනි අවිය උදුරාගත් දෙන්නෙක් අත්අඩංගුවට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගෙන ඇතයි දියතලාව පොලීසිය පවසයි. 18 May 2018
අසාත්මිකතාවකින් මීගහකිවුල පාසල් සිසුන් 3 ක් රෝහලේ පණු විශේෂයක් සිරුරේ ගෑවීමෙන් ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මීගහකිවුල ප්රාථතමික විද්‍යාලයේ දරුවන් තිදෙනෙකු අද (18) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 18 May 2018
යුද සැමරුමට සහය පතා මුලතිව්හි කඩ සාප්පු වසයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි අද (18) පැවත්වෙන 9 වැනි යුද සැමරුමට සහය පතා මුලතිව් පිහිටි සියලුම වෙළඳසල් උදෑසන සිට දිනය පුරා වසා දැමීමට මුලතිව් වෙළඳ සංගම් පියවර ගෙන ඇත. 18 May 2018
දුවට අතවර කළ පියා අත්අඩංගුවට දන්කොටුව ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවක නිවසක ජිවත් වෙමින් සිටියදී තම දියණියව බරපතල අපයෝජනයකට ලක්කළ පියෙක්ව සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 18 May 2018
ග්‍රාමීය ආර්ථිකය නවීකරණයෙන් ආදායම් ඉහළ නංවන්න පුළුවන් - අගමැති රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම තුළින් රටේ ආදායම් ඉහළ නැංවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) කොළඹ දී ප්‍රකාශ කළේය. 17 May 2018
ශ්‍රිලනිපය අලුත් වෙනසකට සැරසෙයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය වෙනුවට ලබන 3 වැනිදාට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අද (17) රාත්‍රීයේ තීරණය කළේය. 17 May 2018
ජනප්‍රිය පාසලක විදුහල්පතිනිය ඇතුළු 7 කට විනය පියවර කොළඹ ජනප්‍රිය පාසලකට පළමු ශ්‍රේණියට මේ වසරේ ළමුන් ඇතුළත් කිරීමේදි සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවයක් ගැන කරුණු විමර්ශනය කළ අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිනිය ඇතුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පස් දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. 17 May 2018
යුද සැමරුම ගැන සොයා බලන්න උතුරේ මහ ඇමති යයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම හෙට දිනයේදී සැමරීමට සියල්ල සූදානම් කර තිබියදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වන ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පිරිසක් අද (17) මිය ගිය ඥාතීන් පිරිසක් සිහිපත් කළහ. 17 May 2018
කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ කලාවැවේ වාන් දොරටු දෙකක් අද (17) අඩි දහය බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ජලය ඝණ අඩි දහදහස් එකසිය දොළහක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව වාරි මාර්ග ඉංජිනේරු එච්.එම්.එල් ආර් හේරත් මහතා පැවසීය. 17 May 2018
වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් කිරි ගොවීන් දෙදෙනාට ඇප කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී ගවයින් නිදැල්ලේ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කිරි ගොවීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (17) නියෝග කළාය. 17 May 2018
භික්ෂු සමාජයේ විනය හදනවා - ජනපති කියයි කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 17 May 2018
18 දා උතුරේ පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි ඉල්ලිමක් යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙට (18) ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කර තිබේ. 17 May 2018
බුදුපිළිම වහන්සේලාට පැනවු බදු ජනපති නියෝගයෙන් ඉවතට ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථාන සඳහා බෙදා දීම සඳහා චීනයෙන් වැඩම කරවු බුදු පිළිම වහන්සේලා විසිනම සඳහා පනවා තිබු රුපියල් ලක්ෂ 32 ක බදු මුදල ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ. 17 May 2018
කෝටි ගණනක් වැයකර ගෙනා ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය හරවා යවයි වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ අරමුණින් 2011 දී පමණ රුපියල් කෝටි ගණනක් වියදම් කර ගොංගලකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය භාවිතයට පෙරම ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මේ වන විට නිෂ්පාදිත ඇමෙරිකානු සමාගමටම යවා තිබේ. 17 May 2018
රථ ගාලේ ගාස්තු ගෙවීමේ ප්‍රමාදයට රුපියල් 10,000 ක දඩයක් වැල්ලවත්ත ගාලු පාරේ රථ ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණි දෙහිවල ප්‍රදේශයේ තැනැත්තෙකුට දින 13 කට පසු ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 10120 ක දඩයක් ගෙවීමට සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවට ලක්ව තිබේ. 17 May 2018
පන්ති තහනම ඉවත් කරන්නැයි රජරට සරසවි සිසුහු වීදී බසිති පංති තහනම් කරනු ලැබු රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට බල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු අද (17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක් කළහ. 17 May 2018
පොලු පහරින් මිය ගිය කන්දකැටියේ සිඟිත්තාගේ පියා 23 දක්වා රිමාන්ඩ් කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ බව කියන ගැටුමකදී දර පොලු පහරකට ලක්ව මිය ගිය සිඟිත්තායගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන එම සිඟිත්තාගේ පියා මෙම මස 23 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 17 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026