තුර්කියේ සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයින් 476 අත්ඩංගුවට නීතිවිරෝධී ලෙස තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 476 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කියේ පළවන ‘‘ ආනඩෝලූ ඒජන්සි ’’ පුවත් සේවය අද (17) වාර්තා කළේය. 17 May 2018
නිරිතදිග මෝසමෙන් වන හානි අවම කිරීමේ සැලසුමක් ඉදිරි සතියේදී සක්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමඟ බෙංගාල බොක්ක ආශ්රිත අඩුපීඩන කලාපයක් ද ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එයින් වැඩි බලපෑම් එල්ල විය හැකි දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන ආපදා අවම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 17 May 2018
දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට වහා විසඳුම් දෙන්නයි අගමැතිගෙන් නියෝග මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබේ. 17 May 2018
අහෝසි වු කාරක සභා 3 කට නව පත්වීම් පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පසුව අහෝසි වුණූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හා මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවන් සඳහා එම සභාවන්හි කලින් කටයුතු කළ සාමාජිකයන්ම පත් කිරිමට අද (17) උදේ රැස්වුණූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 17 May 2018
මත්පෙති සමඟ මාලදිවයින් ජාතිකයින් දෙන්නෙකු අත්අඩංගුවට රාති‍්‍ර සමාජ ශාලාවල තරුණ තරුණියන් වෙත ඉහළ මිළ ගන්න වලට අලෙවි කරන මත්පෙති තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙනෙක් දෙහිවලදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත. 17 May 2018
මූල්‍ය චංචාවකට එරෙහිව මහින්දානන්දට - සතොස හිටපු සභාපතිට නඩු පැවරීමට යයි පාසල් සහ කී‍්‍රඩා සංගම් සදහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් ලබාදීමේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතාට එරෙහිව ඉදිරි දිනයේදී නඩු පැවරීමට කටයුතු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 17 May 2018
බිඳවැටුණු ආර්ථිකය අතහැර පළාගිය අය දැන් ආර්ථීකය දියුණූ කරන්න හදනවා - අගමැති එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අතහැර පළා ගිය අය අද ආර්ථිකය දියුණූ කරන්නේ කෙසේ දැයි අපෙන් විමසීම පුදුමයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී අද (17) පැවසීය. 17 May 2018
රුපියල පහළටම වැටෙයි රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. 17 May 2018
‘ගොවීන්ට දෙන්න රටින් ගෙන්වු කිරිදෙනුන් 133 ක් මැරිලා’ ගොවීන්ට බෙදාදීම සඳහා රජය විසින් පිටරටවල් වලින් ගෙන්වූ කිරිදෙනුන්ගෙන් දෙනුන් 133 ක් මිය ගොස් ඇති බවත් එයින් 140ක් ගැබ් ගැනීමකින් තොරව සිටින දෙනුන් බවත් තවත් දෙනුන් 69 ක් ගැබ් ගැනීම් නොවන තත්ත්වයට පත්ව ඇති 17 May 2018
‘කොටි විරුවන් කර සමරන්න ඉඩ දෙනවා නම් සිරකරුවන් නිදහස් කරන්න’ කොටි ත්රස්තවාදීන් විරුවන් කර සැමරීමට ඉඩ දෙන්නේ නම් ඔවුන් තරමට දරුණු නැති බන්ධනාගාරගත සිරකරුවන් සියලූ දෙනා නිදහස් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (17) පැවසීය. 17 May 2018
‘වෘත්තීය සමිතිවල ගැටලු හොයාගෙන ගොස් විසඳනවා - අජිත් පී. පෙරේරා නව තනතුරත් සමඟ වෘත්තීය සමිතිවල ගැටලූ හොයාගෙන ගොස් විසඳීමට තමන් කැපවන බවත් එහිදී රජයත් සමඟ කේවල කිරීමට වුවද සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (17) පැවසීය. 17 May 2018
හයිපො ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් දකුණට දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ‘හයිෆො ඔක්සිජන්’ යන්ත්‍ර කරාපිටිය හා මාතර රෝහල්වලට කඩිනමින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 17 May 2018
ඇමරිකාව තවත් න්‍යෂ්ඨීක ආයුධ සොයයි න්‍යෂ්ටික යුද ශීර්ෂ, අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ තවත් න්‍යෂ්ටික ද්‍රව්‍යය කිහිපයක් ඉදිරි මාස හයක කාලයේදී තම එරටට එවැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 17 May 2018
ඇවන්ට්ගාඩ් ගබඩා බාරකරු - මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ් ඇවන්ට්ගාඩ් නෞකාවේ නීතිවිරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටින පාවෙන අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු මැයි 31 දක්වා යළි රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (17) නියෝග කළේය. 17 May 2018
කීත් නොයාර්ට පහරදීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක් ගන්න යයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (17) සවස ප්‍රකාශයක් සටහන් කරගන්නා බව රහස් පොලිසිය පවසයි. 17 May 2018
වැලිගම ප්‍රා.සභාපතිට ඇප වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙකුට ඇප මත මුදා හැරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) නියෝග කළාය. 17 May 2018
දැදුරුඔයේ වාන් දොරටු 7 ක් විවෘතයි : ඔය පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස් දැදුරුඔ ජලශයේ වාන් දොරටු 07 ක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරු ඔයට මුදා හැරෙන බැවින් පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් කරන බව පුත්තලම ආපදා කලමනාකරණ ඒකකය පවසයි. 17 May 2018
ගුවන්තොටුපළට පැය 3කට පෙර එන්නැයි ඉල්ලයි පිටත්වීමට ඇති වේලාවට වඩා පැයතුනකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම්දෙයි. 17 May 2018
ලක්ෂ 40 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාවාරම් කරුවකු විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි. 17 May 2018
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවකට අදාළ සී.සී.ටී.වී දර්ශන රත්නපුර මහාධිකරණයේ ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකට පහර දී සැරසිලි කඩා බිඳ දමා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය වූ දින රාත්‍රී සීසීටීවී දර්ශන ඇතුළත් සංයුක්ත තැටි තුනක් රත්නපුර මහාධිකරණයේදී සාක්කි ලෙස ප්‍රදර්ශනය කරනු ලැබීය. 17 May 2018
කටුනායක ගුවන් තොටේ ආගමන විගමන නිලධරයෝ විරෝධයක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන ආගමන විගමන නිලධාරීහු අද (17) දහවල් 12.30 සිට නිහඬ විරෝධතාවයක නිරතව සිටිති. 17 May 2018
ඌව පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත්වූ ආරිය බී රැකව මහතා මීට සුලු මොහොතකට පෙර (17) ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තේය. 17 May 2018
දුරකථන කුළුනුවල බැටරි ගලවා අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට ජංගම දුරකථන සංඥා කුළුනු වල සවිකර ඇති වටිනා බැටරි රාත්‍රී කාලයේ පැමිණ සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන ලැදැයි පැවසෙන සංවිධානත්මක සොර කණ්ඩායමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙහෙයුමකින් අද (17) අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලීසිය කියයි. 17 May 2018
දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 17 May 2018
‘වාර්තා දුන්නත් ඇමතුම් කාගේදැයි කියන්න බෑ‘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති මොබිටෙල් දුරකතන කිහිපයක් සම්බන්ධවූ විශ්ලේෂණ වාර්තා ලබාදුන්නත් එම වාර්තාව අනුව එකී දුරකතන ඇමතුම් ලබාගත් පුද්ගලයන් කවුරුන්ද යන් කිව නොහැකි බව මොබිටෙල් දුරකතන සමාගමේ ආරක්ෂක කළමනාකරු වූ සිදත් මහේන්ද්‍ර නාගාහවත්ත මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. 17 May 2018
තෙල් මිල වැඩි කළ දා සමාගමට කෝටියක පාඩුවක් මිල ඉහළ දැමූ දින ඉන්ධන බෙදාහැරීමේදී සිදුවී තිබෙන වංචාවකින් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 16 May 2018
හෙට වෛද්‍ය වර්ජනයක් රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (17) පෙරවරු 8 සිට අනිද්දා (18) පෙරවරු 8 දක්වා දිනක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 16 May 2018
මහනුවර ගැටුමෙන් හානිවූවන්ට දෙන ණය සීමාව ඉහළට මහනුවර නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූ ව්‍යාපාර ස්ථාන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන ණය මුදලේ සීමාව රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 16 May 2018
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් මියයාමට පෙර කොකේන් බීලා කොළඹදී පැවැත්වූ සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 16 May 2018
පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 ඉහළට අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය. 16 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026