(නාලක සංජීව දහනායක)
පොලිස් නිලධාරීන් සඳහා දැනට භාවිතාවන කාකි ඇඳුම වෙනුවට ඉදිරියේදී නව නිල ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් අදාළ අංශ සමඟ දැනටමත් සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා ගුණාත්මක හා ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීම සඳහා පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් එක් පියවරක් ලෙස පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා කීය.
තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගත වූ මාස කිහිපයේදී එහි ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අභ්‍යන්තර වෙනස්කම් රාශියක් සිදුකළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුල්ලි වෙනස් උනාට කොටියා වෙනස් වෙයිද
මගේ අදහස නම් මේ මඩ පාට එක හොදයි. මේක තවත් සුවද හමන පාටකට සමානයිනේ
කාගේද කොන්ත්‍රත්තුව කීයද කොමිස් මුදල ? යන්න යන යකා ඒවත් කාගෙනම යන්නයි යන්නේ .
ඔව් ඔව් පොලීසියේ ගුණාත්මක බව හොඳට පේනවා අර ව්‍යාපාරිකයන් දෙදෙනාව ඝාතනය කර තිබෙන අකාරයෙන් ..
ගුණාත්මක බව ඉහල දැමීමට රටට පිළිලයක් වී ඇති පරණ 225 ඉවත් කර අලුත් 225 ක් දාන්න ඔලුවට එන්නේ නැතිද?
අනේ සර් සාක්කු ටික විතරක් ලොකු කරලා දෙන්න ...
මිනිඔලුව සහ ඇටකටු දෙක සහිත ලාංඡනයක් ද ලබා දෙන්න!
මේ තියෙන නිළ ඇඳුම හොඳයි.මේ දුප්පත් රටේ තව කලයුතු දේ බොහොමයි.ඒත්,මේ නව නිළ ඇඳුම් වැඩේ නිසා දැනට තියෙන සියලුම ඒවාත්,දැනට භාවිතයට නොගත් ඒවාත් ඉවත දැමීම නිසා වෙන ධන හානිය කොපමණද ? මේවා මොන තරම් මුදල් විනාශ කරන වැඩද ?
අප විස්වාස කරනවා දැනට තිබෙන නිල අදුමෙහි කිසිදු වරදක් නොමැති බව.මෙම නිල ඇදුමෙන් සැරසී " ඉතාම අවංක මෙන්ම එඩිතර නිලදරුවන් අතලොස්සක් " දැනටමත් තම සේවය අවංකව මහජනයා වෙනුවෙන් සේවය කරන බව කිව යුතුය. ඔවුනට අපගේ හදපිරි ආචාර්ය පුදකරන අතර මෙම වටිනා නිල ඇදුම " ඇගේ ඔතාගත් පිරිසක් වැඩිපුර පොලිස් සේවයේ සිටින" බවත් කිව යුතුමය. ඔවුන් නිල ඇදුමට එළියෙන් එය දැකීමට සිදුවීමත් එමඅයගේ අවාසනාවකි. එබැවින් නිල ඇදුමේ වර්ණය කෙලෙස වෙනස් කලත් "මොවුන් පොලිස් සේවයේ සිටින තාක්කල්" මහජනතාවට එම නිල ඇදුම නරක වර්ණයෙන් දිස්වීම කිසිසේත් වැලැක්විය නොහැක.
හැව මාරුකලාට වැඩක් නැහැ..
මම පොලිස්කාරයෙක් නොවුනත් මෙය හුඟක් කල් ඉඳල බලාපොරොත්තු වෙච්ච් දෙයක්. සිරිමා මැතිනිය කලිසම වෙනස්කළා. ඔබතුමා පාට වෙනස් කරන්න. එය ඇසට ගැලපෙන පාටක් නම් වඩා හොඳයි. මෙය ඉතා ඉක්මනින් කලොත් ඉතා හොඳයි. මේ ගැන ඔබතුමාට ස්තුතියි.
ඕකත් අර ඇස්බැස්ටෝස් , ග්ල්ය්ෆොසෙට් තහනම, කුඩු ජාවාරම් කාරයන්ට දුන් දඩුවම ක්‍රියාත්මක කිරීම වගේ නිකම්ම නිකම් පුස්සක් වේවිද ?
මම නම් කියන්නේ කළු පාට හොදයි. තේජස වැඩි වෙනවා කළු අැන්දම...