ආදායමටත් සෞඛ්‍යයටත් හරියන මත්පැන් ඕනෑ - වාසු ජනතාවගේ ආදායමට ගැළපෙන හා සෞඛ්‍යයට හිතකර මත්පැන් වර්ග තිබිය යුතු බව එක්සත් ජනාතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 August 2018
ගෝඨා කැඳවීම වැරදියි - නිකුත් කළ නොතීසිය යළි කැඳවයි තංගල්ල වීරකැටිය මැදමුලූන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කළ නොතීසිය අවලංගු කළ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් රංග දිසානායක මහතා එය ආපසු කැදවීමට නියෝග කළේය. 23 August 2018
හල්දුම්මුල්ලට අද පස්වරුවේ අයිස් වැස්සක් හල්දුම්මුල්ල, ගිනිගත්ගල, කිරිමැටිය ප්‍රදේශවලට අද (23) පස්වරු 2.30ට පෙර පමණ අයිස් වැස්සක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති. 23 August 2018
සීමා නිර්ණය කමිටු වාර්තාවට ඒකාබද්ධයේ විරුද්ධත්වය නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමානීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 23 August 2018
නිශාන්ත - කපිල දෙදෙනාගෙන් පැය 8ක් ප්‍රශ්න කරති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීහු අද (23) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබාගත්හ. 23 August 2018
රජයේ තොරතුරු සන්නිවේදන ප්‍රතිපත්ති සංශෝධනය කෙරේ රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය හෙවත් ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කෙරෙන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. 23 August 2018
ජනපති-දුම්රිය වෘත්තීය සමිති නියෝජිත අතර සාකච්ඡාව අසාර්ථකයි දුම්රිය වෘත්තිය සමිති ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ අතර අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 23 August 2018
‘සීමානිර්ණ වාර්තාවට ජවිපෙ කැමැත්ත ලබාදෙනවා’ පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට හෙට (24) වැනි දා ඉදිරිපත් කරන සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 23 August 2018
අදියර කිහිපයකින් උපාධිධාරීන්ට රැකියා රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිළවෙළ යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සදහා අදියර කිහිපයක් යටතේ පත්වීම් ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 23 August 2018
’ජලජ වී වගාවට පුරන් කුඹුරු දෙන්න අල්ලස් ඉල්ලනවා’ පුරන් වී ඇති කුඹුරු ඉඩම් ජල ජීවී වගාව සඳහා යොදා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගැනීම ඉතා අපහසු බවත් මෙම අවසරය ලබාදීමට ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇතැම් නිලධාරීන් අල්ලස් පවා ඉල්ලන බවත් මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කිරීම අපහසු වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී එල්.එච්.කේ.කීර්තිරත්න මහතා පවසයි. 23 August 2018
දෙමළ මාධ්‍ය ගුරු සහයකයන් ඉල්ලයි වතු පාසල්වල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස බඳවා ගත් දෙමළ මාධ්‍ය ගුරු සහායකයින් සිය පුහුණුව අවසන් කළ දින සිට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගෙන ඊට හිමි හිඟ වැටුප් ලබාදිය යුතු යැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් මගින් දන්වා ඇත. 23 August 2018
ඌව සබේ කැලඹේ ඌව පළාත් සභා මාසික රැස්වීම අද (23) ආරම්භ වීමත් සමඟ එහි මුලසුන හෙඹවූ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභා ශාලාවෙන් පිටව ගියහ. 23 August 2018
ඇලෝසියස් - කසුන් පලිසේන යළි රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 30 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 23 August 2018
හිටපු ජනපති සොහොයුරාට ගෞරව දැක්වීමට මැති ඇමැතිවරුන් මැදමුලනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් මැදමුලන නිවස වෙත ඊයේ(22) හා අද(23) දිනයන් හීදී පැමිණියහ. 23 August 2018
අමාත්‍යාංශයෙන් දුන් මාරුවීම් 25 ක් බන්ධනාගාර අධිකාරී අත්හිටුවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් වැලිකඩ බන්ධනාගාරයෙන් සහ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පිට පළාත්වලට මාරු කරන ජේලර්, සැරයන් හා නියාමකවරුන් 25 දෙනෙකුගේ මාරුවීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් ඊයේ (22) සිට අත්හිටවනු ලැබ ඇත. 23 August 2018
වාර්තාව පැරදුණොත් විකල්පය මැතිවරණ කොමිසම පෙන්වයි පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 23 August 2018
මෙහෙණින් වහන්සේ නමකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට පස්සර ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට වහලෙන් ඇතුල් වී මෙහෙණින් වහන්සේලාට කරදරකර හුංගම රන්න වැල්ලෝඩය ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පුද්ගලයෙක් (22) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි. 23 August 2018
මහින්දානන්දට රට යන්න අවසර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගීවීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (23) අවසර දුන්නේය. 23 August 2018
උතුරු මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයෝ නාවික හමුදාවෙන් බේරා ගැනෙති ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ කොවිලම් තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 15 ක පමණ දුරකදී දියේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් බේරාගත් බව නාවික හමුදාව කියයි. 23 August 2018
සිව්වැනි රන්දෝලි පෙරහර හෙට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ සිව් වැනි රන්ඳෝලි පෙරහර හෙට (24) ගමන් කරන අතර අවසන් රන්දෝලි පෙරහර ලබන (25) නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරැඹෙයි. 23 August 2018
දඩ පත්‍රිකා නැතිව රථවාහන නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට වැඩ වරදි දඩ පති‍්‍රකා නොමැති බව පවසා රියදුරන් අපහසුතාවට පත්කරමින් රථවාහන නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව වින්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්යක්ෂ සහ අධීවේගී සංචාරක කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය. 23 August 2018
නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී. 23 August 2018
ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් 4ක් රේගුවේදී අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් සිව් දෙනෙකු රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 23 August 2018
දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනකු මරුට යාපනය, චාවකච්චේරි, සංගතානෙයි ප්‍රදේශයේදී සිදුවු දුම්රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි. 23 August 2018
සමෘද්ධි සහනාධාරය සඳහා ලක්ෂ 05ක් ඉල්ලුම් කරයි ලක්ෂ 05ක පමණ ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය සඳහා ඉල්ලූම් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 22 August 2018
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (23) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි. 22 August 2018
අලුත් ඡන්ද ක්‍රමයට ජවිපෙ විරුද්ධ නෑ අලුත් ඡන්ද ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ නැතැයි එම පක්ෂයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ‘‘ලංකාදීප‘‘යට පැවැසීය. 22 August 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයකු බවුසරයකට යටවී මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන සුරියවැව අන්දරවැව වල්සපුගල අන්තර් හුවමාරුව අසලදී බවුසරයක් යතුරු පැදියක ගැටීමෙන් අද (22) පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි. 22 August 2018
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන හොයන්න කොමිසමක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ. 22 August 2018
රතුපස්වල වෙඩි තැබීමට බ්‍රිගේඩියර් ඇතුළු පිරිසට අධිචෝදනා ගොනුකරන්න යයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනයක් සිදුකර, පුද්ගලයන් තිස් තුන් දෙනකුට බරපතළ තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පාබල පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු බි්රගේඩියර්වරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 22 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026