( ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක )
පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැලිසර නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින මුස්ලිම් ජාතිකයින් පිරිසක් හමුවීමට ඇමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
මෙම සැකකරුවන් හමුවීමටඅවසර ඉල්ලා ඉකුත් 21 වැනිදා කඳවුර වෙත ගොස් ඇති එම නිලධාරීන් දෙදනා එදින පෙරවරු 9.30 ට කඳවුර තුළ ඇති ත්‍රස්ත විමර්ශන අංශයේදී ඔවුන් මුණ ගැසී ඇතැයිද ඔහු සඳහන් කළේය.
එම නිලධාරීන් දෙදෙනා සමඟ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සංජය පලිපානන් නැමැති භාෂා පරිවර්තකයෙක් සහ තවත් නිලධාරීයෙක්ද පැමිණ ඇතැයි කී මන්ත්‍රීවරයා ඔවුන් සැකකරුවන් සමඟ පැය දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කර තිබෙන බවද කීවේය.
රටේ සිදු වු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන අයට හා එෆ් බී අයි නිලධාරීන් කතා කරන්නට ඇත්තේ මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බව කී මන්ත්‍රීවරයා එම ප්‍රහාරය හේතුවෙන් රටට එෆ්බීඅයි ඔත්තු සේවාවේ තිප්පොලක් බවට පත්කරගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නිවාඩුවට ඔහේ ඩිස්නිලන්තේ යනවැයි?
මේ මහත්තයා දවල් හීන දකිනවා වගේ. පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශවල පමණක් නොව ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් ගණනාවක විශේෂඥයින්ගේ සහාය ලබාදෙන බව ඒ දවස්වලමයි ප්‍රසිද්ධ කෙරුනේ. ඕනෑ දෙයක් ගැන දිවට නොදැනී පට්ටපල් බේගල් ඇදබාන්න හරිම දක්ෂ බවයි පෙනෙන්නේ... මේ වගේ විහිලු කතා විශ්වාස කරන අයටයි තලන්න ඕනෑ...
ඇමෙරිකන් භීතිකා රෝගය උත්සන්න වෙලා වගෙයි...
මෙයාගේ සිහින රජවරුන් ඇමරිකන් පුරවැසියන් බව අමතක වෙලා, එහෙම කරන්න එපා පව්...
කන පැලෙන්න ගහන්නේ... කටවහගෙන හිටියේ නැත්තම් !!! ඉස්සෙල්ලාම විමල් අයියගේ බිරිඳ හමුවෙන්න යන එන අය ගැන හොයලා බලන්න. තේරුණාද?
අදහස් බලාපොරොතු වෙන්නේ ත්රස්තවාදීන් හමුවුණු FBI කාරයන් ගැන... අදහස් දෙන්නේ ඝෝඨාභය ගැන. මේ ගොල්ලොයි මහලොකුවට රට හරියන ආණ්ඩු තෝරන්න කතා කරන්නේ...
ඇමෙරිකන් නිලධාරීන් ලංකාවට පැමිණියේ යමක් ඉගෙනගෙන යන්නයි. මෙම නිලධාරීන් ලොව පුරාම සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙන ක්‍රම දැනගැනීමෙන් ඇමෙරිකාව තුළ මෙවැන්නක් වැළකීමට උත්සාහ කරනවා. ඔව් ඉතින් ලංකාවේ ඉන්න විශාරදලා කාගෙන්වත් හොඳ දෙයක් ඉගෙන ගන්න කැමති නැහැනේ...
පාර්ලිමේන්තුවේ ඉන්න අයට මොකුත් කරගන්න බැරි නිසානේ
FBI එකෙන් එන්න ඇත්තේ මල්ලිලාට ස්තූති කරන්න වෙන්න ඇති.