‘‘සීමා නිරණ වාර්තාවට විරුද්ධව ඡන්දය දෙනවා ‘‘ නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරිපත් කෙරෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දෙමළ ප්රගතිශීලි සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ‘‘ලංකාදීප‘‘ යට පැවැසීය. 22 August 2018
නුවර වැව රවුමේ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ රන්දෝළි පෙරහර ඇරැඹිමත් සමඟ එය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා නුවර වැව රවුමේ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 25 ක් රාජකාරීයේ යොදවා තිබේ. 22 August 2018
සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත හෙට විවාදයට සුරාබදු සංශෝධන පනත් කෙටුම්පතක් හෙට (23) මැතිසබයේදී විවාදයට ඉදිරිපත් කෙරේ. 22 August 2018
උදර්පණ නීතිය ජනපති යටතට මෙතෙක් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවැති උදර්පණ නීතිය හා ඊට අදාල කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පත්කරගෙන තිබේ. 22 August 2018
වයඹ ඇල - දෙවැනි අදියර කටයුතු 23 දා ඇරඹෙයි එල්ලංගා පද්ධති මගින් සැදුම්ලත් ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය බ්‍රහස්පතින්දා (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී පැවැත්වේ. 22 August 2018
දැරිය අපයෝජනය කළැයි උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ් බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තියක් තුළ දී පාසල් දැරියක් වසර දෙකහමාරක කාලයක සිට අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි උපකාරක පන්ති ගුරුවරයා අද (22) බණ්ඩාරගම සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වන දින යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහේත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 22 August 2018
කැපුම් තුවාල ලැබූ පිඹුරාට සැත්කමක් තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කිරිමෙන් පසු මේ වනවිට හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටින බැව් ගාල්ල වනජිවි සංරක්ෂණ සංගමය පවසයි. 22 August 2018
මරුසිරාගේ මල්ලිගෙන් සතුන් එළවන තුවක්කු දෙකක් මීට වසර කිහිපයකට පෙර බෝගම්බර සිර ගෙදරදි එල්ලා මරා දැමූ සිරිපාල නොහොත් මරු සිරාගේ 64 හැවිරිදි බාල සොයුරා සතුන් පලවා හැරිය හැකි තුවක්කු දෙකක් නිෂ්පාදනය කර ඇත. 22 August 2018
ගාමිණී සෙනරත්ගේ ලිට්රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්‍රථම නඩුව හෙට (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. 22 August 2018
මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන තවම නැතැයි ඒකාබද්ධය කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා මෙම වසරට විමධ්‍යගත ප්‍රතිපාදන වශයෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ 100ක මුදල මේ වනතුරු ලැබී නැතැයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි. 22 August 2018
බහින්බස් වීම රෝහලෙන් කෙළවර වෙයි බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව රයිගම කොතලාවල රේන්දවත්ත පාරේ නිවසකට පොලු මුගුරු රැගෙන කඩා වැදුණු පුද්ගලයන් සිව් දෙනෙකු සිදුකළ පහරදීමකින් නිවෙස් හිමියා බරපතල ලෙස තුවාල ලබා ඇති අතර නිවසට හා වාහන දෙකකට ද අලාභ හානි සිදු වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 22 August 2018
සරසවි සිසු පාගමනට පහරදුන්නැයි සබරගමු සිසුහු වීදී බසිති සිසු අයිතීන් මුල් කරගනිමින් කොළඹදී ඊයේ (21) පැවැති උද්ඝෝෂණයට එල්ල වු ප්‍රහාරය හෙලා දකිමින් සබරගමු සරසවි සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුහ. 22 August 2018
ඉලුක්තැන්න රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් ඉවරයි මීගහකිවුල නගරයට ඉහළින් පිහිටි ඉලුක්තැන්න රක්ෂිතයට අද (22) දහවල් 12.30 ට පමණ කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර කඳුවැටියේ අක්කර 50ක පමන ප්‍රදේශයක් මුලුමණින්ම පිළිස්සී විනාශයට පත්ව ඇත. 22 August 2018
හෙරොයින් සමඟ කතක් අලුත්කඩේදී අල්ලයි හොරොයින් පැකට් 57 ක් සිය යට ඇදුමේ සඟවාගෙන රැගෙන යමින් සිටි කාන්තාවක් අලූත්කඬේ 95 වත්තේ දී අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 22 August 2018
බණ්ඩාරවෙල ජලබවුසර්-ට්‍රැක්ටර් හිමියෝ දීමනා නැතැයි වර්ජනයක උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට දිනපතාම පානීය ජලය ලබාදෙන බවුසර් හා ට්‍රැක්ටර් බවුසර්වල හිමිකරුවන් හා රියදුරන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 22 August 2018
උසස්පෙළ සිසුවිය අපයෝජනය කළැයි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කර ඇති යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනේ උතුරු පළාතේ මන්ති‍්‍රවරයකු අද (22) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. 22 August 2018
චන්ද්‍රා රාජපක්ෂගේ දේහය මැදමුලනට අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය අද (22) උදෑසන තංගල්ල ජයසිරි මල්ශාලාවේ සිට මැදමුලන නිවස වෙත රථ පෙරහැරකින් ගෙන එනු ලැබීය. 22 August 2018
පියාගේ ත්‍රීරෝද රියට යටවූ සිඟිත්තා රෝහලේ සිය පියා විසින් පදවන ලද ත්‍රීරෝද රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක සිඟිත්තෙකු අද (22) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත. 22 August 2018
වතුර සොයා ආ මුවා මස් කළ තිදෙනකු අත්අඩංගුවට දිය පිපාසාවෙන් ගම්වදින වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයින් තිදෙනෙකු කණ්ඩලම වැව් ඉස්මත්තේ මුවෙකු ඝාතනය කොට මස් කරමින් සිටියදී දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 August 2018
ඇමැති සම්බන්ධීකරණ ලේකම්ගේ මහනුවර නිවසේ ගිනි අවි 3 ක් උණ්ඩ 38 ක්-කඩු 6 ක් කැබිනට් අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකුට අයත්ව මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි දෙමහල් නිවසක් ඊයේ (21) අලුයම සෝදිසි කළ මහනුවර දූෂණ මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් ගිනි අවි 3ක් සහ උණ්ඩද, කඩු, ව්‍යාජ වාහන අංක තහඩු සහ මාංචු කුට්ටමක්ද සොයාගෙන නිවසේ සිටි හත් දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. 22 August 2018
මෝටර් රථය පළමු මහලෙන් බිමට වැටීම වැළකෙයි කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් අද (22) උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටීමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුවූ අතර බිම් මාලයේ නවතා තිබූ මෝටර් රියකටද සුළු වශයෙන් හානි සිදුවිය. 22 August 2018
වැලිකඩ කාන්තා රැඳවියන් 61 කට එරෙහි පියවර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ පෙරේදා (20) ඇති වූ කැරැල්ලට සම්බන්ධවූ සහ එය මෙහෙය වූ බවට සැක කරන කාන්තා රැඳවියන් 61කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 22 August 2018
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නියෝජිතයෝ යාපන සංචාරයක බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් වන නීල් කවනාග් මහතා සහ එම අංශයේම ජෝවිතා අරුලානන්දන් මෙනෙවිය ඇතුළු පිරිසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වුහ. 22 August 2018
කාන්තාවන් රට යද්දී පවුල් පසුබිම් වාර්තා ගැනීම ගැන යළි සළකා බලයි කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිමේ වාර්තා ලබා ගැනීම සඳහා ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත. 21 August 2018
විදේශ ණය ගැනීමේ දී ස්වෛරී බැඳුම්කර නිකුත් කිරිමට රජයේ අවධානය විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 21 August 2018
අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පැනවු කුලී ගමන් තහනම අත්හිටුවයි අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 August 2018
ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 21 August 2018
පොලිසියේ තුන් දෙනා ඇල්ලුවේ අත්වැරදීමකින්ලු - උසාවියෙන් මුදාහරී කොල්ලකෑමේ සැලසුමක් ඇතැයි කියමින් අද උදේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 August 2018
මධූෂ්ගේ කොළඹ ඝාතන සිදු කළ යතුරුපැදිකරු දැලේ ප්‍රබල පාතාල සාමාජිකයන් වන මාකදුරේ මධුෂ් සහ මාලිගාවත්තේ කංජිපානි ඉම්බ්රාන් නැමැත්තන් කොළඹ අවට ඝාතනය සඳහා ගන්නා දක්ෂ යතුරුපැදිකරු වැල්ලම්පිටිය ගෝතමී මාවතේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 August 2018
පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන බලපත්‍ර පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදුන්නද පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (21) පැවසීය. 21 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026