ලංගම සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි. 26 February 2019
අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස් රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයෙන් සොයා ගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (26) එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. 26 February 2019
දකුණේ එස්.අයි.යූ බාරයේ තිබූ ආයුධ සේප්පුවට මුද්‍රා තබයි රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් බාරයේ තිබූ අවි ආයුධ සහිත සේප්පුවට අද (25) මුද්‍රා තැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 February 2019
යාපනයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න ඉන්දියාවෙන් කෝටි 25ක් තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවීමට ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළකර තිබේ. 25 February 2019
පොලිස් ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් දෙන්න ගිය අයෙක් අල්ලයි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදා හරින ලෙස ඉල්ලා වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාට රුපියල් 25.000ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අද (25) වැලිකඩ පොලිසිය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොට්ඨාසය කියයි. 25 February 2019
ජාත්‍යන්තර පාසල් සිසුන්ට උ.පෙළට පෞද්ගලිකව අයදුම්කරන්නැයි ඉල්ලයි මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ. 25 February 2019
රථවාහන ස්ථානාධිපති හැප්පූ සිද්ධියේ 5ක් ඇප කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති හප්පා පලා යෑම ගැන තොරතුරු පොලිසියට වාර්තා නොකළැයි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නියම වූ හත් දෙනාගෙන් පස් දෙනකු හෙට තෙක් යළි රිමාන්ඩ් කර තිබේ. 25 February 2019
අල්ලස් ගත්තැයි ගුරු සංගමයක හිමිනමක් ගැන විමර්ශන අල්ලස් ලබාගනිමින් ගුරුමාරු සිදුකරන බවට ගුරු සංගමයක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ලැබී ඇති පැමිණිලි මත විමර්ශනයක් ආරම්භකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 25 February 2019
අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයාත් එකඟ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් වුවත් එය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය. 25 February 2019
අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා කරන්නාගොඩගෙන් පෙත්සමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 25 February 2019
ඕමානයේ රිය අනතුරකින් ලංකාවේ සිව්දෙනෙක් මරුට ඕමානයේ ජෙබෙල් අක්දාර් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලංකික දරුවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි ඕමානයේ පළවන ‘‘ටයිම්ස් ඔෆ් ඕමාන් ’’ සහ ‘‘මස්කට් ඬේලි’’ පුවත්පත් අද වාර්තා කළේය. 25 February 2019
බැඳුම්කර සිද්ධියේ තව සැකකරුවන් සිටී නම් අල්ලන්නැයි නියෝග මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට අලාභයක් සිදුවන ආකාරයට කටයුතු කළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද රහස් පොලිසියට නියෝග කළාය. 25 February 2019
විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් ඉල්ලයි යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මෙන්ම අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප කාර්යාලයක් උතුරේ ස්ථාපිත කළ යුතු බවත් ඒ ආකාරයේ යාන්ත්‍රණයක් තුළින් යුක්තිය ඉටුකළ යුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 25 February 2019
අනතුර ගැන විභාගයට අධිකරණ ශාලාවේ දොරවල් වහයි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හප්පා පලායාම සම්බන්ධ පැමිණිල්ල විවෘත අධිකරණයේ දී කැඳවූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නඩුවේ පාර්ශ්වකරුවන් හැර මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා අධිකරණයෙන් පිටතට යවන ලෙස නියෝග කළේය. 25 February 2019
බොරැල්ල රථවාහන ස්ථානාධිපති හැප්පූ රියදුරු රිමාන්ඩ්:සෙසු පිරිසට ඇප බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රියේ රියදුරු ලෙස කටයුතු කළ නවිඳු ඔමේෂ් රත්නායක මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය 25 February 2019
රත්ගම ව්‍යාපාරිකයින් දෙනොගේ ශරීර කොටස් ඩී. එන්. ඒ. පරීක්ෂණයට රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දමන ලද බව කියන ස්ථානයේ තිබී හමු වූ ශරීර කොටස් අධිකරණ නියෝගය ලැබුණු පසු ඩී. එන්. ඒ. පරීක්ෂණය සඳහා යොමු කරන බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා පැවසීය. 25 February 2019
සිසුවියකට අතවර කළැයි විදුහල්පතිවරයකු අත්අඩංගුවට වයස අවුරුදු 17ක සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ බව කියන කුලියාපිටිය ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ආරංචිමාර්ග පවසයි. 25 February 2019
‘මධූෂ්ගේ’ වෙඩික්කරුගේ නිවසින් හමුදා ඇඳුම් සමඟ ජීව පතොරම් ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 25 February 2019
පොලිස් පරීක්ෂක හැප්පී යැයි වාහන 2ක් - සැකකරුවෝ 8ක් අත්අඩංගුවට බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වාහන දෙකක් සහ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 25 February 2019
රූකාන්තට පහර දුන්නැයි සැකපිට අයෙක් අත්අඩංගුවට ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන පුද්ගලයකු අද(25) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. 25 February 2019
ඥානසාර හිමිගේ නඩුව කල්යයි පොලොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 5 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියම කළාය. 25 February 2019
ලක්ෂ 4 ක සිගරට් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. 25 February 2019
විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව මැයි සිට විභාගයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනාගේ නඩුව මැයි 13 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය. 25 February 2019
ට්‍රැෆික් ඕඅයිසී අනතුරට ලක් කළ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඩිෆෙන්ඩර් රියක හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය සිද්ධියට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි බම්බලපිටිය පොලීසිය කියයි. 25 February 2019
අතුරුදන් වූවන් වෙනුවෙන් උතුරේ කලු කොඩි එසවෙයි අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්යග්රහයන්ට වසර 2 ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) උතුරු පළාත පුරා හර්තාලයක් ආරම්භ කර තිබේ. 25 February 2019
තිනර් බැරලයක් පුපුරා දස හැවිරිදි දරුවෙක් මියයයි පොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී අද (24) තීන්ත ආලේප කිරීමේදී භාවිත කරනු ලබන තිනර් නැමැති රසායනික ද්‍රව්‍ය සහිත බැරලයක් යාන්ත්‍රික කියතක් උපයෝගී කරගෙන කපා දෙකට වෙන් කිරීමට උත්සාහ කරමින් සිටියදී ඒ බැරලය පුපුරා ගොස් අසළ සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියාගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි. 24 February 2019
මානව හිමිකම් යෝජනාවට දැක්වූ අනුග්‍රහයෙන් ඉවත් වීමේ සූදානමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ. 24 February 2019
ග්‍රාම නිලධාරීන්ට වැඩවර්ජන කරන්න බෑ ග්‍රාම නිලධාරී සේවාව ආරම්භ කර ඇත්තේ සාම නිලධාරියෙකු ලෙස බැවින් ග්‍රාම නිලධාරීවරුන්ට වැඩවර්ජනය කිරීමේ අයිතියක් නැතැයි අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (24) ගාල්ලේදී පැවසීය. 24 February 2019
බොරැල්ල රථ වාහන අංශයේ ඕඅයිසී හැප්පූ පුද්ගලයා අත්අඩංගුවට පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. 24 February 2019
සන්ධානය පිහිටුවීම කඩිනම් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගනිමින් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට එම පක්ෂ දෙක හා ඊට සම්බන්ධ සෙසු පක්ෂ තීරණය කර ඇත. 24 February 2019
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026