අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය.