අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. 20 December 2018
ජනවාරියේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් දැනට සිටින පළාත් ආණ්ඩුකාරවරුන් ලබන ජනවාරි මස මුලදී ඉවත් කර අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඊයේ (18) ප්‍රකාශ කර ඇත. 19 December 2018
ඇමැතිවරු 28ක් හෙට දිවුරති - නම් හයක් කැපේ එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 19 December 2018
ජනපති හා අගමැති අතර හදිසි සාකච්ඡාවක් නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැති බව වාර්තාවේ. 19 December 2018
කැබිනට් මණ්ඩලයට 36කගේ නම් ලැයිස්තුවක් යවයි නව කැබිනට් මණ්ඩලය සඳහා පත් කිරීමට යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (19) පස්වරුවේ යවන ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 December 2018
අද්මිරාල්ට එරෙහි විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහි නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුට තර්ජනය කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගත් බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 19 December 2018
කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි කැබිනට් මණ්ඩලයේ පිරිසක් හෙට (20) පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (19) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 19 December 2018
දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයේ පෙනී සිටීමට නියෝග ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව තුළදී ඇතිවූ සිද්ධියට අදාළවූ සී සී ටී වී දර්ශන හඳුනාගෙන ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාට හෙට (20) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) නියෝග කළාය. 19 December 2018
ලංගම - පෞද්ගලික බස් සේවක ගැටුමකින් කොන්දොස්තරවයෙක් මරුට වැලිමඩ - බොරලන්ද මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික බසයේ කොන්දොස්තරවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 December 2018
අල්ලස් ගනිද්දි පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට පොලිස් ක්ෂේත්‍ර බල මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු රුපියල් 50,000 අල්ලසක් ලබා ගනිද්දි අද (19) සැකපිට අත්අංගුවට ගෙන තිබේ. 19 December 2018
ශ්‍රීලනිපයෙන් යන අයට ඇමැතිකම් නොදීම නපුරුකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 December 2018
ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නෑ සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 December 2018
හෙට සිට යළිත් වැසි දිවයින ආසන්න වායු ගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වයක් හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට හෙට (20) සිට තෙදිනක් පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2018
ස්වාමිනාදන් - මාරපන ඇමැතිකම් එපා කියති එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 December 2018
මහින්දගේ පඩියෙන් රුපියල් 3000 ක් තවමත් ශ්‍රීලනිපයට යනවා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වේතනයෙන් රුපියල් 3000 ක් මාසිකව අඩුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදලට යන බවත් ඔහු වෙනත් පක්ෂයක සාමාජිකයකු නම් එසේ නිදහස් පක්ෂයට මුදල් යවන්නේ කුමකට දැයි විමසිය යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 19 December 2018
‘ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ‘ ලියාපදිංචි කිරීමේ යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අනිද්දා (21) ඉදිරිපත් කිරීමට නියමිතය. 19 December 2018
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති වෙනස්වෙයි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී යූ ප්‍රියංකර මහතා හිටපු ජනාධිපති (5) ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ. 19 December 2018
‘අපි පොහොට්ටුවේ සාමාජිකයන් නොවේ‘ තමා, මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පැවසීය. 19 December 2018
කතෝලික රදගුරු සම්මේලනයෙන් නත්තල් පණිවිඩයක් සැබෑ මානව සංවර්ධනයක් සිදුවනුයේ සාමය, සාධාරණත්වය හා අන්‍යෝන්‍ය සුහදතාවයක් පවතින සමාජයක පමණක් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නත්තල් පණිවිඩයෙන් කියයි. 19 December 2018
අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 19 December 2018
ශ්‍රීලංකන් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම, සීමාසහිත කේටරින් සමාගම සහ සීමාසහිත මිහින් ලංකා පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමෙහි නිල කාලය ලබන වසරේ පෙබරවාරි 15 දක්වා දීර්ඝ කර තිබේ. 19 December 2018
එජාපයට ගිය අයට එරෙහිව විනය පරීක්ෂණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කරමින් ඊට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. 19 December 2018
'විපක්ෂ නායකවරු දෙදෙනෙක්' මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර බැවින් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 December 2018
රෝහලේ සිටින දරුවා බැලීමට නාලක ද සිල්වාට අවසර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දරුවකු දැඩි අසනීප තත්ත්වයකින් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු බැලීම සඳහා නාලක ද සිල්වා මහතා රෝහල වෙත රැගෙන යන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියෝග කළේය. 19 December 2018
නාමල් කුමාරගේ රට යැවු දුරකතනයේ දත්ත වාර්තාව අධිකරණයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය. 19 December 2018
නඩු විභාගය අවසන් වන තෙක් නාලක ද සිල්වාට ඇප නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය. 19 December 2018
මන්නාරම් මිනීවළෙන් ගොඩ ගත් සිරුරුවල සාම්පල් ගැනීම ඇරඹෙයි මන්නාරම සමූහ මිනීවළෙන් සොයා ගත් සෙසු අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව සිදුකිරීම සඳහා එහි සාම්පල් ගැනීම ඊයේ (18) සිට ආරම්භ කළ බව එහි කැනීම් බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. 19 December 2018
මුලතිව් වෙරළේ කොටි සංවිධානයට සමාන ධජ එලලා මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති. 19 December 2018
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 19 December 2018
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක නව අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිනයේදී දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 18 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026