බඹරගම දියඇල්ලෙන් වැටී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු අද (25) හවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. 25 December 2018
ගංවතුරෙන් දිස්ත්‍රික් 07ක 82,275ක් පීඩාවට උතුරු පළාතට අමතරව මේ වන විට මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක වැසියන් ජලගැලීම්වලින් පීඩාවට පත්වී තිබේ. 25 December 2018
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණකට සාකච්ඡා ජනවාරියේ සිට ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා ජනවාරි පළමු සතියේ සිට ආරම්භ කරන බව මනෝ ගනේෂන් මහතා පැවැසීය. 25 December 2018
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි. 25 December 2018
'උතුරේ අවතැන්වූවන්ට කඩිනම්න් සහන ලබාදෙන්නැ'යි අගමැති කියයි මුලතිව්ල කිලිනොච්චි සහ මන්නාරම ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක වල ඇතිවි තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලූ සහන වහාම සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි තිබේ. 25 December 2018
මහින්ද ජනවාරීයේදී විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 25 December 2018
වෙඩි තැබීමකින් කාබුල් නුවර 28ක් මරුට තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගොඩනැගිල්ලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පවසති. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 25 December 2018
අසිරිමත් නත්තල උදාවෙයි ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳානන්ගේ උපත සමරන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රී 12ට උදා විය. 25 December 2018
බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති. 25 December 2018
රැඳවියෙක්ට මත්පැන් බොතල් දුන් වෛද්‍යවරයාට බන්ධනාගාර රෝහල තහනම් කරයි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට මත්පැන් බෝතල් දෙකක් ලබාදුන් බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට අද (24) සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ බන්ධනාගාර ආශි‍්‍රත කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීම තහනම් කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා අද (24) පැවසීය. 24 December 2018
එමිල් රංජන් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැදවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ රඳවා සිටින, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය. 24 December 2018
සිරකරුවන්ට හෙරොයින් රැගෙන ආ ඖෂධ සංයෝජක රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විකිණීම සදහා වේදනා නාශක බෙහෙත් කරල් 19ක් තුළ සඟවා හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් 30ක් බන්ධනාගාරයට රැගෙන ආ බව කියන බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් කේ. වයි. පෙරේරා මහතා අද (24) නියෝග කළේය. 24 December 2018
‘ ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුදැයි තවම තීරණයක් නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව ඉදිරියේදී ගොඩනගන පුළුල් දේශපාලන සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 24 December 2018
විපක්ෂයක් ලෙස ශක්තිමත්ව මැතිවරණවලට මුහුණදීමට එජනිසයේ තීරණයක් විපක්ෂයක් ලෙස ශක්තිමත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව අද (24) තීරණය කර ඇත. 24 December 2018
ත්‍රීවීල් ගාස්තුවත් පහළට ත්‍රීරෝද රථ ගාස්තුව ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ( 24) පැවසීය. 24 December 2018
නව කැබිනට් මණ්ඩලයේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රමාද වන ලකුණු නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 December 2018
සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට වේදනා නාශක බෙහෙත් කරල් 19 ක අඩංගු ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 24 December 2018
නව වසරේ පළමු කැබිනට් රැස්වීම 2වැනිදා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පළවූ කැබිනට් රැස්වීම දෙසැම්බර් 20වැනිදා පෙරවරුවේ පැවැත්වූ අතර එය විනාඩි 20කට පමණ සීමා විය. 24 December 2018
‘කල්පිටිය කතුන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගුයි’ කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි. 24 December 2018
ජනපති-ආසන සංවිධායකවරුන් අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 24 December 2018
‘අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා’ ජනතාවට සිතාගන්නට බැරි අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) පැවැසීය. 24 December 2018
මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත. 24 December 2018
පළාත් කිහිපයකට අදත් වැසි උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල අද (24 ) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2018
කුලප්පු වූ අලියා ඇත්ගොව්වා මරා දමයි කරන්දෙණිය 6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැරේ ගමන් කරමින් සිටි අලියකු අද (24) අලුයම කුලප්පු වී ඇත් ගොව්වා මරා දමා තිබේ. 24 December 2018
බසයක ගැටී අලියෙක් මරුට පුත්තලම , අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බස් රියෙහි කොන්දොස්තරවරයා තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 24 December 2018
ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. 23 December 2018
කැබිනට් මණ්ඩලය 30ද 32ද යන්න නීතිපතිගේ මතය විමසයි නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පැන නැගි ඇතැයි වාර්තාවේ. 23 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026