සුනඛයින් මරා දැමූ මුරකරුවෙක් රිමාන්ඩ් කොබෙයිගනේ, හෙන්ගමුව ප්‍රදේශයේ මහා පරිමාණ කුකුළු ගොවිපළක සුනඛයන් මරා දමන බවට වූ සිද්ධියේ සැකකාර මුරකරු පෙබරවාරි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියෝග කළාය. 20 January 2020
එජාපෙ සියලු ආසන සංවිධායකවරු හෙට කොළඹට විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (21) කොළඹට කැඳවීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර තිබේ. 20 January 2020
විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවති. 20 January 2020
කෙහෙළිය - හීන්කෙන්ද දූෂණ නඩුවෙන් නිදහස් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද දූෂණය නමැති චෝදනාවට අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 20 January 2020
හිටපු මහාධිකරණ විනිසුරුවරිය කොළඹ අපරාධ කොට්ඨාසයට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 20 January 2020
හිටපු ඇමැති ෆවුසි ගොනුකළ පෙත්සම මාර්තුවේදී විභාගයට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා ගොනු කළ පෙත්සම ලබන මාර්තු 23 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කරන ලදී. 20 January 2020
‘හිටපු ජනපති-අගමැති වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ’ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. 20 January 2020
ජලය හොරෙන් ගත්තොත් වසර දෙකක් සිරගත කළ හැකි කෙටුම්පතක් ජලය හොරෙන් ගන්නා පුද්ගලයින්ට මින් ඉදිරියට දඩ පමණක් නොව වසර දෙකකට නොවැඩි සිර දඩුවමක්ද නියම කරන බවත් ඊට අදාළ කෙටුම්පත මේ වන විටත් සකක් කර අවසන් බැවින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය. 20 January 2020
බිබිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙනා උපකරණ වසර 10ක් ගබඩාවල බිබිල මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ලේ, දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීම සඳහා ගෙනා කෝටි ගණනක වෛද්‍ය උපකරණ වසර 10ක් තිස්සේ රෝහලේ ගබඩා කාමරයක තබා ඇති බව වෛද්‍ය අධිකාරී හර්ෂ දසනායක මහතා පැවසීය. 20 January 2020
හේමසිරි-පූජිත් 3 වැනි දා තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය. 20 January 2020
ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට ගලිගමුව පාසල අසලදී ත්‍රිරෝද රථයක් හා බසයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරින් අද (20) දෙදෙනෙකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 20 January 2020
රනිල් - කරු තීරණාත්මක හමුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රී කොළඹදී පැවැත්විණි. 20 January 2020
කළු කොටියෙක් වසර ගණනකට පසු යළි මතුවෙයි මෙරට ජීවත්ව සිට වඳවී ගියා යැයි විශ්වාස කළ කළු කොටියකු සිරිපා අඩවිය ආසන්නයෙන් සොයාගත හැකිවූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 20 January 2020
රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ ගෙන්වයි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 19 January 2020
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුනු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇඹිලිපිටිය මහධිකාරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් අද (19) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. 19 January 2020
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර සී.ඒ. චන්ද්‍රප්‍රේමට ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ නම යෝජනා වී ඇත. 19 January 2020
නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන් නඩත්තුව හැකි අයට දෙන්න යයි අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන්, නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට ලබාදී දැනට පවරා ඇති නඩු කටයුතු අවසන් කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත. 19 January 2020
ටිපර් - බස් රථ ගැටුමෙන් සිව්දෙනෙක් මරුට තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ඉදිරිපිට දී අද (19) රාත්‍රී 9.00ට පමණ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු මියගොස් ඇතිබව හුංගම පොලිසිය පවසයි. 19 January 2020
සමූහ සත්ත්ව ඝාතන පාරාවළල්ලක් වේවි මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී අද(19) පැවැසීය. 19 January 2020
යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිලයකින් 80ක් මරුට යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් භටයන් 80ක් පමණ ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 19 January 2020
ජල ඒකක 15 ට වැඩි පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු ඉහළට ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට අද (19) පැවැසීය. 19 January 2020
විදේශ රැකියා ඒජන්සි ලියාපදිංචිය අලුත් කරද්දී පොලිස් වාර්තා කැඳවන්න උපදෙස් විදේශ රැකියා ඒජන්සිවල ලියාපදිංචිය අලූත් කරනවිට පොලිස් වාර්තා කැඳවන ලෙස විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත. 19 January 2020
ෂබානා අස්මි රිය අනතුරක භාරත සිනමාවේ පරිණත නිළියක වන ෂබානා අස්මි මහත්මිය මුම්බායි- පූනේ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. 19 January 2020
මී මුනුබුරා නොදැක මහ රැජිනත් ශෝකයෙන් එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ. 19 January 2020
සෑම අමාත්‍යාංශයකටම සේවක සබඳතා සහකාර ලේකම්වරයෙක් සෑම අමාත්‍යාංශයකටම වෘත්තීය සමිති හා සේවක සබදතා සඳහා සහකාර ලේකම්වරයකු බැගින් පත් කිරිමට රජය තීරණය කර ඇත. 19 January 2020
පේරාදෙණිය සරසවියෙන් බත්කොළ ඉවතට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් මුල් වී විශ්ව විද්‍යාල භූමිය බත් කොළ භාවිත නොකරන පෙදෙසක් බවට පත් කර ඇත. 19 January 2020
සභානායක ලේකම් ධුරය හර්ෂ විජේවර්ධනට පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ධූරයට කේ.ජී. හර්ෂ විජේවර්ධන මහතා පත්කරනු ලැබ සිටී. 19 January 2020
‘ජනතාවට - පාර්ලිමේන්තුවට හොරෙන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ‘ තම ආණ්ඩුව මොනම හේතුවකටවත් ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරොන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 19 January 2020
ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසියි අග්‍රාමාත්‍ය කාර්යාලයේ කොටසක් වශයෙන් ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 19 January 2020
ගුවන් තොටුපළ සෞඛ්‍ය ඒකකය සීරුවෙන් චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් උණ රෝගීන් ශ්‍රී ලංකාවට පැමිණේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 19 January 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026