‘පුලතිසි’ හෙට සිට ගමන් අරඹයි කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2019
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 September 2019
බ්ලූ මැන්ඩල් සංඛ 24 දක්වා රිමාන්ඩ් දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (10) නියෝග කළාය. 10 September 2019
කුඩු රොෂාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය නියෝග කළාය. 10 September 2019
කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක් වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 10 September 2019
පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී- 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවේ පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 10 September 2019
රනිල් - සජිත් - කරූ අද හමුවෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 10 September 2019
ටී - 56 ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පලායයි වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (9) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි. 10 September 2019
රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. 09 September 2019
ගෝඨාභයට එරෙහි නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරයේ ගැටළුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර මහාධිකරණයේ ගොනු වී ඇති අධි චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය වැරදි සහගත බැවින් එම නඩුව පත්වාගෙන යා නොහැකි යැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 09 September 2019
සජිත් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 09 September 2019
පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ජනපති සටනට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැබීය. 09 September 2019
අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 12 වැනිදා පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත. 09 September 2019
ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක් ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයකු පත්කිරීමත් සමග ආයතන අභ්‍යන්තරයෙහි විශාල අර්බුදයක් හටගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 09 September 2019
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (09) තීරණය කළේය. 09 September 2019
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ චීන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆෝර්ම් ’’ හෙවත් යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව චීනයේ ෂියෑන් නුවරදී හෙට (10) ආරම්භ කෙරේ. 09 September 2019
සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා පත් කර තිබේ. 09 September 2019
ගෙවල් බිඳුම් කළ ලියාපදිංචි අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට වත්තල , රාගම, කිරිබත්ගොඩ, කැලණිය අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ ගෙවල් බිඳ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනකු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 09 September 2019
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්භ කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (9) තීරණය කළේය. 09 September 2019
රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ් රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කළේය. 09 September 2019
ජනපතිවරණය ගැන තීරණ ගන්න මැතිවරණ කොමිසමට හෙට සිට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ. 09 September 2019
තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මිල මේ සතිය තුළම තීරණය කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (09) පැවැසීය 09 September 2019
තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ 100 කට නඩු තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. 09 September 2019
කරාපිටියේ සිටි හොර දොස්තර අල්ලයි කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්අඩංගුවට ගත් බව කරාපිටිය රෝහල් පොලීසිය කියයි. 09 September 2019
කංජිපානි ඉම්රාන් 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටි මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් ලබන 20 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය. 09 September 2019
පරිපාලන නිලධරයෝ හෙට - අනිද්දා ලෙඩ වෙන්න යති ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටින බව එම සංගමය පවසයි. 09 September 2019
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක් උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත. 09 September 2019
ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් ප්රඥප්තියක් ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්රඥප්තියක් සැකසීමට පියවර ගන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා අද(9) පැවැසීය. 09 September 2019
ආබාධිත රණවිරු පවුල් එකමුතුවේ විරෝධතාවයක් සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු පවුල් එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් අද (9) ගාලු මුවදොර දී පැවැත්වේ. 09 September 2019
බළන්ගොඩ හුණුගල් පොකුණු බලන්න යන්න ටිකක් ඉවසන්න බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි. 09 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026