රුසියාවේ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සීමාව පසුකරමින් ආසාදිතයන් සංඛ්‍යාවෙන් ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව ආසාදන 8,946ත් සමඟ මේ වනවිට රුසියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 353,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාවේ සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,633කි.
රුසියාවේ කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසන්නේ පසුගිය පැය 24 තුළ පමණක් මරණ 92 ක් සිදුවී ඇති බවයි.
ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,686,436 කි. ආසාදිතයින් 365,213 ක් වාර්තා කරමින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත.
සිකුරාදා (22) ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වෙන්නේ සෑම නිරෝගී රුසියානුවන් හත් දෙනකුගෙන් එක් අයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවයි.
මොස්කව් නගර සීමාවේ ලොක් ඩවුන් නියෝගයන් කඩ කරන පුද්ගලයින්ට දඬුවමක් ලෙස පැය 100 ක කාලයක් දක්වා රෝහල්වල සමාජ සේවා කටයුතු සඳහා යොදවන බව නගර ආරක්ෂක අංශය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd